(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
කොරෝනා රෝගය වැළඳුන ඥාතියකුගේ පළමු පෙළ අශ්‍රිතයකු ලෙස සිය සැමියා හඳුනාගෙන ඇති නිසා නිරෝධායනය වීමට සිදුවෙනවා යැයි සිය ආයතන ප්‍රධානියාට දන්වා සේවයට නොපැමිණි නිලධාරිනියක් සීනි මිලදී ගැනීමට වෙළෙඳසලක පෝලිමේ සිටි අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ.
රජයේ කාර්යාලයක සේවය කරන මෙම නිලධාරිනියගේ සැමියා වෙනත් දිස්ත්‍රික්කයක සේවය කරයි.
කොවිඩ් 19 රෝගය පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කරන ඇය සෞඛ්‍ය උපදෙස් උපරිම අයුරින් ආරක්ෂා කරන බවට හඟවමින් කටයුතු කරන තැනැත්තියක් වූවාය. සේවය සිදුකරන කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයෙන් පිටත සිය සැමියා සමග ඇය පදිංචිව සිටියාය.
එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අංශවලට සහාය දැක්වීම ඇයගේ කාර්යාලය මගින් සිදුකරන අතර සතියට වරක් හෝ දෙවරක් ඇයටද එම කාර්යයේ නියැලීමට සිදු විය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එන්නත්කරණ රාජකාරියට යාමට මැලිකමක් දැක්වූ ඇය තම සැමියා නිරෝධායනය කර ඇති නිසා සේවයට පැමිණීමට නොහැකි බව පවසමින් සිය ආයතන ප්‍රධානියාට දුරකතන ඇමතුමක් දුන්නාය. නිරෝධායනය නිමවූ පසු දන්වන ලෙස ආයතන ප්‍රධානියාගෙන් උපදෙස් ලැබුණ අතර ඇය නිෙවසට වී සතුටින් කාලය ගතකළාය.
නගරයේ සතොස වෙළෙඳසල මගින් සීනි අඩුමිලට ලබාදෙන බව අසල්වැසියකු ඇයට පැවැසූයෙන් ඇය කඩිමුඩියේ සූදානම් වී ස්කූටරයෙන් නගරයට ගොස් වෙළෙඳසල අසල යතුරු පැදිය නතරකර සීනි පෝලිමට එක්වූවාය. මේ වනවිට මාධ්‍යවේදී පිරිසක් සීනි සහන මිලට ලබාදීම පිළිබඳව ජනතාවගෙන් තතු විමසමින් ප්‍රවෘත්තියක් ආවරණය කරමින් සිටි අතර නිලධාරිනියද එය නරඹමින්ම පෝලිමේ සිට සීනි ද ගෙන එදින රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් නිරෝධායනය වන සිය යෙහෙළිය සතොස වෙළෙඳසල අසල සිටිනවා රූපවාහිනියෙන් දුටු කාර්යාලයේ කිහිපදෙනෙක් එය සිය ආයතන ප්‍රධානියාට සැලකළහ.
තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරමින් පෙර දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹූ කාර්යාල ප්‍රධානියාට සියල්ල පැහැදිලි විය. වහාම දුරකතන ඇමතුමක් ගෙන නිලධාරිනියට දැඩිව අවවාද සිදු කරමින් පෞද්ගලික ලිපි ගොනුවට අවවාද ලිපියක්ද යොමුකරන බවද කීවේය.
කාර්යාලයේ සෙසු නිලධාරින් අතර කතාව පැතිරයාමට වැඩි කාලයක් ගතනොවූ අතර සීනි ලාබදැයි කෙටි පණිවුඩ විමසීම සිදුකිරීම නිසා දුරකතන මාරුකර වෙනත් සිම්පතක් පාවිච්චි කිරීමට ඇයට සිදු විය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිරෝධායන වෙනවා කියා නිවාඩු ගත් නිලධාරිනිය සීනි පෝලිමේ