මංගල සභාවේ දී සීයා පවුලේ අතීතය සිහිපත් කරද්දී මනාලයාගේ පාර්ශවයේ ඥාතීන් මනාලිය එපා යැයි පවසා නිවසින් පිටව ගොස් ඇතැයි කියන පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 28 හැවිරිදි රජයේ රැකියාවක නියැලී සිටින තරුණියක් පියා සීයා මිත්තනිය සමග නිවසේ පදිංචිව සිටියි. වයස අවුරුදු 4 ක් පමණ වූ ළමා කාලයේ දී තරුණියගේ මව සිය ස්වාමි පුරුෂයා හා දියණිය අතහැර දමා වෙනත් පුද්ගලයකු සමග පැන ගියාය.
ඉන් පසුව තරුණියගේ පියා රැකියාවක් කර උපයන මුදල් හදල් මව්පියන්ට ගෙනැවිත් දී ඔවුන් විසින් තරුණිය හදා වඩාගෙන පාසල් යවා අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදුකර ඇත්තේ සීයා හා මිත්තනියයි. අධ්‍යාපන කටයුතු සිදු කර ගත් තරුණිය විශ්ව විද්‍යාලයකින් උපාධිය ද හිමි කරගෙන දැනට රාජ්‍ය ආයතනයක රැකියාවක් ද කරන්නීය.
තමාට ගැලපෙන කොල්ලෙකු සොයා ගැනීමට තරුණියට අවස්ථාව ලබා දී තිබුණද ඇය එය ගානකට නොගත්තාය. සීයා හෝ කිරි අම්මා සොයා දෙන ගැලපෙන කොල්ලෙකු සමග විවාහ වෙන බව නිතර කී දියණියගේ කල වයස දිනෙන් දින ගෙවී යන බව දැන ගත් පියා ප්‍රදේශයේ කපු මහතකුට තම දියණියට ගැලපෙන මනාලයකු සොයා දෙන ලෙස මීට මාස තුනකට පමණ ඉහතදී ඉල්ලීමක් කළේය.
කපු මහතා රුවැති තරුණියට ගැලපෙන තරුණයෙකු සෙව්වේය. උපාධියක් හිමි තරුණයෙකු සිටින බව තරුණියගේ පියාට මීට මසකට පමණ ඉහතදී දන්වා තිබුණි.
පසුව තරුණයාගේ හා තරුණියගේ හඳහන් දෙපාර්ශ්වය සසඳා බැලූහ. එහිදී දෙදෙනාට දෙදෙනා තරමක් ගැලපෙන බව කියා තිබුණි.
ඉකුත් දිනෙක මනාලියගේ පාර්ශ්වයේ ආරාධනයෙන් මනාලයාගේ මව්පියන් සහොදරයෝ ළඟම ඥාතියෙකු හා කපු මහතා සමග මනාලියගේ නිවසට වාහනයකින් පැමිණියහ.
පැමිණි පිරිස පිළි ගනු ලැබුවේ මනාලියගේ කිරි අම්මා විසින්ය. උදේ තේ පානය භුක්ති විදි මනාලයාගේ ඥාතීන් හනිකට ආපසු නිවසට යා යුතු බවත් පුංචියට මංගල සභාවක් පැවැත් විය යුතු බවත් මනාලයාගේ මව කපු මහතාගේ කනට කොඳුරා කීවාය.
පසුව දෙපාර්ශ්වයේ ඥාතීහු නිවසේ සාලයේ අසුන් ගත්හ. කවි කිහිපයක් ගයමින් මංගල සභාව මෙහෙය වූයේ ද කපු මහතා විසින්ය. ඉන් පසුව කපු මහතා පළමු කතාව ලබා දුන්නේ මනාලියගේ සීයාටය.
මනාලියගේ සීයා කතාව ආරම්භ කරමින් මනාලියගේ මව වසර 24 ට පෙර වෙනත් පුද්ගලයකු සමග ගිය අයුරු අකුරෙන් අකුර මංගල සභාවේ පැහැදිලි කරන්නට විය. මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීහු මුහුණෙන් මුහුණ බලා ගත්හ. මනාලයාගේ මව නැගිට කියා සිටියේ” මොකද්ද මේ අපි ආවේ ඔය විස්තර දැන ගන්න නෙමෙයි. ඔය විස්තර අපට වැඩක් නෑ. අපට මනාලිය එපා අපි යනවා යන්න යැයි පවසා මනාලයාගේ පාර්ශවයේ ඥාතීන් කපු මහතාට ද ආපසු යමු යැයි ආරාධනා කරමින් නැගිට නිවසින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. පසුව මනාලියගේ කිරි අම්මා සීයාට හොඳ ඒවා දෙක තුනකින් ආමන්ත්‍රණය කර ඇති බව ආරංචිය.
තංගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැන්දම්මාගේ පැටිකිරිය හෙළිවී මනාලයාට මඟුල එපාවෙලා