IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නෝනා විකුණලා සැමියා පොලිසි ගිහින්

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ඇග විකිණීම‍ට භාර්‍යාවට පුරුදු කොට වසර දෙකක් ගිය තැනේදී ඇය එයින් මුදවා ගැනීමේ අරමුණෙන් පැමිණිල්ලක් දැමීමට ආ අපූරු සැමියකු පිළිබද පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් ඇසේ.
ඇය ඔහුත් සමග පැන ගියේ හද පානේය.වයස අවුරුදු දහ අටට ඔන්න මෙන්න තියා ඇය ඔහුගේ සහකාරියවූයේ එසේය. තමා ආදරයෙන් මත්වී සහේට ගත්තේ කුඩු කාරයකු බව ඇයට තේරෙන විට ඔහුට දාව කුසට දරු පැටියෙක් ද පැමිණ සිටියේය. ඒ නිසාම බැද ගත්ත බෙරය බිම නොතියාම ගහන්නට ඇයට සිදුවූවේ මව්පියන් ඇතුඵ සනුහරේම ඇය ඒ වනවිටත් පවුලෙන් නෙරපා තිබූ බැවිනි.


කුඩු ගහන්නටත් ගෙදර දොරේ විය පැහැදම්වලටත් මුදල් එන්න එන්නම ක්ෂයවූවේ ඔහු රැකියා නොකර සිටි නිසාය. සිය බිරියගේ ඇග විකුණා මුදල් සොයා ගැනීමට ඔහු පෙළඹු‍‍ණේ ඊට වෙනත් විකල්පයක් නොවූ නිසාය. මුලදි මුලදී බිරිය ඔහුගේ මේ අදහසට අකැමැතිවූවත් කාලයක් යද්දී ඇය එයට අනුගතවූවාය. ඊට අවශ්‍ය පිරිමින් සොයා ගෙනත් දෙන්නේත් ඇයගේ සැමියාය.
    දහ අට වයසැති මැයගේ පහස විදීමට වැඩියෙන් කැමැත්තක් දැක්වූවේ ප්‍රදේශවාසී මැදි වියේ පසුවූවන්නෝය. 
සිය සැමියා නිවෙසට ගෙනත් දෙන අයටත් අමතරව ඇය වෙනත් අයද එයට දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට තරම් දියුණු වූවාය,
කාලයක් යද්දී සිය බිරිද කරන මේ වැඬේ නරක හා දරුණු බව දැනුණු ඇගේ සැමියා මේ ඊයේ පෙරේදා අම්බලන්ගොඩ පොලීසියට පැමිණියේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමටය. සිය බිරිය මේ තත්ත්වයට ඇද දැමූවේ තමා බවත් දැන් ඇය එයින් මුදවා දෙන ලෙස ඔහු පොලීසියෙන් ඉල්ලා සිටියේ බැගෑපත්වය.



අදහස් (0)

නෝනා විකුණලා සැමියා පොලිසි ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 722 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 748 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1120 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9437 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 867 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 332 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 722 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site