(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
නිවෙසින් හොරාගත් ගල් වංගෙඩිය ලැබුණු හෝඩුවාවක් අනුව සොරාගත් පුද්ගලයාගෙන්ම වෙනත් අයකු ලවා රු. 500ක් දී ආපසු ලබාගත් ගෙහිමි කාන්තාවක් පිළිබඳ පුවතකි.
ඇය පදිංචිවී සිටින්නේ කොස්ගොඩ ප්රදේශයේය. කුස්සියේ තිබූ ගල් වංගෙඩිය පසුදා බලන විට දක්නට නොවීය. ඒ ගැන ආරංචි කර බැලූ විට අසල්වාසී අයකු සොරකම්වලට සම්බන්ධ වූ කෙනකුට ගෙන යාමට උදව් කර තිබූ බව කාන්තාවට දැන ගැනීමට හැකිවිය.
ඇය සහසුද්දයෙන්ම වංගෙඩිය හොරා ළඟ ඇති බව අනුමාන කළාය. ඒ අනුව වෙනත් අයකුට රුපියල් 500ක් දී වංගෙඩිය කුස්සියෙන් පන්නාගෙන යාමට උදව්කළ අයගෙන් වංගෙඩියක් ඉල්ලා සිටින ලෙස දැනුවත් කළාය. මේ තැනැත්තා රුපියල් 500 ගෙන හොරාට එය දී ඉල්ලූ අයට ආපසු වංගෙඩිය දුන්නේය. ඔහු යළිත් ගෙහිමි කාන්තාවට වංගෙඩිය ගෙනවිත් භාර කළේය.
හොරාගත් වංගෙඩිය හොරාටම රුපියල් පන්සියයක් ගෙවා, ගැනීම තමාගේ හපන්කමක් බව මේ පුවත හෙළි කරමින් ඇය කීවාය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවෙසින් ඉස්සූ ගල් වංගෙඩිය සල්ලි දී හොරාගෙන්ම අරන්
පිටිගල Thursday, 27 November 2014 02:18 PM
ඇත්තටම රුපියල් 500ක් වගේද, කෙතරම් බුද්ධිමත් කාන්තාවක්ද? (ර)
ගයාන් Saturday, 29 November 2014 03:48 PM
කොස්ගොඩට පිට ගමකින් ඇවිත් පදිංචි වුන කෙනෙක් වෙන්න ඇති නැත්නම් ඔච්චර ලේසියෙන් ඕක අරින්නේ නැහැ හොරාවත් වන්ගේදිඩියටම දාලා කොටනවා මිසක්.(හේ)
පද්මේන් Thursday, 27 November 2014 11:11 AM
බුද්ධිමත් කාන්තාවක්. (ස)
කුමාරි Thursday, 27 November 2014 06:33 PM
අම්මෝ.... කාන්තාව ලොකු දෙයක් කරලා තියෙන්නේ. වෙන කෙනෙක් නම් හොරා දැන ගත හැටියේ මරා ගන්නවනේ.(ස)
රුවන් Wednesday, 26 November 2014 07:09 PM
කව්ද කියන්නේ ගැහැනුන්ගේ මොලේ හැඳිමිටේ දිග කියලා. මේ පොඩි හොරකමට පොලිසි උසාවි ගියානම් 500 ට 5000ක් වියදම් කරන්න තිබ්බා.කොහොමද ටිකිරි මොලේ?(හේ)
දිලීප Friday, 28 November 2014 08:49 PM
මෙයා ගල් වන්ගෙධියට මර ආදරෙයිනේ. (ස)
සමන්ති Thursday, 27 November 2014 12:41 AM
ගල් වංගෙඩි හොරා දැන් කව්රුත් දැනගනී. (නදී)
ඇසිලින් නෝනා Thursday, 27 November 2014 01:48 AM
කොහොමද ටිකිරි මොලේ. හැඳි මිටට වඩා දිගයි. මෙත් වඩන්න. පොලිසි එපා. (නදී)
ලලිත් Saturday, 29 November 2014 01:11 AM
මහත්තයාගේ පොකට් එකෙන් පන්සීයක් ගහගන්න හොරා සමඟ එකතුවෙලා මේ කාන්තාවම කළ දෙයක්ද කවුද දන්නේ? (නි)
සම්පත් Friday, 28 November 2014 11:08 AM
සහතික ඇත්ත ඔය මහන්සියෙන් කුලියක් කළා නම් දාහක් හොයා ගන්න තිබුනා .(හේ)
තුෂාර Friday, 28 November 2014 03:15 AM
අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි (නදී)
සිරී Friday, 28 November 2014 03:18 AM
වැඩේ පොලිසි නොගිහින් බේරාගත් එක ලොකු දෙයක්. හොරා ගල් වංගෙඩියක් උස්සගෙන ගියේ කටු ගෙට විකුනන්නද දන්නේ නැහැ. මේ කාලෙ කවුද ගල්වන්ගෙඩි පාවිච්චි කරන්නේ. ඔය මොඩයා ඔය වෙච්ච මහන්සිය වෙලා කුලී වැඩක් කලානම් රුපියල් දාහක් හමාරක් හොයාගන්න තිබුනා (නදී)