IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා

මොරගොල්ලාගම - සිසිර කැලේගම


ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු විවිධ වර්ගයේ බල්ලන් ඇතිකිරීම විනෝදාංශයක් ලෙසට සිදු කරන අතර ඉන් ආදායමක් ඉපැයීමට ද කටයුතු කරයි.
ඔහු ගෙනා බල්ලන් කිහිප දෙනකුම අකාලයේ අනතුරුවලට ලක්ව මියගිය නිසා දැඩි සිත් වේදනාවෙන් පසු වූ ඔහු කාලයක් යනතුරු ඉන් ඉවත්ව සිටියේය.
කෙසේ හෝ වෙනත් පෙදෙසකට ගිය ඔහුට කුඩා වියේ පසුවෙන ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියක අඩු මුදලට ලබාගැනීමට හැකිවූ නිසා මිලදී ගත්තේය.
නිවසට ගෙනැවිත් කූඩුවක් සාදා දැඩි රැකවරණය මැද ඇතිදැඩි කළේය.
බැල්ලිය ද පෘෂ්ටිමත්ව හැදුණාය. අවැසි බෙහෙත් හේත් සියල්ල ද නොඅඩුව ලබා දුන්නේය.
තරුණ වියට පත් බැල්ලිය ගැබ් ගත්තාය.
බැල්ලිය පැටව් ගැසීමට සූදානම් බව අවට පිරිස්වල කන වැටුණි.
“අපිටත් පැටවෙක් ඕනෑ. මටත් ඕනෑ,” හිතවත්කමට මෙන්ම ඥාතීත්වය මත පැටව් ඉල්ලන පිරිස් වැඩි වූහ.


“කාටද පැටව් අවශ්‍ය? ඉල්ලන හැමෝටම දෙන්න බෑ. මට අත්තිකාරම් මුදලක් ඕනෑ. නැතිව මේ බිස්නස් එක කරන්න අමාරුයි” බැල්ලියගේ හාම්පුතා කීවේය.
ඊට අවනත වූ පිරිස් අතරින් පස්දෙනෙක් අත්තිකාරම් දුන්හ. ඉතිරිය පැටව් ගැසූ පසුව දෙන බවටත් පො‍රොන්දු වූහ. තවත් අය ඉල්ලු‍ම් කළත් ඒ අයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණි.
දින වකවානු ගත විය. බැල්ලිය පැටව් ගසන තුරා හාම්පුතා පසුවුණේ නොඉවසිල්ලෙනි. ඒ බලු‍ සුරතල් දකින්නට නොව අරගෙන තිබෙන ණය තුරුස්වලින් මිදෙන්නට හැකි නිසාය.
බැල්ලිය පැටව් ගසා ඇත. නිම් හිම් නැති සතුටෙන් ඔහු බලු‍ කූඩුව දෙසට දිව ගියේය.
පැටව් දෙදෙනකු ඇත. ඉන් එකෙකු මිය ගොස්ය. එකෙකු විකුණන්නට හැකිය. එහෙත් තවත් හතර දෙනකුට දෙන්නට පැටව් නැත. ඒ වෙනුවෙන් ලබාගත් අත්තිකාරම් ආපසු දෙන්නට ඔහු අත පිච්චියක් ද නැතිව දැන් දස අතේ කල්පනා කරමින් යුතුව පසුවෙනවාලු‍.

 



අදහස් (0)

නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන
2024 සැප්තැම්බර් මස 13 841 0

ගෘහස්ථ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් දෙන්නා දෙමහල්ලන් තුවාල ලැබූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


බිරිඳට දුන් බඩ විරේකය තමන්ටම කැරැකිලා
2024 සැප්තැම්බර් මස 12 925 0

බිරිඳගේ කැන්වසින් යාම නවත්වන්න සැමියා විසින් දෙන ලද බඩ විරේක සැමියාටම පෙවූ බිරිඳක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


කේක් වෙනුවට රෙජිෆෝම් කපලා
2024 සැප්තැම්බර් මස 11 1308 0

දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් න


ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා
2024 සැප්තැම්බර් මස 10 1406 0

කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ


උකසට ගත් රන්මුදුව රිදී වී තරු පෙනිලා
2024 සැප්තැම්බර් මස 09 794 0

සූදූ පොළේදී උකසට ගත් රන් මුදුව නගරයේ උකස් මධ්‍යස්ථානයේදී රිදී බවට පත්වු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


දරුවන්ට පාඩමක් උගන්වන්න මව මලැයි කෝල් දීලා
2024 සැප්තැම්බර් මස 07 708 0

රෝහලට ඇතුළත් කර දින තුනක් ප්‍රතිකාර ලැබූ අවස්ථාවේ දී එක් දිනක්වත් තමාගේ සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත් වී පාඩමක් උගන්වන්න


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site