කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.
වචන නිසි ලෙස භාවිත නොකිරීම නිසා පවුලේ අය ඉදිරියේ අපහසුතාවට පත් වූ කාන්තාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
එම කාන්තාවගේ පුතා ආරක්ෂක අංශයේ රාජකාරියේ යෙදී සිටියේ නැගෙනහිර පළාතේ අති දුෂ්කර ගම්මානයකයි. රාජකාරී කටයුතුවල නිරත වූ ප්‍රදේශයේම තරුණියක හා ආදර සම්බන්ධතාවක් ගොඩනගා ගත් ඔහුට මවුපියන්ගේද ආශිර්වාද මැද විවාහ දිවියට ඇතුළත්වීම එකම අපේක්ෂාව විය.
මේ බව මවුපියන්ට දැනුම් දුන් ඔහු ඇයගේ නිවෙසට යාමට තීරණය කළේය.
අදාළ දිනයේ මවුපියන් සමග පමණක් පොදු ප්‍රවාහන සේවයෙන් ගමනට සහභාගි වූයේ වැඩි පිරිසක් ගමනට සහභාගී වීම අධික වියදම ගෙන දෙන නිසාවෙනි. එම නිවෙසින් ලැබු සංග්‍රහ භුක්ති විඳි ඔවුන් සතුටු සිතින් එදිනම එම නිවෙසින් පිට වූයේ එහි රැඳීම නුසුදුසු බැවිනි.
තම සහෝදරයාගේ පෙම්වතිය පිළිබඳ තොරතුරු දැනගැනීමට නොඉවසිල්ලෙන් මග බලා සිටි පවුලේ අය මව ගෙට ගොඩවනවාත් සමගම විමසා සිටියේ “අම්මේ මනමාලිය කොහොමෙයි, යනුවෙනි. ඒ සමගම “අනේ ළමයිනේ ඒ ඔක්කොම හොඳයි හැබැයි පස්සා පැත්තේ කරගැට යනුවෙන් පවසා තම කාමරයට ගියේ ඇඳුම් මාරු කරගෙන ඒමටයි.
මවගේ පිළිතුරින් විමතියට පත් ඔවුන් මුහුණට මුහුණ බලාගත්තේය. අනතුරුව මවගෙන් ඔවුන් විමසා සිටියේ ‘‘අම්මා ඒක දැක්කෙ කොහොමෙයි’’ කියාය. තමාට වචන පටලැවී ඇති බව දැනගත් ඇය “අනේ ළමයිනේ ඒ දුවගෙ නෙමෙයි හැතැප්ම ගණනක් එකදිගටම වාඩිවෙලා ගිහින් මගේ පස්ස පැත්තෙ තමයි කරගැට ඇවිත් තියෙන්නෙ යනුවෙන් ඇය සිනාසෙමින් පැවසුවාය. එතැන සිටි පිරිස කොක්හඬලමින් සිනාසෙන්නට වූහ. එවිට මවද තම පසු පෙදෙස අත ගාමින් එම සිනාවට එකතුවෙමින් ගමනේ තොරතුරු පවසන්නට වූවාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුතාට මනාලියක් බලන්න ගිය මවට දෙකොන මාරුවෙලා