ලොක්කාගේ කැරැට්ටුව සොක්කා ඉදිරියේ සැමන් මාළු කෑල්ලකින් හෙළි වූ පුවතක් රජරට පෙදෙසට අයත් එච් 04. මහවැලි ජනපදයට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි.
ඔහු ආයතනයක ප්‍රධාන පෙළේ පුටුවක් හොබවන නිලධාරියෙකි.
එහෙත් ලොක්කා නිරතුරුව සිටින්නේ පොඩ්ඩන් ඇසුරේය. පොඩ්ඩෝ මත් තොළ ගෑමේ පාටියකට සූදානම් වූහ.
කිහිප දෙනෙකු දිවා ආහාරය ගෙනැවිත් නැත. ඔවුහු එක්ව කෑමත් සූදානම් කළහ. ලොක්කා ද පාටියට පැමිණියේය.
පමණ ඉක්මවා ගිය බොහොමයකට උන් හිටි තැන් අමතකය. පිළියෙල කර ඇති කෑමත් නොගෙන ඔවුහු හිටි තැන්වලම නින්දට වැටුණහ.
සවස් යාමයේ එක එකා නැගිට පිළියෙළ කර තිබූ කෑම ගැනීමට සූදානම් වූහ. බත් ඇත. තවත් ව්‍යංජන කීපයක් ද ඇත. එහෙත් පිළියෙළ කර සැමන් මාළු නැත.
එම බඳුන බිම වැටී තිබුණි.
සැමන්වලට මොකද වුණේ.? සියල්ලෝ විමසූහ.
ලොක්කා ඇතුළු කිහිප දෙනෙකු බත් කෑ බව පැවසුහ. “කාමරයේ පුසෙක් හිටියා. ඒකා එළියට දාලා දොර වැහුවා” ලොක්කා කීවේය.
එහෙනම් සැමන් ටික පූසා කන්නට ඇත. බඳුන බිම වැටී ඇත්තේ ද ඒ නිසා යැයි සිතා අන් අය තිබෙන ව්‍යංජනවලින් වේල පිරිමසා ගත්හ.
අවසානයේ සියල්ලෝ ආයතනයෙන් නික්මුණහ. ලොක්කා සමඟ යාමට තවත් සේවකයෙක් යතුරු පැදියට ගොඩ වුණේය.
අතරමඟදී පොලීසිය යතුරු පැදිය පරීක්ෂාවට ලක් කළේය.
ලොක්කාගේ බෑගයේ මොනවාදැයි පොලිස් නිලධාරියෙක් විමසීය.
තිබෙන දේ සේවකයා ඉදිරියේ කීමට ලොක්කා ඈලීමෑළි විය.
ඒ නිසාම ඇති වූ කුතුහළය මත පොලීසිය එය පරීක්ෂා කළේය.
එහි පිසූ සැමන් මාලුවක් තිබෙනු පොලීසිය දුටුවේය.
ඇයි සැමන් කියන්නට මැළි වුණේ. ‘‘ඇත්ත කීවානම් ඕක බලන්නේ නැහැනේ” පොලීසිය ඔහුට දොස් නගමින් කීවේය.
පුසා කෑවා යැයි කියා ලොක්කා සතුටෙන් සඟවාගෙන ගෙදරගෙන ගිය රහස සොක්කා ඒ සැනින් අන් සේවකයන්ගේ කනේ තිබ්බාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොඩ්ඩන් ඇසුරේ නැළවෙන ලොක්කාගේ කැරැට්ටුව සොක්කා එළිකරලා