පුතාගේ ඉබි ගමන දැක කෝප වූ පියා හාවෙකුගේ වේගයෙන් එහේ මෙහේ පැන බඩු මුට්ටු එළියට දැමීමෙන් අසරණ වූ පුතා හා විවාහක බිරිය තම දරුවාත් කැටුව විසු නිවසින් හිටි හැටියේ පිටමං වූ පුවතක් රජරටට අයත්, අවුකන අවට මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.
පියා මහවැලි ඉඩම්ලාභියෙකි. පියා කුඹුරු වැඩ කර වී අස්වැන්න යල මහ කන්නවල දී ගෙට ගෙන එනවා දුටු විවාහක පුතා ද ගොවිතැන් කටයුතුවල නියැලෙන්නට ඇල්මක් දැක්වීය.
ඒ අනුව පියා තම කුඹුරු වගා කරන අතරේ පුතා බද්දට හා උකසට කුඹුරු ගෙන ඒවා වගා කිරීමට වෙහෙසුනේය.
පියා, මව හා බාල දියණිය කැටුව මුල් නිවසේ වෙසෙන අතර, වැඩිමල් පුතා ද තම විවාහක බිරිය හා දරුවා සමගින් එම නිවසේම කාමරයක වෙසෙති.
පියා කුඹුරෙන් ගෙනෙන ලද වී අස්වැන්න කුස්සිය පැත්තේ ගොඩ ගසා තැබූ අතර පුත්‍රයා ගෙනෙන ලද වී ටික නිවසේ සාලයේ ගොඩ ගසා තිබුණි.
එලෙස සාලයේ වී ගොඩ ගසා ගොවිතැන් වැඩවලින් නිදහස් වූ පුතා තම බිරිය හා දරුවා කැටුව වෙනත් ගමනක් සඳහා නිවසින් නික්ම ගියහ.
පුතා සාලයේ දමා ගොස් ඇති වී ගොඩ දෙස පියාගේ නෙත ගැටුණේ ඒ අතරවාරයේදී ය, වී ගොඬේ පුතා යොදා ඇති සලකුණු බලා පියා යමක් තේරුම් ගත්තේය.
වහාම වසමේ ග්‍රාම නිලධාරි මහතා නිවසට කැඳවාගෙන ආවේය. ඔහු ඉදිරිපිට පුතාගේ කාමරයේ තිබු අල්මාරි, කන්නාඩි මේස, පොඩි එකාගේ ඇඳුම් රාක්ක, රෙදි ඇතුළු ඔවුන් සතු බඩු බාහිරාදිය මෙන්ම කුස්සියේ තිබු ඉහුම් පිහුම් කට්ටල සියල්ල ගේට්ටුව අසල පාරෙන් පිටත ගොඩ ගැසුවේය. ඔවුන් සතු නූල් පොටක් හෝ ගෙයි ඇතුළේ නැත.
සාලයේ සලකුණු දමා තිබු වී බුසල් 200ක පමණ වී ප්‍රමාණය මිදුලේ ටෙන්ට් රෙද්දක් එළා ඒ මතට පියා තනියම ඇද දමා ගොඩ ගැසුවේය. කිසිවක් අඩු නැති බවට ග්‍රාම නිලධාරිවරයාට ද පෙන්නා තහවුරු කර ගත්තේය.
බඩු මුට්ටු එළියට දැමීමේ හේතුව පුතා එනතුරා කිසිවෙකුටත් පියා එළි කළේ නැත.
මේ නිසා කුතුහලයෙන් පසු වූ හිතවතුන් සිද්ධිය නිවසින් පිටව ගිය පියාගේ පුත්‍රයාටත් ඔහුගේ විවාහක බිරියටත් පැවසූහ.
සිද්ධිය ඇසු සැනින් වෙච්ච දේ පුතා තේරුම් ගත්තත්, ඒ බවක් ඔහු තම බිරියට කීවේ නැත.
එය ඇසු සැනින් ඇය හා දරුවා එහි නවතා ඔහු පමණක් ගෙදරට පැමිණියේය.
පැමිණි පුතා දුටු පියාට යක්ෂයා ආරූඪ විය.
“යකෝ, මමයි අම්මයි නංගියි සැක හින්ද ද, වී ගොඬේ ඉබ්බෝ ගියා වාගේ ඇඟිලිවලින් ඉබි කකුල් රටා දැම්මේ.
අපිව සැක නම්, උඹට මේ ගෙදර ඉන්න අායෙත් වරම් නෑ. දැන්මම පලයන්,”
පුතාගේ ඉබි ගමන දැක කෝප වූ පියා හාවෙකුගේ වේසයෙන් බඩු මුට්ටු එළියට විසිකර ඇති බව රැස්ව සිටි අය තේරුම් ගත්තේ එවිටය.
කෙසේ වෙතත් යන එන මං නොමැති පුතාට වැස්සක සේයාවන් දැක ඊට පෙර බඩු මුට්ටු හා වී ටික එතැනින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යා යුතුව ඇත.
මිතුරන්ගේ සහාය මැද සඳ රැස් ඇති රැයක ට්‍රැක්ටරයක් හා ටිපර් රථයක් ගෙනැවිත් නවාතැනක් සොයා ගන්නා තෙක් ඒවා තම සගයන්ගේ නිවෙස් කරා ඇදීමට වහ වහා පියවර ගත්තේ වැස්සක සේයා ඒ බිමට පතිතවන්නට පෙරලු.
මොරගොල්ලාගම
සිසිර කැලේගම
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුතාගේ ඉබිගමනට කෝපවූ පියා හා වේගෙන් යක්ෂාවේශ වෙලා