IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නෝනාගේ කලින් විවාහ සහතික තුනක් සැමියාට අහුවෙලා

(උණවටුන - ඞී.ජී. සුගතපාල)

මේ වනවිට ඇයගේ වයස අවුරුදු විසි අටකි. රූමත්ය. නිතරම රූපලාවන්යි උපකරණ ද පාවිච්චි කළාය. බාලවයසේ සිටම නිල් චිතර ස පටිවලට ද ඇබ්බැහි වූ ඇය වයස දාහතේදී කොළඹ පරි කදේශයේ තරුණයෙකු හා විවාහ වූවාය. එසේ විවාහ වූයේ 2005 වසරේය. එම විවාහයෙන් ඇය දරුවකු පරුද සූත කළාය.

එම විවාහය පැවැතියේ වසර දෙකකටත් අඩු කාලයකි. සැමියා විදේශ රැකියාවක් සඳහා ගිය අතරේ 2007 වසරේදී ඇය ගම් පළාතේ පුද්ගලයෙකු සමග දෙවන වරටත් විවාහ වූවාය. එම විවාහයෙන් දරුවන් පරපළ සූත නොකිරීමට ඇය වගබලා ගත්තාය. එහෙත් එම සැමියා ද ඇයගේ හිතට හරි ගියේ නැත. වසර තුනකින් විවාහය කෙළවර විය.

ඇය තුන්වැනි වරටත් විවාහ වූවාය. එසේ විවාහ වූයේ 2010 වසරේය. පෙර දෙවතාවක්ම ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැන සිට නැත. තුන්වන සැමියා සමග ද ඇය සිටියේ ඉතා කෙටි කාලයකි. වසර තුනකින් ඇයගේ තුන්වන විවාහය ද කෙළවර විය.

මේ අතර දිනක් ඇය එක්තරා අර්ධ රාජ්ය් ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත්තාය. ඇයගේ රූමත් සිරුරට ඔහුගේ සිතේ ද ආදරයක් ඇති විය. ඇය තමාගේ බිරිය කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි ඔහු සිතුවේය. එම සිතිවිල්ල පල දැරුවේය. ඇයගේ යටි සිත ද සතුටින් පිරී ගියේය.

ඒ අනුව 2014 වසරේ දිනක ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කළේය. ඒ, ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැත. කෙසේ නමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු පර. වසූත කළාය. ටික කලක් යනවිට ඔවුනගේ විවාහය දෙදරා යාමට පටන් ගත්තේය. ඇය ඔහු සමග නිතර නිතර රණ්ඩු සරුවල් කර ගත්තාය. මේ අතර ඇයගේ පෙර වැරදි රැුසක් ද ඔහුගේ කණට වැටෙන්නට විය.

ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. ඔහු එසේ පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුන ද සොයා ගෙනය. තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටියේය. පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව ගාල්ල මහේස්තරාොලිත් අධිකරණයේ නඩු පවරන බවය.

 



අදහස් (6)

නෝනාගේ කලින් විවාහ සහතික තුනක් සැමියාට අහුවෙලා

දක්ෂිණ ගාල්ලගේ Friday, 25 August 2017 03:51 PM

දකුණේ කෙනෙක් තමයි එහෙනම්...

:       108       378

කොළඹ හාදයාWednesday, 30 August 2017 02:32 AM

ඇයි දකුණේ උතුරේ කියලා සිංහල උන් මරා ගන්නේ මොඩ මිනිසුනේ......... දෙමළ මුස්ලිම් අය දිනන්නේ ඔයා වගේ මෝඩ උගත් මහත්වරු නිසා තමයි.

:       1       10

රෝහණ මාතරගේ Saturday, 26 August 2017 02:38 AM

ඔව් ඔව් ගාල්ල උසාවියේ නඩු දාන්න ඇත්තේ මෙයා දකුණේ කෙනෙක් හින්දා තමයි

:       2       39

බණ්ඩාර(කැකිරාව) Saturday, 26 August 2017 04:22 AM

මේ වගේ නෝනලා තව අකොච්ච්ර ඇතිද ලංකාවේ . දකුණේනම් දුසින් ගනම් ඇති,එහෙම කීවට උතුරේත් නැතුවම නොවෙයි..මෙහෙම දේවල් සිදිවෙන්න එක හේතුවක් සංචාරක කර්මාන්තය, මන්ද බටහිර මිනිසුන් කරන බොහෝ දේවල් ලංකාවේ අයත් කරන්න උත්සහ කිරීමයි...

:       78       72

frank Monday, 28 August 2017 12:23 PM

මට බැරිද අැගේ 5 වැනි ස්වාමි පුරුෂයා වෙන්න.

:       40       6

sahan Thursday, 31 August 2017 12:55 PM

ගාල්ලේ උසාවියේ නීතිවේදී මහත්වරු දැන් ඉතින් නඩුව බලවයි

:       0       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 63 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 768 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 776 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1138 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9459 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site