(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ක්‍රියාවිරහිත පරිගණකය යථා තත්ත්වයට පත් කිරීමට පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට ගිය විට කොරෝනා පාසල් නිවාඩු කාලයේ සිය පුත්‍රයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගත් දේවල තරම දැන ගැනීමට ලැබුණු පියකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.
කොරෝනා පාසල් නිවාඩුවේ පාසල් ඉගැන්වීම් කටයුතු කළේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පරිගණකයෙනි. මේ පුත්‍රයා ද මවුපියන්ට වද කර පරිගණකයක් මිලදී ගත්තේ ඒ සඳහා යයි කියමිනි. තමන් බොහෝම අමාරුවෙන් මිලදී ගෙන දුන් පරිගණකය පුතා උනන්දුවෙන් ක්‍රියාකරවනු දුටු මවුපියෝ සතුටට පත්වූහ. ඒ කොරෝනා නිසා පාසල් වැඩ අතපසු නොකර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාසල් වැඩ කරනු ඇතැයි විශ්වාසයෙනි.
මේ අතරවාරයේ පුතාගේ පරිගණකය ක්‍රියාවිරහිත විය. පියා එය යළි සක්‍රීය කිරීමට නගරයේ පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට ගෙන ගියේය. එහි සේවකයකු මේ පරිගණකය පරීක්ෂා කර බලා කීවේ මේ පරිගණකයේ දත්ත ගබඩා ඒකකය පිරී ඇති නිසා එය ක්‍රියාවිරහිතව ඇති බවය.
එය යළි සක්‍රීය කිරීමට නම් දත්ත ගබඩාව හිස් කළ යුතුබවත් අවශ්‍යම දේවල් සී.ඩී. පටියකට අරන්දිය හැකි බවත් එම සේවකයා කීවේය.
පියාද ඔහුගේ වචනයට අනුගත වුයේ ඊට වෙනත් විකල්පයක් නැති නිසාය. සිය පුත්‍රයාගේ පරිගණකයේ දත්ත ගබඩාවේ තැන්පත් කළ දත්ත එකින් එක පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයේ සේවකයා පෙන්වමින් සිටියේය. පියාට දෙවියන් බුදුන් සිහිවුයේ එවිටය. කොරෝනා නිසා සිය පෙම්වතිය හමුවීමට ඉඩක් නොවූ සිය පුතා සහ ඔහුගේ පෙම්වතිය අතර හුවමාරු කරගත් පෙම් හසුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් හා නිල් චිත්‍රපට පරිගණක දත්ත ගබඩාවේ තිබූ බව දැනගත් විටය.
මෙය තවත් නොඉවසූ පියා සේවකයාට කීවේ මේ දත්ත සී.ඩී. පටයට නොදා මුළු දත්ත ගබඩාවම හිස් කරන ලෙසය. ඒ සමගම පරිගණකය යළි ක්‍රියාකාරී වූ අතර ඔහු නිවෙසට එනු දුටු ඔහුගේ බිරිය ඇසුවේ කොහොමද ලැප් එක හැදුවද යන්නය. ලැප් එක නම් හැදුව ඒත් මගේ හිතනම් කැඩුණා. යයි ඔහු කීවේය.
සිය පුතා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඩම් වැඩ කරනවා යයි කියමින් කර ඇති දේ ගැන සිය බිරියට කී විට ඇයගේ අතින් ඇගේ කණ කර අත ගෑවුණේ අනේ දෙවියනේ කියමිනි. මුදල් නොවූ ඒ අවස්ථාවේදී සිය පුත්‍රයාට පාසල් වැඩ කිරීමට අවැසි පරිගණකය මිලදී ගෙන තිබුණේ ඇයගේ කනකර උකස් කර නිසාය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුතුගේ ඔන් ලයින් වැඩ කැඩුණු කොම්පියුටරෙන් එළිවෙලා
jaya Wednesday, 03 February 2021 05:47 AM
පරිගණකයක් ගත්තොත් ඒක සාලෙන් තියන්න. ෆෝන් එකක් නම් ළමයට දෙන්න එපා.
sana Wednesday, 03 February 2021 08:55 AM
අද තියෙන පරිගණකයක හාඩ් එක හෙවත් දෘඪ තැටිය සම්පූර්ණයෙන්ම පිරෙන තුරු දත්ත තැන්පත් කරා නම් ඒක සීඩි එකකට දාන්න පුළුවන්ද? අනෙක ඔය දේවල් කෙසේ වෙතත් ඔය පෙම් හසුන් කොහොමද එහෙම තැන්පත් කරා කියන්නේ?
chandanaFriday, 05 February 2021 03:20 AM
P4, DualCore පරිඝණක තවමත් ලංකාවේ විකුණන්න තියෙනවා. ඒවා විකිණෙනවා. 160GB හාර්ඩ් ඩිස්ක් එකක් C හා D කියලා දෙකට බෙදලා පාර්ටිෂන් කරලා C කොටසට මෙහෙයුම් පද්ධතිය දැම්මාම තවත් අනන් මනන් එක්ක චිත්‍රපටි 60ක් විතර ඒ පාර්ටිෂන් එකටම දානකොට එහෙම වෙන්න පුළුවන්. මම කියපු විදිහේ පරිගණකයකට නූතන මෙහෙයුම් පද්ධතියක් දැම්මාම ඒක එහෙම වෙන්න තවත් ඉඩ වැඩියි. ඔහුගේ මානසිකත්වය එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. කොහොම වුණත් මේකෙන් දෙන පණිවිඩය වැඩිහිටියන්ට ඉතාමත් වැදගත්... දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන දරුවන්ට නොතේරෙන ක්‍රම වලින් සොයා බලන්න. එවැනිම වක්‍රාකාරයකින් දරුවන්ට හොඳ නරක කියාදී යහමගට ගන්න. දරුවන් ඔබේ නිසා වැඩිම කැක්කුමක් ඇත්තේත් ඔබටමයි.
NuwanSaturday, 06 February 2021 06:37 AM
හොඳ පැහැදිලි කිරීමක්... ස්තුතියි..!!!