පළාත් පාලන මැතිවරණ සටන කල් ඇතිව පටන් ගැනීමට හා හා පුරා නිවසකට ගිය පුංචි මන්ත්‍රී කෙනෙකුට මුහුණදීමට සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
සභාවේ සිටි වසර කිහිපයේම මොහු ගමට වැඩක් නොකළ තරම්ය. මේ නිසාම ගම්මු සිටියේ කොයිවෙලාවේ හෝ මෙයට පාඩමක් ඔහුට ඉගැන්වීමටය. මන්ත්‍රීකමෙන් බැබළුණු කෙනෙක් නිසා තනතුර අහිමි වී ගියහොත් ගමේ තැනක් නැතිවෙතැයි යන බිය නිසාම අකමැත්තෙන් වුවත් මෙවර ඡන්දයට ද හේ ඉදිරිපත් විය. ඒ අනුව සිය ගම්මානයෙන් නාමයෝජනා භාර දුන්නේය.
මෙවර සටන ලෙහෙසි පහසු නැති බව ඔහුට තේරුම් ගියේය. මෙදා පාර දිනන්න නම් අර සුළඟ මේ සුළඟ නැති බවද ඔහුට අවබෝධ විය. මේ නිසාම මේ ගේම ලෙහෙසි පහසු ගේමක් නොවන බව සම්බන්ධයෙන් ද අවබෝධ වී තිබිණ. වේලාසනින්ම ගේමට බැසීමට ගෙයක් ගෙයක් ගානේ යාමට ඔහු සිතුවේය. ඒ සඳහා තෝරා ගත්තේ ගියවර ඔහුට හොඳින්ම වැඩකළ නිවසය.
තරමක් රෑ බෝවී මේ පුංචි මන්ත්‍රී මේ නිවසට ගියේය. නිවැසියන් උණුසුම්ව නොවුණත් ඔහුව පිළිගත්තේ අසුන් ගන්න යයි කියමිනි. මට කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරිවුණා. ඒ වාගේම ගමට වැඩක් කර ගන්නට බැරිවුණා යයි ඔහු කියාගෙන වාඩි වූවේය. ගමේ වැඩ ටික ඉවරයක් කරලා දාන්න ඕන නිසාත් පක්ෂයේ බල කිරීම නිසාත් තමා මේ පාරත් ඡන්දය ඉල්ලන්න නාම යෝජනා දුන්නා යයි ඔහු කීවේය. මේ පාරත් ඉතිං මට ඔයගොල්ලන්ගේ සහාය අවශ්‍ය යයිද වැඩි දුරටත් කීය.
මුවින් නොබැන්නත් නිවැසියන් සිටියේ ඔහු සමග තරහින්ය. ඔහුගේ නායකයන් සමග මේ දිනවල ඇතිකර ගෙන තිබූ බද්ධ වෛරයෙනි. නිවසට ආ නිසා මුහුණට මොකුත් නොකියන ලෙස නිවැසියන් සාකච්ඡා කළ අතර මොහුට හීන් නූලේ සිය විරෝධය පළ කිරීමේ සියුම් උපායක් ඔවුහු කල්පනා කළහ. ඒ අනුව අපූරු අදහසක් ඔවුනට පහළ විය. අදහස දුන්නේ නිවසේ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යාවය.
මන්ත්‍රීතුමා හා හා පුරා අපේ ගෙදරට ආපු එකේ මොනවා හරි බීලා යන්න ඉන්න යයි නිවැසියෝ ඉල්ලා සිටියහ.
ඒ අනුව නිවැසියන් රැගෙන ආ බීම වීදුරුව ඔහු පානය කළේ උගුරට දෙකටය. ඒ තවත් හිතවත් නිවාස කිහිපයකට යාමට තිබූ අවශ්‍යතාව නිසාමය. ගතවූයේ විනාඩි කිහිපයකි. අපේක්ෂක තැනගේ උදරයට අමුත්තක් දැනිණි. බඩ ඇතුළ පෙරළෙනවා මෙන් දැනුණි. ඒ එක්කම තවත් ලොකු අවශ්‍යතාවක් ළඟ ළඟ එනු දැනුණු ඔහු අනෙත් නිවෙස්වලට යාම පසෙකලා සිය නිවසට ගියේය. කඩිමුඩියේ ඔහු නිවසට ගිය අයූරු දුටු නිවැසියන්ට අපේක්ෂකයාට සිය විරෝධය පෑමට යෙදූ උප්පරවැට්ටිය නියමෙට වැඩ කර ඇති බව තේරුම් ගියේය.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිවෙසට ආ ජන්ද අපේක්ෂකයා පිනවන්න විරේකයක් දීලා
tokkaa Monday, 27 February 2023 03:50 PM
ඉතින් හොඳයිනේ... දොස්තර කෙනෙක් ළඟට ගියා නම් විරේකයට ගෙවන්නත් වෙනවානේ...!