IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පුතුගෙන් මඟුල් දිනේ අහගන්නැයි කියා මවුපියෝ නෑයන්ට බුලත්දෙති

බුලත්දී නැකතට මඟුල් කියා මංගල්ලය පැවැත්වෙන දිනය පුතුගෙන් අසා දැන ගන්නා ලෙස ඥාතීන්ට දැන්වූ මවුපිය යුවළක පිළිබඳ පුවතක් ගම්පහට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
දකුණේ ගම්මානයක පදිංචි පවුලකි. දෙටු පුතුගේ මංගල්ලයට දින නියම කෙරිණි. ඒ අනුව නැකතට මගුල් කීමට මේ පවුල තෝරා ගත්තේ ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි ඥාති නිවසකි.
ඒ අනුව කලින් දන්වා නියමිත දිනයේ මඟුල් කියන්නට මනාලයාගේ මවත් පියාත් එහි පැමිණියහ.
නංගීටත් මල්ලීටත් බුලත්දී පුතුගේ මංගල්ලයට සහභාගි වනලෙස මේ මවුපිිය යුවළ ඉල්ලා සිටියහ.
අයියේ මඟුල කෙරෙන්නේ කවදාද නංගී විමසුවාය. සිය බිරියගේ මුහුණ බැලූ සැමියා කල්පනා කළේය. 
අනේ නංගි පුතාට කෝල් කරලා දිනේ අහගන්නයි ඉල්ලා සිටිද්දී නංගීගේත් මල්ලීගේත් දරු දෙන්නා සිනාසෙන්නට වූහ. 



අදහස් (0)

පුතුගෙන් මඟුල් දිනේ අහගන්නැයි කියා මවුපියෝ නෑයන්ට බුලත්දෙති

රණවීර Monday, 13 May 2013 12:22 PM

වයසක අයට අමතක වෙන එක වෙන්න පුළුවන් . ඒකට හිනා වෙනවනම් නරකයි. (ස)

:       0       0

චතූ Friday, 17 May 2013 10:02 AM

දකුණේ නම් අනිවාර්යෙන් මොරවක් කෝරළේ සම්භවයක් වෙන්න ඇති. (ස)

:       0       0

දොස Thursday, 16 May 2013 08:39 PM

මේකේ කොහෙද වැරද්දක්? සාමාන්‍යයෙන් දැන් මගුල් කටයුතු කරන්නේ ඒ දෙන්නා. දෙමවුපියන් නෙමෙයි. මොකද දැන් තියෙන්නේ වයිවාරන දේවල් එයාලට තේරෙන්නේ නැහැනේ. චාරිත්‍ර තමයි අම්මලා කරන්නේ. ඉතින් දින නොදන්නාකම මෝඩකමක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ඇන්ටන් Monday, 13 May 2013 01:20 PM

මෙතන ඇතිවෙලා තියෙන්නේ දෙමව්පියොත් දරුවනුත් අතර සම්බන්ධතාවය දුරස්වීමයි. දරුවෝ දෙමව්පියන්ව ගණන් ගන්නේ නැතිකම (නි)

:       0       0

ඉන්දික Monday, 13 May 2013 01:27 PM

දකුණ නෙවෙයි තුම්පනේ වුනත් වයසක අම්මට තාත්තට අමතක වීම වෙන්න පුළුවන්. ඒත් ඒ සිද්ධියෙන් දකුණ විග්‍රහ කරන්න තරමටම මේ ප්‍රතිචාර දාන අය මෝඩ තකතීරුවෝද? දකුණෙ වැඩ්ඩො නිසා තමයි කාටත් කතා කරන්න හරි රටක් තියෙන්නෙ. (නි)

:       0       0

හසිත Tuesday, 14 May 2013 09:23 AM

ගම්පහ දැන් තියෙන්නේ දකුණේද ආයිබෝවන්. ඉස්සර රජ කාලේ නම් දැදුරු ඔයෙන් පහල කුරුණෑගලත් රුහුණේ තමයි.(නදී)

:       0       0

යොහාන් Monday, 13 May 2013 02:07 PM

ඉන්දික,ඔබ හරි. ඔබේ කතාව ඇත්ත. (නි)

:       0       0

අකිල Monday, 13 May 2013 07:44 PM

ඇයි වදේ දැන් ඔක්කොම දකුණටනේ බනින්නේ? අනේ කාලේ වනේ වාසේ. මෙයාලා ඔක්කොටම පිස්සු. අපිටත් පිස්සු මේවා බලනවට. (නි)

:       0       0

විහග Monday, 13 May 2013 02:20 PM

ඉන්දික ඔබ හරි. දකුණේ මිනිස්සු නැත්තම් අද රටක් නැහැ (නි)

:       0       0

නිමල් Monday, 13 May 2013 02:24 PM

මේක දකුණේ වැරැද්ද නෙමෙයි. අද දෙමාපිය සහ දූ දරු සබදතාවය දුරස් වෙලා (නි)

:       0       0

සාගර Tuesday, 14 May 2013 05:32 PM

දකුණේ අය තමයි අද රටයි විපක්ෂයයි දෙකම කන්නෙ. (නි)

:       0       0

රන්දිල් Wednesday, 15 May 2013 12:09 PM

හිනා වෙලා රස විදින්න දෙයක් කිවුවත් මෙයාලා කටින් ගහ ගන්නවානේ. අනේ මෙහෙම ලංකාවක්. (නි)

:       0       0

ප්‍රදීපා Monday, 13 May 2013 02:43 PM

උතුර, දකුණ කියලා නැහැ අමතකවීම් වයසක අයට වෙන්න පුළුවන්. ඒකට හිනාවෙන්න හොඳ නැහැ තරුණ අය. පුතා දෙමව්පියෝ දැනුවත් කරලා එවුවා නම් වඩාත් වටිනවා (නි)

:       0       0

නිමන්ත Monday, 13 May 2013 09:32 PM

ආ ඔය ඇවිල්ලා තියෙන්නෙ දකුණට බනින්න කට ඇරගෙන බලන් ඉන්න අයට ප්‍රවෘත්තියක්. දැන් ඉතින් ඒ අයට සතුටු ඇති (නි)

:       0       0

හේරත් Monday, 13 May 2013 10:01 PM

ඒ කාලේ මම යාල්පානම් ඉන්නකොට බේකරි කීපයක හිටියේ දකුණේ මුදලාලිලා. උතුරේ වගේම දකුණේත් දකුණේ වගේම උඩරටත් හොඳ වැඩ කාරයෝ හිටියේ දකුණේ අය තමයි. ඔලුව අතගාල බැලුවා නම් උකුනෙක් අහු වුණත් මචෝ ඌ දකුණේ. එන්ඩ එපා වළි දාන්න කියනවා. (නි)

:       0       0

ශීලා Monday, 13 May 2013 03:32 PM

දකුණේ නියම වැඩකාරයෝ ඉන්නේ බෙන්තර ගග සහ දෙවුන්දර තුඩුවේ අතර විතරයි. (නි)

:       0       0

ලලිත් Monday, 13 May 2013 03:52 PM

එකත් එකටම මනමාලය පුද්ගලික සමාගමක සේවකයෙක් වගේ. නිවාඩු ගන්න එක හරියටම කියන්න බැහැනේ.(ස)

:       0       0

ෂෙරිෆ් Monday, 13 May 2013 10:28 AM

දකුණේ ගම්මානයක නම් අහන්න දෙයක් නැහැ (නි)

:       0       0

සමීර _ සල්මියා Tuesday, 14 May 2013 12:22 AM

දිනයට වඩා විනය ගැන සොයා බැලීම හොදයි. විනය අප්සට් නම් විහාහ වුණ දිනය මතක් කරකර පෙනය පුප්පන්න පටන් ගනී. එවිට දිනේ විනේ වෙලා පෙනේ. එනිසා දිනය විනය සහ ධනය ප්‍රවේශම් කරගැනීම සුදුසුය . තවද හොද නැකත්කරුවෙකු හමුවී ජීවිතය දිනන හොද දිනයක් හා හෝරාවක් ලබා ගන්න. විවාහයෙන් පසු පළමු විදුලි බිල ගැන නොසිතා සතුටින් කල් ගෙවන්න (නි)

:       0       0

වරුණ Monday, 13 May 2013 10:36 AM

දකුණත්දැන් මතුගම ඕවිටිගල වගේ වෙලා කොහොමද දකුණේ ආස්චාර්යඅ. (ස)

:       0       0

සම්පත් Monday, 13 May 2013 04:17 PM

මේක ගම්පහ වෙලා තියෙන්නේ. ඉතින් දකුණට බනින්නේ පිස්සුද? (නි)

:       0       0

චන්දි Tuesday, 14 May 2013 11:36 AM

දකුණේ අය‍ට හිනාවෙන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැනේ. මෝඩයා කියන දකුණේ අපේ කොල්ලෝ රට බේරගන්න මොන තරම් වීර ක්‍රියා කෙරුවද? හරියට මෙයාල අදහස් ලියන්නේ මොලේ තියෙන්නේ එයාලට විතරක් වගේනේ.(නදී)

:       0       0

අප්පු Tuesday, 14 May 2013 08:21 PM

මේක පචයක් කියල තේරෙන්නේ නැති උදවිය දකුණට බනිනවා. (නදී)

:       0       0

අරුණ Monday, 13 May 2013 10:47 AM

දැන් ඉතින් ඔහොම්ම තමයි, සියළු පහසුකම් තියෙනවනේ. ෆේස් බුක් එකෙන් බලාගන්න පුළුවන්. (ස)

:       0       0

ගයාන් Monday, 13 May 2013 05:31 PM

ඉන්දික, දකුණ ගැන ඔච්චර කියවන්න එපා.රට වෙනුවෙන් වැඩිම ජීවිත ගානක් පුජා කළේ වයඹ කොල්ලෝ. ඒකත් කුරුණෑගල පළාතෙන්.හැමදේකම අයිතිය දකුණට ගෙනියන්න හදන්න එපා. (නි)

:       0       0

දිසානායක Tuesday, 14 May 2013 04:00 PM

දකුණු පළාතේ ගම්පහ කියලා ගමක් තියෙනවද? මම හරියට දන්නේ නැහැ (නි)

:       0       0

දිසානායක Tuesday, 14 May 2013 04:00 PM

ඔව් චන්ඩි ඔබ හරි. දකුණේ අයගේ ඔලුව වැඩියි තමයි (නි)

:       0       0

සරත් Monday, 13 May 2013 11:59 AM

දකුණේ වැඩ නම් ඔහොමම තමා. (ත)

:       0       0

දකුණේ කෙනෙක් Tuesday, 14 May 2013 10:00 PM

දකුණේ අය නිසා තමයි කවුරුත් තාම ජීවත් වෙන්නේ (නි)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 10:47 AM

ඔව් ඒක ඇත්ත. අපි මැරි මැරී හරි ජීවත් වෙනවා දකුණ නිසා. ඇයි එයාලනේ අපිට කන්න දෙන්නේ.ඔහේ කැවැයි? (නි)

:       0       0

කෙවින් Monday, 13 May 2013 06:13 PM

ඉන්දික,දකුණේ ඔයාලගේ වැඩකාරයෝ නිසා ලගදීම අපි ඔක්කොටම හිගා කන්න වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 431 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 564 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1053 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 890 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2342 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 813 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site