අනුන්ගේ පුතකුට උප්පැන්නයක් ලියන්න ගිය පියකු පිට වැටුණු අලි ජරමරයක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ප්‍රසිද්ධ පාසලකින් අසන්නට ලැබේ.
කොල්ලා දඩබ්බරයෙකි. පාසලේ දී විනය විරෝධී වැඩ කිහිපයක්ම කළේය. ගුරුවරු ඊට ඔහුට අවවාද කළහ. එතැනින් ප්‍රශ්නය නතර විය. කොල්ලා මෙවර පාසලේදී කළේ අසමජ්ජාති වැඩකි. එය ගුරුවරුන්ට අවවාදයක් දී වැඬේ ගොඩ දාගන්න පුළුවන් තරමේ එකක් නොවේ. ඒ නිසා කොල්ලාගේ මේ අසමජ්ජාති වැඩේ විදුහල්පතිගේ කනට ද ගියේය. වැරද්ද බරපතළ කම නිසාම විදුහල්පතිවරයා කොල්ලාට ඊළඟ දිනයේ පාසලට එද්දී පියා එක්ක ගෙන එන ලෙස කීවේය.
කොල්ලාට දවල් තරු පෙනුනේය. හීන් දාඩිය ද දැම්මේය. කොල්ලාගේ තාත්තා යකෙකි. වැරදිවලට කොල්ලට දෙන්නේ පොල්ලෙනි. ඒ පස්ස රත් වෙන්නය. ඒ නිසාම කොල්ලා නිවසේදී වැරදි වැඩ නොකර ඉන්න වග බලා ගත්තේය. ඒවටත් එක්ක පාසලේදී වැඩ පෙන්නුවේය. කොල්ලට දැන් තියෙන එකම හා ලොකුම ප්‍රශ්නය පියා පාසලට රැගෙන යාමය. මෙය කන වැකුණ හොත් තමාට අනිවාර්යයෙන්ම පියාගෙන් පොලු පාර වදින්නේ පස්සට නොව ඔළුවට බව කොල්ලාගේ සිතට ආවේය. කොල්ලා දැන් මෙය බේරා ගන්නේ කෙසේදැයි කල්පනා කර කරමින් සිටියේය.
එදා උදේ කොල්ලා පියකු සමග පාසලට ගියේය. දෙන්නම දැන් විදුහල්පති කාමරය අභියසය. තමා කතා කරන තෙක් ඔවුන් දෙදෙනාට විදුහල්පති කාමරය ඉදිරිපිට ඇති පුටුවල වාඩිවී සිටින ලෙස විදුහල්පතිගෙන් පණිවිඩයක් ලැබුණේය.
විදුහල්පති සිය කාමරය ඉදිරිපිට වාඩිවී සිටින මේ පියපුතු දෙදෙනා පිළිබඳව සීසීටිවී කැමරා දර්ශන මගින් කාමරයේ සිටම නිරීක්ෂණය කළේය. ඔහු මේ දෙන්නා සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹුනේය. ඒ අනුව මේ පිය පුතුට තමා හමුවීමට එන ලෙස විදුහල්පතිවරයා දැනුම් දුන්නේය.
පියා ආවේ ඉදිරියෙනි. පුතා පසුපසිනි. පියාට පමණක් වාඩි වන ලෙස විදුහල්පතිවරයා අතින් සංඥා කළේය. පියා ගේ නම පුතාගෙන් ඇසුවේය. පුතා නම කීවේය. පියාගෙන් ද ඔහුගේ නම ඇසුවේය. පුතා කියූ නමම පියා කීවේ ගොත ගස ගසාය. විදුහල්පතිවරයා පියාගෙන් ජාතික හැඳුනුම්පත ටිකකට ඉල්ලුවේය. හැඳුනුම්පතේ නම තිබුණේ ඔහු කිවූ නමට හාත්පසින්ම වෙනස් එකකි. විදුහල්පතිවරයාට මළ පැන්නේය. කළ වංචාව පිළිබදව පොලීසියට දැනුම් දෙන බව මේ පිය පුතුට විදුහල්පතිවරයා කීවේ ඔවුන් බිය වද්දවා ඇත්ත තොරතුරු වැමෑරීමටය.
කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත
රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක
තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප්රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්රාම ලැබූ ග්රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්රභාව බොහෝ ප්රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ‍්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නම පැටලී අලි ජරමරයක