පසුගිය උසස් පෙළ විභාගය ලියූ සිසුවෝ දෙදෙනෙක් රැකියාවක් සොයා නගරයේ කිහිප තැනකටම ගියහ. අවසානයේදී ඔවුනට පෙට්ටි බෑමේ සහ පැටවීමේ රැකියාවක් ලැබිණි.
හිමිකරු ඔවුන් අමතමින් ‘‘ඔයාලා හෙට උදේ අටට ග්‍රාම සේවක සහතික, උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික, ස්කෝලේ අස්වීමේ සහතික අරන් එන්න. හැබැයි ඔක්කොම ඔරිජිනල් වෙන්න ඕනෑ’’ යැයි පැවැසීය.
නිවෙස්වලට ගිය සිසුහු පසුදා උදේම සහතික රැගෙන ආහ.
දෙදෙනාගේම සහතික නියම සහතික දැයි පරීක්ෂා කළ හිමිකරු ඒවා අල්මාරියක දමා වසා තැබුවේය. ‘‘ඉරිදා නිවාඩු අනෙක් දවස්වල වැඩ. මාසෙට රුපියල් දාහත් දාහක් දෙනවා. හදිසියේ නිවාඩු ගත්තොත් දවසකට රුපියල් දාහක් කපනවා’’ ඔහු පැවැසීය. පසුව හිස් කඩදාසි දෙකක් ගත් හිමිකරු ඒවාට දෙදෙනාගේ අත්සන් යොදන ලෙස දැන්වීය.
‘‘ඇයි මහත්තයා අපි හිස් කොළයකට අත්සන් කරන්නේ.’’ සිසුවෙක් විමසීය.
‘‘ඔයාලගේ අතින් බඩුවක් කැඩුණොත් එහෙම නැත්නම් නැති වුණොත් ඔයාලා අස්වෙන දවසට අලාභයේ වටිනාකම කොළේ සටහන් කරනවා. සල්ලි දුන්නේ නැත්නම් කොළ දෙක පොලිසියට බාර දෙනවා. හිමිකරු පැවසීය.
සිසුහු දෙදෙනා එකඟ වූහ. වැඩ නිමාවී නිවෙසට පැමිණි ඔවුහු මව්පියන්ට මේ බව දැන්වූහ.
‘‘ඒ කාලේ මන්ත්‍රීවරුන්ගෙන් හිස් කොළේක අත්සන් ගත්තු’’ ජනාධිපති කෙනකුත් හිටියා යැයි සිසුවකුගේ සීයා කෙනෙක් පැවසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය
2025 දෙසැම්බර් මස 04
766
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙට්ටි කර ගැසීමට ආවාම හිස්කොළේකට අත්සන් අරන්