IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නැන්දම්මාගේ සාත්තුවට එරෙහි ලේලියට සැමියාගෙන් ලණුවක්

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 
තම මවට උදව් කරනවාට අකමැති බිරියකට සැමියකු ඉගැන්වූ පාඩමක් පිළිබඳව අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.


එම ප්‍රදේශයේ නිවසක ජීවත්වූ පුද්ගලයෙක් විවාහ වීමෙන් පසුව පදිංචියට බිරිඳගේ නිවසට ගියේය. එහෙත් මවගේ දුක සැප සොයා බලන්නට මොහු ක්‍රියා කළේය. මේ සඳහා මුල් කාලයේදී බිරිඳ කැමැති වුවත් වසරක් පමණ යාමේදී ඊට තදින් විරුද්ධ වූවාය.


මේ හේතුවෙන් දෙදෙනා අතර අඩදබර අඩුවක් නොවීය.


එහෙත් ඉවසිලිවන්ත සැමියා හීන් නූලෙන් තම මවට කළයුතු යුතුකම් ඉටු කළේය.


කලක් යනවිට මේ බවද බිරිඳ දැනගත්තාය.


විටින් විට අඩදබර ඇතිවී විරසකයන් එන්න එන්නම උණුසුම් විය. මෙය මාසේ පඩි දිනවලදී වැඩිවිය. ඒ පඩිය ගෙන හොරෙන්ම මවට සල්ලි දෙන බව බිරිඳ දැන ගැනීමත් සමගය. මේ උදව්ව නැවැත්වීමට සැමියා සෑම මසකම පඩිගන්න බැංකුවට යන විට බිරිඳත් ඒ සමග යාමට පුරුදු වූවාය. මෙසේ මාස තුනක් පමණ ගිය තැන බිරිඳට අපූරු පාඩමක් උගන්වන්නට සැමියා තීරණය කළේය.


දිනක් මාසික පඩිය ගැනීමට තමා යන විට බිරිඳ ද පැමිණියාය. එසේ යන අතරතුරදී සැමියා දිනපතා පුවත්පතක් මිලට ගත්තේය.


පසුව දෙදෙනා සුහදව බැංකුව ඇතුළට ගොස් ඇතුළු වීමේ දොරටුව අසළ තිබූ සුවපහසු පුටුවක බිරිඳ හිඳුවා දවසේ පත්තරය අතට දී මා එන තෙක් පත්තරේ බලන්නැයි පවසමින් බැංකුව ඇතුළට සැමියා ගියේය.


එසේ ගිය සැමියා තම මුදල් රැගෙන බැංකුවේ පිටවීමේ දොරටුවෙන් පිටවී මවට අවශ්‍ය පරිදි බඩු භාණ්ඩද රැගෙන ත්‍රිරෝද රථයක නැගී මව ජීවත්වන අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශයට ගියේය.


එහෙත් මේ බව නොදත් බිරිඳ පැයකට පමණ පසුව සැමියා නොපැමිණීම පිළිබඳව විපරම් කිරීමේදී සැමියා බැංකුව තුළ නොමැති බව දැනගෙන වහා බැංකුවෙන් පිටතට විත් තම දුරකතනයෙන් සැමියාට ඇමතුමක් ගත්තාය.
එවිට ඊට පිළිතුරු දුන්නේ සැමියාගේ මවය. ඇය ලේලියට පැවසුවේ පුතා මාසේටම බඩුත් අරගෙන ගෙදර ආවා කියාය. මෙය ඇසූ ලේලියට දෙළොව රත්විය.

 



අදහස් (0)

නැන්දම්මාගේ සාත්තුවට එරෙහි ලේලියට සැමියාගෙන් ලණුවක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 381 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 879 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 849 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9485 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 882 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site