රාස්සගල සම්පත් ප්‍රියනන්දන
නැන්දම්මාගේ රන්මාලය උකස් කර ලබාගත් මුදලකින් රුපියල් පන්දහක් වැයකර හිතවතෙකු සමග පාටියක් දමා ඉතිරි තිස්දහසක මුදලක් බූරුවා ගසා දිනුවා යැයි පවසමින් බිරියට ගෙනත් දී බිරිය සතුටු කළ සැමියකු පිළිබඳව අපූරු පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේ දී වැඩිදුරටත් මෙසේ දැනගන්නට ලැබිණි.
බළන්ගොඩ ප්‍රදේශයේ ගම්මානයක පදිංචි සැමියකු එයට ගම්මාන කිහිපයක් දුරින් ජීවත් වෙන නැන්දම්මාගේ නිවෙසට ගොස් බිරියට උත්සව ගෙදරකට පැළඳගෙන යෑම සඳහා රන් මාලය රැගෙන එන ලෙස දැන්නුවා යැයි නැන්දම්මාට පවසා තිබේ. අනේ පුතේ රත්තරන් බඩුවක් කියලා මෙච්චරමයි තියෙන්නේ දුව ඉල්ලුවාම නොදී ඉන්න බැහැනේ ඔන්න එහෙනම් අරන් ගිහින් පරෙස්සම් කරල ආය මටම ගෙනත් දෙන්න යැයි පවසමින් නැන්දම්මා රන් මාලය බෑනාගේ අතටම දී ඇත.
ඔහු එම රන් මාලය රැගෙන විත් පොලියට මුදල් ලබා දෙන පුද්ගලයකු ළඟ තබා රුපියල් තිස්පන්දහසක මුදලක් ලබාගෙන තිබේ. පසුව ඔහුගේ හිතවතකු සමග රුපියල් පන්දහසකට ආසන්න මුදලක් වියදම් කර හිතවතා සමග මත්පැන් පානය කරමින් පාටියක් දැමූ බව ද කියති.
සතියකට පසුව බිරියගේ මව දුරකතන ඇමතුමක් ගෙන බිරියට පවසා ඇත්තේ දුවේ උස්සව ගෙදරට ගිහින් ආවනම් මගේ රන් මාලය ඉක්මනට නැවත ගෙනත් දෙන ලෙසයි. මෙය අසා සිටි සැමියාට දෙලෝ රත්විය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැන්දම්මාගේ මාලය උකස්කර බූරු ගසා දිනුවැයි බිරියට 30000 ක් දීලා