IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නොදන්නා වෙළෙඳාමකට ගිහින් අතිනුත් කාලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
බෙලි ගෙඩි වෙළෙදාමට අමතරව පුවක් වෙළෙදාම් කිරීමට ගොස් අතේ තිබුණු තට්ටු දෙකත් අහිමි කර ගත් බෙලි වෙළෙන්දකු පිළිබඳ පුවතක් කෑගල්ල නගරයෙන් ඉකුත් 23 වැනිදා වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


සිද්ධියට මුහුණ පා ඇති බෙලි වෙළෙන්දා කෑගල්ල මොරොන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාලයක සිට ගම්මානවලට උදෙන්ම ගොස් බෙලි ගෙඩි කඩාගෙන පොදු ප්‍රවාහනවලින් කෑගල්ල නගරයට ප්‍රවාහනය කර පදික මංතීරුවක බෙලි ගෙඩි හතර පහ බැගින් ගොඩවල් කර එක ගොඩක් රුපියල් 100 ට අලෙවි කරයි. හැන්දෑ වනවිට උපයා ගත් මුදලින් කෑමට වුවමනා අඩුම කුඩුම ගෙන ගෙදර යයි. 


ඉකුත් 23 වැනිදා සුපුරුදු පරිදි කෑගල්ල ප්‍රදේශයේ බෙලි ගසකින් බෙලි ගෙඩි 70 ක් 80 ක් පමණ කඩාගෙන දහවල් කාලයේ කෑගල්ල නගරයේ පදික මංතීරුවක අලෙවි කරමින් සිටින අවස්ථාවේ පුවක් උරයක් ගත් පුද්ගලයෙක් බෙලි වෙළෙන්දා අසලට පැමිණියේය. ”‍ මේ උරේ හොඳට ඉදුණු පැහුණු පුවක් ගෙඩි 600 ක් තියෙනවා. මේ පුවක් ගෙඩි 600 ම මම රුපියල් 1700 කට දෙනවා යැයි පැවැසීය. බෙලි වෙළෙන්දා උරය විවෘත කර පුවක් ගෙඩි කිහිපයක් අතට ගෙන බැලුවේය. ”‍ ආ නියම පුවක් ටිකනේ එහා පැත්තේ රබර් කඩේට දීලා මට අමතරව වැඩි මුදලක් නිකම්ම ගන්න පුළුවන් යැයි සිතුවේය. පුවක් ගෙනා පුද්ගලයාට බෙලි අලෙවි කර ගත් මුදලින් රුපියල් 1700 ක් දී පුවක් ටික මිලට ගත්තේය.  පුවක් ගෙනා පුද්ගලයා එතැනින් බැහැර ගියායින් පසුව බෙලි වෙළෙන්දා මීටර් 50 ක් පමණ ඈතින් පිහිටි සුළු අපනයන බෝග මිලට ගන්නා වෙළඳසැලකට ගොස් පුවක් ගෙඩි 600 වෙළෙඳසැලට දුන්නේ ප්‍රීතියෙන් ඉපිල යමිනි.  වෙළඳසැල් හිමියා පුවක් 600 ලොකු කුඩා ලෙස වෙන් කර ගණන් හදා රුපියල් 1 560 ක මුදලක් බෙලි වෙළෙන්දා අත තැබීය. මුදල් ගණන් කර බැලූ බෙලි වෙළෙන්දා පුවක් මිලට ගත් වෙළෙන්දාගෙන් ගණන් හිලව් පිළිබඳ විමසීමක් කළේය. ”‍  මුදලාලි දැන් පුවක් මිල හොඳටම බැහැලා. මට ගන්න පුළුවන් උපරිම මිලට තමයි ගත්තේ. අකැමැත්තක් තියෙනවා නම් ආපසු මුදල් ටික දෙන්න එතකොට පුවක් ටික දෙන්නම් යැයි පැවසුවාය.  බෙලි වෙළෙන්දා පුවක් වලින් රුපියල් 140 ක් පාඩු ලබාගෙන බෙලි අලෙවි කරන තැනට පැමිණ අසල්වැසි පුද්ගලයකුට මේ සම්බන්ධයෙන් කියා තිබුණේ සොයා නොබලා වැඩ කිරීමට ගොස් ඇති වූ පාඩුව ගැන තමන්ටම දොස් පවරමිනි.

 



අදහස් (0)

නොදන්නා වෙළෙඳාමකට ගිහින් අතිනුත් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site