කඳුරට රජයේ කාර්යාලයක සේවයෙහි නිරත මොහුට මධුවිත තොල ගෑමට ඇත්තේ අපමණ ගිජුකමකි. මේ බව පවුලේ උදවියත්, අසල්වාසීනුත්, සේවා ස්ථානයේ අයත් හොඳ හැටි දනිති.
ගම්බද ප්‍රදේශයක සිට නරගයේ රැුකියාවට පැමිණෙන මොහු රැුකියාව දෙවැනි තැන තබා මත් වතුර පානයට මුල් තැන දී කටයුතු කරන මැදි වයස ඉක්ම වූ අයෙකි. එදා වැටුප ලැබූ දවසයි.
කාර්යාලයේ සේවා නිමාවෙන් පසු ඔහු මිතුරන් හා එක්ව රිසි සේ මත් වතුර පානය කළේ නගරයේ ඒ සඳහාම වෙන් කර තිබූ ස්ථානයකය. මත්පැන් පානයෙන් රතු ඉර ඉක්ම වූ ඔහු සිය යහළුවන් පිරිවරා බස් නැවතුම්පොළට පැමිණියත් ගමට යන අවසාන බසය ද ඒ වන විට පිටත්ව ගොස් ඇති බව ආරංචි විය. මිතුරෝ එක්ව සිය මිතුරා ත්‍රිරෝද රථයකින් මැදියම් රැය ඔන්න මෙන්න කියා තිබියදී නිවසේ අයට හොරා ඔහුගේ නිවෙසට ගෙනයාමට කතිකා කර ගත්හ.
ඒ මිතුරාගේ බිරිය සිය ස්වාමිපුරුෂයාට පමණක් නොව මිතුරන්ට ද දෝස් මුරේ දැමීම දන්නා බැවිනි. නිවැසියන්, අසල්වාසීන්ටත් නිවසේ ඇති කරන සුනඛයාටත් හොරා නිවෙසෙහි පිටුපස මුළුතැන්ගේ පිලෙහි ඇති තරමක උසකින් යුතුව සාදා ඇති මිරිස් අඹරන ගල රඳවා ඇති බැම්මට සිය මිතුරා නොවැටෙන ආකාරයට හේත්තු කළ ඔවුහු පිම්මේ තුන්රෝද රථයෙන් පිටවූහ. මත්පැන් පානය කළ අය අලූයම් කාලයේ හැමූ සිසිල් සුළඟ ගත දැවටී අවදි විය. මේ වන විට වෙරි මත ගතිය ද ඔහු කෙරෙන් තරමක් පහව ගොස් තිබිණි.
ඔහුට පෙර දින රාත්‍රියේ බස් නැවතුම්පොළට පැමිණි වග සිහිපත් විය. ඔහුට තැන නොතැන මතක නැති විය. මල්ලියේ, රත්තොටට යන බස් එක ගියා දැයි කීප වරක් කෑ ගසන්නට විය. නිවෙස තුළ නිදා සිටි බිරියත්, දරුවනුත් නින්දෙන් අවදි වී ඔහු නිවස තුළට ගත්හ. මොහු නිවසට පැමිණි ආකාරය දැනගත්තේ සෑහෙන කාලයකට පසුවය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පඩි දා සූර්වී යාළුවන්ගේ කර මතින් ගෙදර ඇවිත්
මොරවක Thursday, 04 February 2016 05:43 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ජයරත්න Wednesday, 03 February 2016 12:58 PM
සිල්වත් ගුණවත් තැන්පත් බිරිඳක් ඉන්න ස්වාමියෙක් නම් කවදාවත් ඔය ජරා වතුර නම් කටේ තියන්නේ නැහැ , (හේ)
රෙජි-සිඩ්නි Thursday, 04 February 2016 12:42 AM
මේ වාගේ දේවල් කරනකොට දුක්විඳින්නේ දරු පවුල මිස වෙන කවුරුන්ද? (නි)
පිටබැද්දර ජයා Thursday, 04 February 2016 01:11 AM
දවසේ වෙහෙස සුවසේ නිවාගන්න ඉඳල හිටලා අපිත් හීනියට අඩියක් නම් ගහනවා. උම්බලකඩ කෑල්ලක්, රතු ලුණු ටිකක් ලියලා, ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා, දෙහි ඇඹුල් ටිකකුත් කලවම් කරගෙන එහෙම. හැබැයි ඉතින් මේ ගොයියා නම් බීලා තියෙන්නේ බිරිඳත් එක්ක තියෙන මොකක්දෝ නෝක්කාඩුවකට කියලා තමයි මට නම් හිතෙන්නේ. නැත්නම් කවුද අප්පා බීලා මැරෙන්න හදන්නේ? (නි)
චමිලා Friday, 05 February 2016 01:05 PM
බොන්න ඕනේ ප්‍රමාණයකට පෙරේත කමට බීපුවම ඔය වගේ දේවල් වෙනවා.(හේ)
ජනහිත Friday, 05 February 2016 10:58 PM
හුඟ දෙනෙක් බොන්නේ කෑදරකමට (නි)
සුරේණි Friday, 05 February 2016 01:27 PM
මූඩියක් පෑගිලා වෙන්න ඇති.(හේ)
දිනේශ් Wednesday, 03 February 2016 02:33 PM
ජයරත්නෙත් නින්දෙන් නැගිටල වගේ (බ)
නිශාන්ත Wednesday, 03 February 2016 02:55 PM
අනේ මාත් මේ පොඩි ෂොට් එකක් ගත්තු වෙලාවේ ජරා වතුර කියන්නේ (බ)
ලතා Thursday, 04 February 2016 01:18 PM
ඇයි ජයා මෙච්චරම ගැහැණු එක්ක තරහා? (නි)
අජිත් Thursday, 04 February 2016 01:21 PM
ඒ කෙනා බොන එකේ නියම සතුට ගන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. තමන්ගේ තරම දන්නේ නැතිවුණාම ඔහොම තමයි. (නි)
මිනිපෙ Saturday, 06 February 2016 05:08 PM
අනේ ඔහේ ඉඳලා හිටලා බීලා මැරෙන්න ට්‍රයි එකක් දැම්මහම මොකද වෙන්නේ? (නි)
චින්තක Wednesday, 03 February 2016 05:48 PM
ජයරත්න මහතා දන්නා තරම තමා. (නි)
පිටිගල Sunday, 07 February 2016 10:35 PM
සුරාවෙහි අගයත්.. එහි ඇති මිහිරි රසයත්... එය බොන අය මිසක්..... නොබොන අනුවණ දනෝ නොදනිත් කිව්වලු. (නි)
මහින්ද සෞදි Thursday, 04 February 2016 07:10 AM
නොබොනවානම් හොඳයි,බොනවානම් ඊටත් වැඩිය හොඳයි.(ම)
කාන්ති Friday, 05 February 2016 10:22 AM
පිටබැද්දර පැත්තේ පිරිමින්ට කිවිසුමක් ගියත් ඈනුමක් ගියත් බඩේ අමාරුවක් හැදුනත් ඔක්කොටම පලි බවලත්තු තමයි. අපොයි මෙහෙමත් මහත්තුරු. ! (කෞ)
ආනන්ද ආර් Wednesday, 03 February 2016 06:58 PM
මට නිකම් මැවිලා පෙනෙනවා මේ පුද්ගලයා මිරිස් ගල් පිලට හේත්තු කරලා හිටපු විදිය. හොඳ වෙලාවට ගෙදර සුනඛයා අගුපිලේ නිදාගෙන නැත්තේ. (නි)
රුවනි Friday, 05 February 2016 10:27 AM
මොකක්ද මේ පිටබැද්දර ජයාට වෙලා තියෙන්නේ? (නි)
චාරු Friday, 05 February 2016 10:58 AM
අයියෝ පව් මෙයා.(හේ)
රාධා Wednesday, 03 February 2016 09:52 PM
මේක ඉතින් බොන හැමෝගෙම ගෙදර එන ක්‍රමයනේ (නි)
කෙනත් Wednesday, 03 February 2016 11:04 PM
ගෙදර හිටපු බල්ලත් පුදුම එකෙක්නේ. ඌත් පාඩුවේ ඉඳලා (නි)