(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
හිතවතාගේ පොත දොරට වැඩුමට ගොස් දෙපැයක් ඇතුළත ඔහුට ලියුම් කවර දෙකක් දීමට සිදුවූ අයකු පිළිබඳව දකුණේ වීරවරයන්ගේ පුරවරයකින් අසන්නට ලැබේ.
සිය පඩිපතම ඔහු සිය බිරින්දෑට දෙන්නට පුරුදුවූයේ ඇය සහේට ගත්දා සිට ම ය. ඒ ඇයගේ ආදරය දිනා ගැනීමටය. මෙය පුරුද්දකටම ගිය නිසා ඔහුට සිය පඩිපතම නොදී සිටීමටද බැරිවිය.
ඒ ඔහුට ලැබෙන වේතනය ගැන ඇය දන්නා නිසාය. ඒ සමගම නිවසේ සියලු මූල්‍ය කටයුතු කළමනා කෙරුණේ ඇය අතිනි. ඔහුට කොණ්ඩය රැවුල කපා ගැනීමට අවශ්‍ය වූ විටද මුදල් ඉල්ලා ගැනීමටද සිදුවූයේ ඇයගෙනි. එමෙන්ම ඔහුගේ සුබසාධන කටයුතු ඇතුළුව අනෙකුත් කටයුතු සඳහා මිල නියම කළේ ද ඇය ය.
හිතවතකුගේ පොතක් දොරට වැඩීමේ උත්සවයට ඔහුට ආරාධනා ලැබෙන්නේ ඔය අතරවාරයේදීය. ඒ සඳහා ඇය ඔහුට වෙන්කරනුයේ රුපියල් දහසකි. ඔහුද එය තමාගේ නම ලියූ ලියුම් කවරයක දමා පොත දොරට වැඩීමේ උත්සවයට ගෙන යනුයේ පොතේ මිල දහසකට අඩුය යන්න සිතාය.
එහි ගිය ඔහුටද සිය හිතවතා පොතක් පිරිනමන්නේය. ඒ සමගම සිය නම ලියූ ලියුම් කවරය ඔහු හිතවතාගේ අතට දෙන්නේය. පොතේ මිල දැක්ක ගමන්ම ඔහුට තරු පෙනුණේ පොතේ මිල රුපියල් එක්දහස් දෙසීයක් සඳහන් කොට තිබීමත් සමගමය.
තමාගේ නම සඳහන් කර දුන් ලියුම් කවරය නිසා ඔහුට කර කියා ගත නොහැකිවිය. පොත එළිදැක්වීමෙන් පසු හිතවතා සම්පාදනය කර තිබූ තේ මේසය දුටු විට මෙන් තමන් එහිදී කොටා බෑ දෙතුන් සියයක් වටිනා ආහාර වර්ග ගැන සිහිවූවිට තමන් දුන් ලියුම් කවරය මදි බව දෙපාරක්ම සිතීමට ඔහුට සිදුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු හිතවතකුගෙන් රුපියල් හාරසියයක අතමාරුවක් ගන්නේ තමාට මුහුණ දෙන්නට සිදුවූ අමිහිරි අත්දැකීම ද ඔහුගේ ද කනේ තබමිනි. එම මුදල් කවරය දෙවැනි වරටත් කතුවර හිතවතාට දීමට යාමේදී ඔහු එය ප්‍රතික්ෂේප කළේ ඇයි මතක නැද්ද ඔයා මුලින් ලියුම් කවරයක් දුන් බව කියමින්ය. හිතවතා හිතුවේ ඔහු යළිත් තමාට ලියුම් කවරය දෙනුයේ මුලින් දුන් කවරය ගැන අමතකවී ඇතැයි සිතාය.
දෙදෙනා අතර ඇතිවූ මේ සංවාදය ඇසූ ඔහුට අතමාරුව දුන් අය ගත්කතුවරයාගේ කනට කර සිදුවූදේ කියත්ම ගත්කතුවරයාට දුන් ලියුම් කවරය ගන්නවා හැර වෙනත් විකල්පයක් නොවීය. ඒ සමගම අපේ කතා නායකයා එතනින් හෙමිහිට ලිස්සා ගියේ තවත් අය මේ පිළිබදව දැන ගත්තොත් තමාට වෙන අවනම්බුව දැනගෙන මින් පසු සිය භාර්යාවට දෙන පඩිපතෙන් කීයක් හරි හෝ යටි මඩි ගසා මුදල් පසුම්බියේ සඟවා ගන්නේ යයි සිතසිතාය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පඩිපත බ්රියට දීලා සැමියා අලි පරිප්පුවක් කාලා