IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නැන්දම්මාගේ මිනිය වළලන්න කියා බෑනා හරකුන් දෙදෙනෙක් මසට විකුණා සූර්වෙලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න

මිය ගිය නැන්දම්මාගේ දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී, අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, ඇගේ එළ හරක් කොටුවේ සිටි හරක් දෙදෙනකු මුදලට අලෙවි කර ඇතැයි කියන අපූරු බෑනකු පිළිබඳ පුවතක් ඉකුත් දා රඹුක්කන ප්‍රදේශයෙන් වාර්තා විය.

බෑනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු 2002 වර්ෂයේ කුරුණෑගල ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිටින අවස්ථාවේදී කුරුණෑගල නගරයේදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියක හඳුනාගෙන, පසුව යුවළ විවාහ වී තරුණියගේ රඹුක්කන මහ ගෙදර නිවෙසේ පදිංචි විය.

තරුණියගේ මව සමග නව යුවළ නිවෙසේත්, තරුණියගේ පියා බදුල්ල ප්‍රදේශයේත් පදිංචි වූයේ කාගේ කාගේත් පහසුවටය.

බෑනා කාලයක් ගත වෙද්දී මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති අතර, බිරිඳට හා නැන්දම්මාට බැන තර්ජනය කරන්න පටන්ගත් හෙයින්, බිරිඳ අවස්ථා ගණනාවකදීම මේ ගැන රඹුක්කන පොලීසියේ පැමිණිලි ද කළාය.

මෙම බෑනාගේ නැන්දම්මා මීට වසර ගණනාවකට ඉහතදී එළ හරක් කොටුවක් හා කළුකුන් කොටුවක් සාදා, මුල් කාලයේ සුළු ආදායමක් ද උපයා ගෙන, පසුව එළ හරක් කොටුවේ එළ හරක් 18 දෙනකු දක්වා වර්ධනය කරගෙන ලබා ගන්නා එළ කිරි අලෙවි කර විශාල ආදායම් උපයා ගෙන ජීවත් වූවාය.

එළ හරක් 18 දෙනාට කාන්තාව ආදරය කරුණාව දක්වමින් රැක බලා ගනිමින් සිටින අවස්ථාවේදී, එක් එළ හරකකුගේ කකුලක ආබාධයක් ඇති වූ අවස්ථාවේදී ප්‍රදේශයේ මස් පිණිස සතුන් මිලට ගන්නා පුද්ගලයෙක් පැමිණ කාන්තාවගෙන් කකුලක ආබාධයක් පැවැති එළ හරකා මස් පිණිස ඝාතනය කිරීමට ඉල්ලා සිටියේය.

එහිදී වෙළෙන්දාට තදින්ම දොස් පැවැරූ ඇය, කිසි දවසක තමන්ගේ හරක් මස් පිණිස අලෙවි නොකරන බවට දැන්වූවාය.

පසුව කකුලක ආබාධයක් පැවැති හරකා කලකට ඉහතදී මිය යාමෙන් පසු, කුලී පදනම මත බැකෝ යන්ත්‍රයක් ගෙන වළක් හාරා, මිය ගොස් සිටි එළ හරකා මිහිදන් කළේ ගරු සරු ඇතිවය.

මෙලෙස හරක් 17 දෙනකු හා කළුකුන් කොටුවක් පණ සේ රැක බලා ගනිමින් සිටි 70 හැවිරිදි කාන්තාව කෑගල්ල මහ රෝහලේදී ඉකුත් 10 වැනිදා ජීවිතක්ෂයට පත්වූවාය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දියණියට භාර දෙන තෙක් දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට සිදුව තිබේ.  ඇයගේ එකම බෑනා ඉකුත් 11 වැනිදා නැන්දම්මාගේ අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, එළ හරක් කොටුවේ සිටි එළ හරක් දෙදෙනකු මුදලට අලෙවි කර යහමින් සූර් වී ඇති බව ඇයගේ ඥාතියකු පැවැසුවේ, “අනේ මෙහෙමත් බෑනලා” යයි පවසමිනි.



අදහස් (0)

නැන්දම්මාගේ මිනිය වළලන්න කියා බෑනා හරකුන් දෙදෙනෙක් මසට විකුණා සූර්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 353 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 383 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 619 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 643 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1085 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 910 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 482 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 287 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site