IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නෝනාගේ ත‍්‍රීරෝද ගාස්තුව යාචකයාගෙන්

හදිසි අවශ්‍යතාවකට මුදල් ලබාගැනීම සඳහා කුලී රථයකින් බැංකුවකට ගිය කාන්තාවක් රියැදුරු අමතා කුලී මුදල් රැගෙන එනතුරු රැුඳී සිටින්නැයි කියද්දි ඒ අසල සිටි යාචකයකු ඉදිරිපත් වී බැංකුවෙන් ගන්නා තෙක් ණය මුදලක් දීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.

සිද්ධිය සැකෙවින් මෙසේය.

ජනාකීර්ණ නගරයක පිහිටි බැංකුවක් වෙත කුලී මෝටර් රථයකින් කාන්තාවක් පැමිණ ඇත. කුලී රථ රියැදුරා ඉල්ලූ මුදල දීමට තරම් මුදලක් ඇය අත නොතිබූ නිසා මොහොතක් බැංකුව ළඟ රථය ගාල්කරගෙන සිටින්නැයි කියා තිබේ. ඒ අනුව රියැදුරු රථය පාරේ අයිනකට ගනිද්දී ඒ අසල සිටි යාචකයෙක් කතා කර ”නෝනා කීයද ඉල්ලන්නේ මෙන්න තුන්සීයක් තියෙනවා.

ඒක දීලා එයා යවන්න. නෝනා මට බැංකුවට ගිහින් ඇවිත් දෙන්න කමක් නෑ” කියා ඇත. යාචකයාගේ පිහිටෙන් කුලී රථ රියැදුරා පිටත්කර පසුව බැංකුවට ගොස් මුදල් ලබාගෙන කළ උදව්වට වැඩිපුර ගානකුත් දීමට කාන්තාව උත්සාහ කර ඇතත්, යාචකයා එය බාරගෙන නැත.

”ඔයා අහිංසකයෙක් වුණත් මට ලොකු උදව්වක් කළා. තියන කෙනෙක්වත් මේ වගේ උදව්වක් කරන්නේ නෑ. මං ළඟ තිබුණු රුපියල් දාහේ නෝට්ටුව කවුරුවත් මාරු කරලා දුන්නෙත් නෑ. ලොකු උදව්වක් කළේ. තව ටික වේලාවක් කුලී රථය නතර කරගෙන සිටියා නම් මට තව ගානක් ගෙවන්නත් වෙනවා” කියා කාන්තාව යාචකයාට නොසෑහෙන්න ස්තුති කර පිටව ගොස් ඇත්තේ මේ සමාජයේ ඉන්න යහපත් මිනිස්සු මේ තත්ත්වයට වැටුණේ කොහොම දැයි සිතාගන්න බැරිවලූ.



අදහස් (0)

නෝනාගේ ත‍්‍රීරෝද ගාස්තුව යාචකයාගෙන්

රිචි බාලසුරිය Saturday, 20 February 2016 09:05 AM

අද ලංකාවේ හිඟන්නන් ලෙස ඉන්නා අය, ලංකාවේ මධ්‍යම පන්තියේ කෙනෙකුට වඩා ආදායමක් සොයනවා (නි)

:       0       0

ක්‍රිස් Sunday, 21 February 2016 02:37 PM

ඒ යාචකයා උගත් වැදගත් කෙනෙක්. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 20 February 2016 01:52 AM

අද මොනයම් හේතුවක් නිසා ඔබ හිඟමනට පත්වුණත් ඔබේ මනුස්සකම ඉතා ධනවත්. අනික ඔබගේ උදව් ලද එම කාරුණික මහත්මියත් වචනයේ පරිසමාප්තියෙන්ම කාරුණික මහත්මියක්. මන්දයත් අද සමාජයේ ඇති හැකි කියාගන්නා සමහර උද්දච්ච උදවිය ඔබ වැනි මිනිසුන් කෙරේ පිළිකුලෙන් බලන නිසා (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 20 February 2016 10:33 AM

කුලී රථය තමන්ගේ උවමනාවට නැවත ගන්න පුළුවන්. එහෙම නවතාගත්තා නම් ඔය කතාව දුරදිග යන්නේ නැත. (නි)

:       0       0

ටෙෂාන් Sunday, 21 February 2016 06:54 PM

විශාල ප්‍රමාණයක් වූ වංචාකාරී යාචකයන් අතර ඉන්නා වූ අවංක යාචකයෙක් (නි)

:       0       0

විදර්ශන Saturday, 20 February 2016 04:14 AM

මේ කරුණාවන්ත මනුස්සයාගේ අවංක කමම තමයි සමහර විට ඔහු මේ තත්වයට පත් කලේ .. නමුත් වංකව ධනවත් වීමට වඩා අවංකව දිළිඳු වීම උතුම් දෙයක් කියල හිතෙනවා මේක අද ලංකාවේ තත්ත්වය (හේ)

:       0       0

චන්න බුවනක Monday, 22 February 2016 02:16 PM

මමනම් දකින්නේ දෙන්නම ගුණ යහපත් මිනිස්සු. (බ)

:       0       0

ජනහිත Saturday, 20 February 2016 05:53 AM

වෙලා තියෙන්නේ මේකයි .එයා ඔය දේවල් කරන්න ගිහින් තමයි ඔය තත්වයට පත්වෙලා ඉන්නේ. අදටත් ඒ මනුස්සය ධනවතෙක්. හැබැයි අද ධනවතෙක්වත් නොකරන දෙයක් තමයි එයා කරලා තියෙන්නේ. කිසිම හෙවිමක් බැලීමක් නොකර තමයි කවදත් උදව් කරලා තියෙන්නේ . මොකද අද රටේ කවුද ඉන්නේ විස්වාස කරන්න පුළුවන් අය. (ර) .

:       0       0

ලියොන් ගුණවර්ධන Saturday, 20 February 2016 06:00 PM

පෙර පවකටදෝ යාචකයෙක් වුවත් ඔහු කොතරම් පින්වතෙක්ද? (නි)

:       0       0

සෑම් Friday, 19 February 2016 09:36 PM

ලංකාවේ සමාජයේ නියම තත්වය මේකෙන් පෙන්නුම් කෙරෙනවා. හොඳ ගතිගුණ තිබෙන මිනිස්සු හිඟන්නන් වෙනකොට නරක ක්‍රම වලින් මුදල් උපයන නරක ගතිගුණ තිබෙන මිනිස්සු පොහොසතුන් වෙනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 February 2016 10:14 PM

සතුටුයි යහපත් මිනිසුන් තවමත් අප අතර ඉන්නවා කියලා අහන්න ලැබීමත්. දිළින්ඳෙක් වෙලා යාචකයෙක් වුණත් හදවතින් මේ මනුස්සයා ඉතාම පොහොසත් මනුස්සයෙක් (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 21 February 2016 12:30 PM

අපේ රටතුල අපරාධ , දුෂණ , මිනීමැරීම් තිබුනත් ඒ අතරට මනුස්ස ගුණධර්ම අඳුනන යහපත් මිනිසුන් කොපමණ ඉන්නවද අපේ රටට ජය. (ර)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 22 February 2016 03:34 AM

යාචකයාට අනිත් අය ගෙන් සල්ලි ඉල්ලා ගන්න පුලුවන්නම්,තමා කළ උපකාරයට නෝනා සතුටින් දුන්න මුදල ගන්න එක වරදක් නොවේ නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 746 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 760 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1129 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9443 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 869 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 333 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2027 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site