බුලත් කෙල පඩික්කමක් පිළිබඳ ගමේ කතාවකි. මුළු ගමටම වාගේ සාමාජිකත්වය හිමි සංවිධානයකි. කිසිදු දේශපාලන හයිහත්තියක් නැතිවම තම ශ‍්‍රමයේ ශක්තියෙන් ගමේ සුබ සාධනයට මේ තුළින් නොයෙක් දේ කළේය. ”සල්පිල්”, ”මල් පෙරහර” ආදායම් සොයා ගැනීමේ ක‍්‍රම අතර විය. නිතර පවත්වන එවැනි දෙයට ගැමියන්ගේ සහය ද නොඅඩුව ලැබිණි. ගැමියෝ මෙවැනිම වූ ”සල්පිලක්” සූදානම්කිරීමට කතිකා කර ගත්තේ විහාරස්ථානයේ වැඩකට මුදල් සොයා ගැනීම සඳහාය. සමිතියේ ඊළඟ රැස්වීම ඇරඹිණි. සභාපතිතුමා! සල්පිලට අවශ්‍ය විකුණුම් භාණ්ඩ දැන් ඕනෑ තරම් තියෙනවා. අපිට මේවා වෙන්දේසි කරන්න හොඳ කවිකාරයෙක් හොයාගන්න ඕන. අයෙක් නැගිටිමින් කීවේය. සල්පිල් කවියන්ගේ අගේ දැනෙන්නේ දැන් තමයි හාමුදුරුවනේ. කලකට පෙර මිය ගිය ගමේ වාසය කළ කවියෙකුගේ ගුණය ද සිහිකරමින් තවත් සාමාජිකයකු එසේ කියද්දී ”හරි මම එක්ක එන්නම් නියම කෙනෙක්” තවකෙක් කීවේය. එහෙනම් ඒ මහත්තයා ඊළඟ සභාව දවසට එක්ක එන්න. ලේකම්වරයා කීය. පන්සලේ ධර්මශාලාවට සතියකින් පසුව ඊළඟ සමිතිවාරය ද රැුස්විය. කවියා ද එහි පැමිණ සිටියේය. හොඳයි මේ මහත්තයා අපේ සල්පිලේ වැඬේ හොඳට කරල දේවි කියලා හිතනවා. ම්....ම්.... කියමුකෝ බලන්න නිකමට මෙතන අපේ සල්පිල කියල හිතාගෙන මොකක් හරි භාණ්ඩයක් අලෙවි කරන්න කවියක්. සමිති නිලධාරියකු එසේ කීවේ එදින සමිතිවාරයද රසවත් කරගැනීමේ අරමුණෙනි. ම්... මොකක් වගේ දෙයක් ගැනද කවිය කියන්න ඕන. කවියා ඇසීය. හොඳයි අන්න අරක ගැන කවියක් කියමු බලන්න. ධර්ම ශාලාවේ කෙළවරක තිබූ පඩික්කමක් පෙන්නා තවකෙක් කීවේය. කවියා උගුරේ රැල් බුරුල් කැර මෙසේ කීවේය. පහළට කට ඉහළට කට මැදට ගෙඩිය පඩික්කම ඉහළට කට මැදට ගෙඩිය පහළට කට පඩික්කම මැදට ගෙඩිය පහළට කට ඉහළට කට පඩික්කම ඉහළට කට පහළට කට මැදට ගෙඩිය පඩික්කම කවියාගේ දස්කම නිසා ඊළඟ සතියේ පැවැති සල්පිලේ ඉතිරි වූයේ සංවිධායකයින් වාඩිවී සිටි පුටු පමණකි.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පඩික්කම් කවියකින් සල්පිලේ බඩු සියල්ලම විකිණිලා
චලනි Friday, 30 March 2012 09:41 AM
නියමයි. එත් එකම දේයමනෙ අයෙත් මාරුකරලා කියලා තියෙන්නෙ.
සංජේ Tuesday, 27 March 2012 10:53 AM
තේරෙන්නේ නෑ මට
අමිල Tuesday, 27 March 2012 11:57 AM
පඩික්කම ගැන මීට වඩා මොනවා කියන්න ද ? එල එල
දයා, සෞදියේ සිට Tuesday, 27 March 2012 12:22 PM
ඉතින් හරි ලංසුවක් තියන්නයි තිබුණේ. කාටහරි සල්පිල දාටත් ඔයවගේ කවි කියාවි.