තම නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට වැඩි ආරක්ෂාවක් සැපයීමට යාමෙන් එයට ඇතුල් වූ මීයකු විසින් ගෙහිමි කතට කදිම පාඩමක් ඉගැන්වීමේ සිදුවීමක් මහනුවර නගරයේ පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි.
සිද්ධියට මුහුණ පා සිටි පුද්ගලයාගේ නිවසට තම බිරිඳගේ මව එනම් නැන්දනිය පැමිණියේ ටික දවසකට තම දරුවන් බලා ගැනීමේ අරමුණ ඇතිවය.
එසේ පැමිණි ඇය නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට ආරක්ෂාව මදි යැයි සිතා මීයන්ගෙන් ආරක්ෂා වීමට එයට ඉහළින් රෙද්දකින් වැසුවේ වැඩි ආරක්ෂාවටය.
පසු දිනක රෙදි සේදීමට යාමේ දී එය ක්‍රියා විරහිතව ඇති බවත් වැඩිදුර සොයා බැලීමේ දී එහි මීයකු රිංගා සිටින බවත් දක්නට ලැබිණි.
රෙදි සෝදන යන්ත්‍රයේ සිටි මීයා එයින් එළවීමට සුදුසු අවියක් සෙව්වත් එවැනි යමක් සොයා ගැනීමට නොමැති හෙයින් කොස්සෙන් පහර කිහිපයක් ගසා මීයා ඉවත් කිරීමට උත්සහ කළේය.
නිවස අතුගෑමට අලුතින්ම ගෙනා කොස්සට රුපියල් පන්සියක මුදලක් වැයකර තිබූ අතර මීයා එළවීමට ගැසූ පහරකින් කොස්ස බිදී ගියේය.
කොස්ස බිඳි ගියත් මීයා තවදුරටත් රෙදි සෝදන යන්ත්‍රය තුළ සිරවී සිටින බව දැක ගන්නට ලැබුණු අතර එදින දවස පුරාම උත්සාහ කළත් මීයා රෙදි සෝදන යන්ත්‍රය තුළින් එළියට ගැනීමට නොහැකිවිය.
අවසානයේ දී මීයා ඉවත් කිරීමට කාර්මිකයෙකුගේ සහාය ලබා ගැනීමට තීරණය කළ අතර ආසන්නයේ ඇති එවැනි උපකරණ අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට රැගෙන ගියේය. එය පරීක්ෂා කර බලා මියා ඉවත් කර යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සති දෙකක කාලයක් පමණ ගතවන බවට කාර්මිකයා සඳහන් කළේය.
නිවෙස් හිමියාට හා භාර්යාවට දෛනිකව රාජකාරීයට වාර්තා කිරීමට ඇති බැවින් රෙදි සේදීමේ කාර්යයෙන් වැඩි කොටසක් සති දෙකක කාලයක් පමණ නැන්දනියට පැවරුණේ නිරායාසයෙනි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දෛනික වියදම ද ඉහළ ගියේ නැන්දනිය නිවසේ නතර වූ නිසාවෙනි.
පසු දිනයක රාජකාරි නිමවී රෙදි සෝදන යන්ත්‍රය රැගෙන ඒම සඳහා කාර්මිකයා වෙත ගිය රෙදි සෝදන යන්ත්‍රයේ හිමිකරු, අලුත්වැඩියාව සඳහා වැය වන මුදල විමසුවේය. ඒ සඳහා රුපියල් දොළොස් දහසක මුදලක් අවශ්‍ය බවත් ප්‍රවාහනය සඳහා රුපියල් දෙදහසක මුදලක් වැයවන බවත් කාර්මිකයා සඳහන් කළේ හිමිකරුගේ ඉහ මොළ රත්කරමිනි. කෙසේ හෝ අදාළ මුදල ගෙවා සිතේ අමාරුවට අතරමග දී ඉතිරි මුදලින් අඩියක් ද ගසා රෙදි සෝදන යන්ත්‍රය නිවසට ගෙන ආ ඔහු ගෙදර කොස්සට පන්සියයි, අලුත්වැඩියාවට පහළොස් දාහයි, පරිස්සමට ගිහින් හොඳ ගානකට තට්ටු උනා යැයි උස් හඩින් පැවසුවේ නැන්දනියට ඇසෙන්නටය.
කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවාතැනට බාධා කළ මීයාගෙන් ගෘහණියට පාඩමක්