ගමේ පැවැති ලොකු උත්සවයකදී නිවේදකයා විසින් පොල්තෙල් පහන දල්වන්නට ආරාධනා කළ ආරාධිතයෙකුගේ තනතුරු පට්ටම් අඩුවෙන් නිවේදනය කිරීම නිසා එම ආරාධිතයා උත්සවයේ සංවිධායකයන්ට බැණ වදිමින් උත්සවශාලාවෙන් පිටව ගිය පුවතක් දකුණු පළාතේ ඈත ගමකින් වාර්තාවේ.
මේ ආරාධිතයා ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි. ඔහුට පසුගියදා ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් මුළු දිවයිනටම සාමදාන විනිසුරු පදවියක් ලබාදී තිබුණේය. එහි දිවුරුම් දුන් ඔහු පසුදිනම ඒ බව සඳහන් දැන්වීම් පුවරුවක් නිවසේ බිත්තියේ එල්ලුවේ ගමේ කාටත් පෙනෙන ලෙස ඉතා උජාරුවෙනි.
මේ අතර පසුගිය දිනෙක ගමේ ප්‍රධාන විහාරස්ථානයක පැවැතියේ දහම් පාසල් දරුවන් අගය කිරීමේ හා ඔවුන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවයකි. මෙම උත්සවයේ ආරාධිතයන් ලෙස විහාරාධිපති හිමියන් ඇතුළු ගමේ ප්‍රභූන් පිරිසක් ආරාධනා ලැබ පැමිණ සිටියහ.
උත්සවය ආරම්භ කිරීමත් සමග නිවේදකයා විසින් චිරාගත පොල්තෙල් පහන දැල්වීම සඳහා උත්සවයට පැමිණ සිටි ආරාධිත අමුත්තන්ට ආරාධනා කරනු ලැබීය. එක් එක් ආරාධිතයාගේ තනතුරු නම්බුනාම කියමින් නිවේදකයා ආරාධිතයන්ට ආරාධනා කරමින් සිටියේය. ඒ අතර අප මුලින් කී පාසල් ගුරුවරයාටද ඔහුගේ තනතුර ගැන සඳහන් කරමින් නිවේදකයා විසින් ආරාධනා කරනු ලැබීය. එහෙත් ඔහු පොල්තෙල් පහන දැල්වීමට පැමිණියේ නැත. නිවේදකයාටත් එහි සංවිධායක මණ්ඩලයටත් බැණ වදිමින් ඔහු උත්සවශාලාවෙන් පිටව යද්දී එහි සිටි කෙනෙකු ඒ ගැන විමසුවේ සිදුවූ දෙය සිතාගන්නට බැරිවය.
‘‘මුන් ඔක්කොම දන්නේ මං අවුරුදු ගාණක් උගන්නපු විත්තිය විතරයි. උන්දන්නෙ නැහැ මම දැන් මුළු දිවයිනටම සාමදාන විනිශ්චකාරවරයෙක් බව’’කියමින් ඔහු පිටව ගයද්දී එය ලොකු අඩුපාඩුවක් ලෙස ඔහු ගණන් ගෙන ඇති බව පෙනුනද එය නිවැරැදි කරන්නට නිවේදකයාට හෝ සංවිධාකයන්ට ඒ වනවිට ඉඩක් තිබුණේ නැත.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පට්ටම් ගැලවුණු ආරාධිතයා උත්සවයේදී මාරුවෙලා