IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පදමට ගසා බයිට් එකට ගෙනා කරවිල පැකැට්ටුව ආපසු දීලා

ඉඳහිට මධුවිත පානය කිරීම ඔහුගේ සිරිතය. දිනක් සේවය නිමාවී නිවෙසට යන ගමන් සුපිරි වෙළඳසලකින් මත්පැන් බෝතලයක් මිලදී ගත් හෙතෙම බිල ගෙවීමට යද්දී ඒ අසල තිබුණු බදින ලද කරවිල පෙති පැකට්ටුවක් දැක, කටගැස්මට සුදුසු බව පෙනී ගියෙන් එයද මිලදී ගත්තේය. නිවෙසට පැමිණි ඔහු ඇඟපත සෝදා ගැනීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කර වීදුරුවක් පුරවා එක හුස්මට බීවේය. පසුව කරවිල බැදුමෙන් කෑලි තුන හතරක් කටට දමා ගත්තේය. මත්පැන් වල සැරට වඩා කරවිල වල තිත්ත ඔහුට දැනුනි. ඔහුගේ මුහුණට විරූපී පෙනුමක් ලැබුණි. තවත් විදුරුවක් කටට වත්කර ගත් ඔහු කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි සුපිරි වෙළඳසල වෙත පයින්ම පැමිණියේය. ”මේ බලන්නකෝ මේකේ තිත්ත. කටේ තියන්න බැහැ” ඔහු කවුන්ටරය අසල සිටි තරුණයකුට තදින් පැවසීය. ”සර් මොකක්ද ප‍්‍රශ්නෙ” ඔහු ඇසීය. ”බලනවකෝ මේ කරවිල හරි තිත්තයිනේ. කන්න පුළුවන්ද. කාලා බලනවාකෝ” ඔහු කීය. ”ඉතින් සර් කරවිල තිත්ත රසනේ. පැණිරස නෙමෙයිනේ” තරුණයා නිවුණු හඬකින් පිළිතුරු දෙමින් පැවසීය. ” ඕක තමුසෙලාම තියාගන්නවා. මට බයිට් පැකට් එකක් දෙනවා” යැයි කියමින් ඔහු බයිට් පැකට්ටුවක් මිලදීගෙන කරවිල පැකට්ටුව කවුන්ටරය මත තබා පිටවිය. මෙය සිදුවූයේ කොළඹ පිහිටි සුපිරි වෙළඳසලකය.



අදහස් (0)

පදමට ගසා බයිට් එකට ගෙනා කරවිල පැකැට්ටුව ආපසු දීලා

ප්‍රසාද් Wednesday, 15 August 2012 04:26 PM

අනේ බොරු කියන්න එපා. (නි)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 10:07 AM

ඉතින් අරක්කු ඔයිට වඩා තිත්තයිනේ...(ස)

:       0       0

සරත් Wednesday, 15 August 2012 10:21 AM

කරවිල කවුද අප්පා බයිට් එකට ගන්නේ .(ස)

:       0       0

අතපත්තු Thursday, 16 August 2012 09:03 PM

අයියෝ සල්ලි

:       0       0

රංජිත් Wednesday, 15 August 2012 10:48 AM

ගිණිවතුර අමුවෙන් බොන්නට හැක, බදින ලද කරවිල කනු නොහැක ! .(ස)

:       0       0

ගාමිණි Thursday, 16 August 2012 09:07 PM

අයියෝ සල්ලි

:       0       0

සජීව Wednesday, 15 August 2012 10:50 AM

මං ව‍ගේ කෙනෙක් වෙන්න ඇති‍‍‍‍...අලුත් ක්‍රම අත්හදා බලන්න....(ස)

:       0       0

බමුණුසිංහ Wednesday, 15 August 2012 06:36 PM

මෙයා කවදාවත් කරවිල බැදලා කාපු නැති කෙනෙක්ද කොහෙද? බයිට් එකට ඇපල් කන එකේ කරවිල නරක් වෙලාම තියෙයි? (නි)

:       0       0

තාරක Wednesday, 15 August 2012 11:45 AM

වරුණ අරක්කු බීලා තියෙනවද ? අරක්කු කරවිල වලට වඩා තිත්තයි කියන්නේ කොහොමද ? ඔයා ‍බීලා ඇත්තේ කසාය....(ස)

:       0       0

රාජපක්ස Wednesday, 15 August 2012 11:55 AM

එහෙම තමයි 2 ක් දාගත්තහම (දී)

:       0       0

රහ - සෞදි Wednesday, 15 August 2012 11:58 AM

පව් අනේ දුක හිතෙන කතාවක්. (දී)

:       0       0

ගැමුණු Wednesday, 15 August 2012 01:10 PM

බැදපු කරවිල ඔය කියන තරමට තිත්ත නැහැ. (නි)

:       0       0

දිමුතු Wednesday, 15 August 2012 10:15 PM

කරවිල ගත්තේ බොන්න කලින්නේ. කවුද කරවිල බයිට් එකට ගන්නේ. (ත)

:       0       0

අප්පුහාමි Wednesday, 15 August 2012 01:27 PM

කෝ කොහෙද මේකේ හිනා යන කෑල්ල? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 11:16 PM

අනේ මට බයිට් එකට ගන්න කරවිල පැකට් එකක් නැහැනේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 15 August 2012 01:49 PM

මේක කියවද්දි මගේ කටටත් තිත්ත රසයක් ආවා. (නි)

:       0       0

දයා Wednesday, 15 August 2012 01:58 PM

අහිංසක සතුටක් ලබන්නයි ගියේ..පව්...(ස)

:       0       0

යොහාන් Wednesday, 15 August 2012 02:17 PM

ඔච්චර අමාරුවෙන් ‍බොන්න ඕනද ??????.(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 15 August 2012 02:54 PM

කරවිල කොහේද අනේ තිත්ත? සීනිනේ තිත්ත. (නි)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 03:04 PM

එහෙනම් තාරක කියන්නකෝ අරක්කු මොන රහද කියලා? සමහරවිට තාරකට නම් මේක "අමෘතය" වගේද දන්නෙ නෑ. (ස)

:       0       0

යොහාන් Monday, 20 August 2012 01:10 AM

අපි දැන් මතට තිතනේ. (නි)

:       0       0

ජයී Wednesday, 15 August 2012 03:54 PM

මෙයට වඩා අඩු මුදලක් දී බියර් වීදුරැවක් බී බයිට් එක ගත්තානම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. ජාඩියට මූඩිය වගේ ගැලපේ. දෙකම තිත්තයි. (ත)

:       0       0

විජේ Friday, 17 August 2012 10:02 AM

මරු බයිට් එක. (නි)

:       0       0

සුමනසිරි Saturday, 18 August 2012 09:26 PM

බයිට් එකට වෙන මොනවත්ම තිබුණෙ නැතිද? බොන අයගේ නමත් කැත කරනවා මෙයා..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 381 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 539 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1039 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 886 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2331 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 809 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site