IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නෝනාගෙ කනෙන් රිංගලා ටීවි එක හොර පාරක යවලා

  • පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි

පරණ එකට අලු‍ත් එකක් භාණ්ඩ හුවමාරු ක්‍රමය උපයෝගී කරගත් පුද්ගලයකු   තම නිවසේ තිබූ පැරණි මාදිලියේ රූපවාහිනී යන්ත්‍රය සිය අනියම් බිරිඳගේ නිවෙසට ⁣පරිත්‍යාග කිරීමක් පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

අක්කර තුන හතරක පමණ තේ ඉඩමකට හිමිකම් කියන හෙතෙම තම විවාහක බිරිඳට කොකා පෙන්වා, ඉඩමේ තේ දලු‍ කැඩීමට එන කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නේ කලක සිටය.

විවාහක බිරිඳට  සහ දරුවන්ට සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරන මේ පුද්ගලයා තම අනියම් බිරිඳගේද අවශ්‍යතා සපුරා දීමට ඊට නොදෙවෙනි උත්සාහයක යෙදෙයි.

මේ අතර අනියම් බිරිඳගේ නිවසෙහි තිබූ පැරණි රූපවාහිනි යන්ත්‍රය පසුගිය දිනෙක සිට අක්‍රීයවී ඇති බව පසුගිය දිනෙක ඔහු එහි ගොස්  සිටියදී පෙනුණි. රූපවාහිනි යන්ත්‍රය නරක්වීම ඔහුටද බලවත් පාඩුවකි. ඒ ඔහුගේ නිවෙසට වඩා ඔහුද රූපවාහිනි නරඹන්නේ අනියම් බිරිඳගේ නිවසේදී බැවිනි.  

මේ අවස්ථාවේ විශාල මුදලක් වැය කර අලු‍තෙන් රූපවාහිනි යන්ත්‍රයක්   මිලදී  ගෙනදීම කිසිසේත්ම කළ  නොහැකිය. ඊට හේතුව  තේ වත්තේ ආදායම්  වියදම් පිළිබඳව  බිරිඳ දැන් වෙනදාට වඩා ඇස ගසාගෙන සිටින බැවිනි.

මේ ප්‍රශ්නය පිළිබඳව කල්පනා කරමින්  සිටි ඔහුට නිවසේ  ඇති පැරණි මාදිලියේ රූපවාහිනි යන්ත්‍රය රැගෙන ඊට කිසියම් මුදලක් අඩුකර නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට හැකියාවක් ඇති බවට තොරතුරක් පසුගිය කාලයේ ඇසුණු බවක්  සිහිපත් විය.

ඒ අනුව පසුගිය දිනෙක ඔහු සිය බිරිඳ අමතා  “මේ ටී.වී. එක අපේ ගෙදරට එච්චර ගැළපෙන්නේ නැහැ, අපි මේක කඩේට දීල අර බිත්තියෙ එල්ලන අලු‍ත් වර්ගයේ එකක් ගෙනෙමු”‍ යැයි කීවේ සැලසුමක් හිත යට තබාගෙනය.

බිරිඳගෙන් ඊට විරෝධයක් එල්ල නොවීම ඔහුගේ බලවත් සතුටට හේතු විය.

පසුදින උදෑසනම  රූපවාහිනිය ත්‍රිරෝද රථයේ පටවාගත් හෙතෙම ‘‘නෝනේ මම පරණ එක දීල අලු‍ත් එකක් ගේන්න යනවා...”‍ කියාගෙන  කෙළින්ම ගියේ අනියම් බිරිඳගේ නිවසටයි.

එහි  ⁣රූපවාහිනි යන්ත්‍රය තැබූ හේ  නගරයට ගොස් නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍රයක් මිලදීගෙන උජාරුවෙන්  නිවෙසට පැමිණියේය.

වැඩි දවස් ගත නොවිණි. දලු‍ කැඩීමට එන වෙනත් කාන්තාවක දුන් තොරතුරකින් සැමියා මෙවරද තමන්ගේ කනෙන් රිංගා ඇති බව බිරිඳට සක්සුදක් සේ පැහැදිලි විය.

වෙනදා මෙන් එදිනද එම නිවසෙන් ත්‍රාසජනක ටෙලි නාට්‍යයක දෙබස් හුවමාරු වන හඬක් අසල්වැසියන්ට  ඇසුණා ලු‍.



අදහස් (0)

නෝනාගෙ කනෙන් රිංගලා ටීවි එක හොර පාරක යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 306 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 346 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 606 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 639 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1083 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 908 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site