තම බිරියගේ උපන් දිනයට සකසන ලද රසවත් කෑම වේල ආයතනයේ සේවය කරන සදාදර සැමියා ඇතුළු ආයතනයේ සේවක පිරිසකට නොදී රිළා රංචුවක් එය භුක්ති විඳීමේ සිද්ධියක් ඇතුගල්පුරයෙන් අසන්නට ලැබුණි.
මෙම පවුලේ සියලු දෙනාගේම උපන් දින සාද සෑම වසරකම ජයටම නිවසේ සිට සමරන්නේය.
එහෙත් මෙවර තම බිරියගේ උපන් දිනය සැමරීමට පවුලේ අය එක් වුවත් සැමියාට ඊට සහභාගිවීමට නොහැකි විය.
ඒ ඔහු වසර අවසානයේ සේවය කරන ආයතනයේ තිබෙන කාර්ය බහුලත්වය නිසාය. එයට ඔහු නොගියත් සැමියා තම ආයතනයේ සේවකයන්ද සමගින් ස්මාර්ට් පෝනයේ වීඩියෝ ඔස්සේ ඒ අවස්ථාවේ එය නරඹමින් ඇයට සුබ උපන් දිනයට සුබ පැතුවේය.
එලෙස උපන් දිනය සැමරීම නිමා වුවද ඒ වෙනුවෙන් සකසන ලද කේක් හා විශේෂිත කෑම වේලෙන් කොටසක් තම සැමියාටත්, එහි සේවය කරන සේවකයන්ටත් යැවීමට බිරිය අමත නොකළාය.
ඇය නිවසේ සිට ඊට අදාළ පාර්සලයක් ලහි ලහියේ සැකසුවාය. එය තම පුතු අතට දුන්නාය.
පුත්‍රයා යතුරුපැදිය පණ ගන්නාගන කිලෝ මීටර් පනහක පමණ දුර ගෙවා දඹුල්ල-කුරුණෑගල මාර්ගය ඔස්සේ පියා වැඩ කරන ආයතනය පිහිටි ඇතුගල ඉසව්ව කරා පැමිණ ගේට්ටුව අසල නතර කළේය.
ගේට්ටුව වසා ඇත. පෙනෙන්නට කිසිවකු නැත. ඒ නිසා යතුරු පැදිය එහි නවතා පුතු ඇතුළට ගියේය.
පියා හමුවූ පුතු අම්මා සැකසූ උපන් දින කෑම පාර්සලය ගෙනා බව පැවසීය. කාටත් හොරා එය එවූ පුවත අසා ආයතනයේ සේවකයෝද පුතු වටා රොක් වූහ.
‘‘පාර්සලය කොයි. එය යතුරු පැදිය මත. ඒ නිසා එය ගැනීමට රස කර කර කෑමට සියල්ලෝ ගේට්ටුව අසල නවතා ඇති යතුරුපැදිය කරා ළඟා වූහ.’’
යතුරුපැදිය ඇත. එහෙත් කෑම පාර්සලය එහි නැත. වට පිට බැලූ ඔවුනට දැක ගැනීමට හැකිවුණේ අවට ගැවසෙන රිළා රංචුවක් එය ඩැහැගෙන ගොස් ආයතනයේ වහලය මත තබාගෙන ඇයගේ උපන් දිනය ජයටම රිළවුන් සමරන අයුරුය.
මොරගොල්ලාගම සිසිර කැලේගම
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුතා පියාට ගෙනා උපන් දින කෑම පාර්සලය රිළවු උදුරාගෙන