IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නොදැන වෙළෙඳාමට ගිහින් තිබුණු තුට්ටුවත් නැතිකරගෙන

නොදැන වෙළෙදාම් කරන්න ගිහින් අතේ තිබුණු තුට්ටු දෙකත් නැති කර ගත් දෙල් වෙළෙන්දකු පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ නගරයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 45 හැවිරිදි තිදරු පියෙක් පදිංචිව සිටී. දෑතේ රැකියාවක් නොමැති මෙම තිදරු පියා කාලයක සිට පෙදරේරු අත් උදව්කරුවකු ලෙස ප්‍රදේශයේ රැකියාවක් කර උපයා ගන්නා සොච්චම් මුදලින් බිරිද පාසල් යන දරු තිදෙනා ද පෝෂණය කර තමාද හැන්දෑවට පුංචියට උගුර.කට තෙමාගෙන ජීවත් වෙමින් සිට තිබේ. සිමෙන්ති වැලි ගඩොල් බාස් ගෝල මුදල් ද පසු ගිය කාලයේ අධික ලෙස ඉහළ යාමෙන් තිදරු පියා කුලී වැඩක් නොමැතිව එදා වේල දිවි ගැට ගහගෙන ද ඇත්තේ බොහොම අමාරුවෙනි. එන්න එන්නම දවසින් දවස නිවසේ අගහිගකම් වැඩි වෙද්දී ඇතැම් දිනවල බිරිඳ දරුවන් සමග එක වේලක් සම්බෝලයි බතුයි කාපු අවස්ථාද විය.
කීයක්වත් සොයා ගැනීමට බැරිම තැන ඉකුත් දිනෙක අල්ලපු ගමේ නිවසක් ඉදිරිපිට තිබුණු දෙල් ගහක පැසී තිබුණු දෙල් ගෙඩි ටිකක් දුටුවේය. දෙල් ගස අයිති නිවසට ගිය තිදරු පියා නිවසේ අගහිගකම් සම්බන්ධයෙන් නිවැසියන්ට පැවසීය. දෙල් ගසේ පැසී ඇති දෙල් ගෙඩි ටිකක් මුදලකට කඩාගෙන අලෙවි කර කීයක් හරි සොයා ගැනීමට අවශ්‍ය බව දෙල් ගසේ හිමිකාරිය ගෙන් තිදරු පියා බැගැහැපත්ව ඉල්ලීමක් කර සිටියේය. 


ගෙඩියකට අන්තිම රුපියල් 75ක් අවශ්‍ය බව කාන්තාව තිදරු පියා හමුවේ පැවසුවාය. රුපියල් 120 ගානේ අලෙවි කර ගත හැකි යැයි සිතා දෙල් ගසට නැග ගෙඩි 60 ක් කඩාගෙන අලෙවි කර මුදල් ගෙනත් දෙනවා යැයි පවසා දෙල් ගෙඩි ටික රැගෙන පෙරවරු 11 ට පමණ කෑගල්ල නගරයට ගියේය. රුපියල් 120 ගානේ දෙල් ටික විකුණා රුපියල් 7200 මුදලක් සොයා ගත් තිදරු පියා දෙල් හිමිකාරියට රුපියල් 4500 ක් ගෙවීමට වෙන් කිරීමෙන් පසුව රුපියල් 2700 ක මුදලක් ලාභයක් ලෙස  ඉතිරි කර ගත්තේය.
 සුළු මොහොතකින් අසලින් පුවක් කවරයක් කර තියාගෙන යන පුද්ගලයෙකු දෙල් වෙළෙන්දා දුටුවේය. අයියේ පුවක් විකුණන්න දැයි ඇසුවේය. ‘‘ඔව් පුවක් ටික විකුණනවා’’ මිල ගණන් නොදත් දෙල් වෙළෙන්දා පුවක් ගෙඩියක් රුපියල් 10 ගානේ ගෙන තවත් තැනකට ඊට වඩා වැඩි මුදලකට දිය හැකි යැයි සිතා දෙල් වෙළෙදාම් කර ගත් රුපියල් 2700 ත් දෙල් හිමිකාරියට දීමට තබා ගත් මුදලින් රුපියල් 300 ක් ගෙන රුපියල් 3000 ක් සාදා පුවක් වෙළෙන්දාගේ පුවක් ටික ද මිලට ගත්තේය.
පුවක් කවරය කර තියා ගත් දෙල් වෙළෙන්දා පුවක් ටික වෙළෙදසැලකට දීමට රැගෙන ගිය අවස්ථාවේ දී පුවක් මිල හොඳටම පහළ බැස ඇති බව දැකීමෙන් දෑත් දෙක ඉනට තබා කල්පනා කළේය. අවසානයේ කර කියා ගත හැකි දෙයක් නොමැති තැන පුවක් ගෙඩියක් රුපියල් 5  බැගින් පුවක් ගෙඩි 300 ට රුපියල් 1500 ක් ගත්හ. දෙල් කඩා විකුණා  උපයාගත් රුපියල් 2700 ලාභයෙන් ක්ෂණයකින් රුපියල් 1500 ක් පාඩු කර ගත් දෙල් වෙළෙන්දා  නොදන්න වෙළෙදාමට යළි කිසි දවසක නොයන බව සිතා ආපසු නිවස කරා ගියේ දැන වෙළෙදාම නොදැන ගොවිතැන යනුවෙන් කියමනක් ඇති බව සිහි කරමින්ය.

කෑගල්ල අධිකරණ  චමින්ද වැවතැන්න

 



අදහස් (0)

නොදැන වෙළෙඳාමට ගිහින් තිබුණු තුට්ටුවත් නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 481 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site