මාවරල – පී.එස්. මද්දුමගේ
තෑගි ගෙනෙන අයට විශේෂ සැලකිලි කිරීමට දුන් උපදෙසක් වැරැදී සමාජ සේවකයකුගේ බිරියක් ලුණු ඇඹුල් ඇතිව සැමියාගෙන් බැනුම් අසා ගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
හෙතෙම ගමේ සාමාන්‍ය පුද්ගලයකු වුව ද, සමිති සමාගම්වල ක්‍රියාකාරී නිලධාරියෙක් විය. ඒ නිසාම ගම්වැසියන් ඔහුට ඉතාමත් ගෞරවණීය විදිහට කතා කරන අතර, කුමන හෝ නීතිමය ගැටලුවකදී උපදෙස් ලබා ගැනීමට ද මොහු සොයා දිනකට එක්කෙනකු දෙන්නකු පැමිණීම සිරිතක් විය.
මොහු ළඟට එන ගම්වැසියන්, අඩු තරමේ බිස්කට් පැකට් එකක් හෝ රැගෙන ඒම සිරිතක් විය. එසේ එන අයට තේ එකක් දීමට තම බිරියට උපදෙස් දුන් ඔහු, සමහර වේලාවට බිරිය තේ එක ගෙනත් දීමටත් පෙර පැමිණි අයගේ අවශ්‍යතාව ඉටු කර දී, පිටත් කරන අවස්ථා ද විය. මේ ගැන දන්නා ගමේ අය හිස් අතින් ඔහුගේ සේවය ලබා ගැනීමට නොගියහ.
මෙසේ ලැබෙන සීනි, බිස්කට්, තේ කොළ පැකට් ආදී දේ ගැන විමසා බලන මොහු, කිසිවක් නොගෙන එන අයට තේ එකක්වත් නොදිය යුතු බවට බිරියට අවවාද කර තිබුණේ තරයේය.
ෂොපින් කවරයක බඩු ගොඩක් රැගෙන අසල්වැසි ගමේ පුද්ගලයෙක් දිනක් මොහු ළඟට පැමිණියේය. ලියුමක් ලියා ගැනීමට අවශ්‍ය කාරණයට, දීර්ඝ ලෙස කරුණු සඳහන් කරමින් පවසා සිටියේය. ඔහු පැවැසූ විස්තර අනුව ලියුම සකස් කර දීමට සෑහෙන කාලයක් ගත විය.
මේ අතර, බිරිය ද, ගෙදර තිබූ රස කැවිලි කිහිපයක් සමග අර පැමිණ සිටි අයට කිරි තේ එකක් ද සකස් කර පිළිගැන්වීමට පියවර ගත්තේ, රැගෙනවිත් තිබෙන පාර්සලය තුළ සෑහෙන බඩු ගොඩක් සිය සැමියාට ගෙනැවිත් දී ඇති බවට විශ්වාස කළ නිසාය.
පැයකට ආසන්න කාලයක් ගත කර, ලියුම සකසා දීමෙන් පසු, තේ පැන් සංග්‍රහය ද බුක්ති විඳි අසල්වැසියා නැගී සිටියේය. “බොහොම ස්තුතියි මහත්තයෝ, නෝනා තේ එකකුත් දුන්නා. පිපාසාවෙන් තමයි හිටියේ. පයින් ඇවිදගෙනයි ආවේ. මම යන්නම් මහත්තයෝ.” යැයි කීවේය. ඉන් පසුව ඔහු බඩු කවරය ද රැගෙන නිවෙසින් පිට විය.
බිරිය කළ තේ පැන් සංග්‍රහයට කේන්ති ගත් ඔහු, සැර ස්වරයෙන් කතා කළේය. “යෝදියේ, මොකටද අර තරම් සංග්‍රහයක් කළේ. අපට ගෙනාපු දෙයක් නෑ. තේ එකක්වත් දෙන්න වටින්නෙ නැති කෙනෙක් ඒ මිනිහා. අඩු තරමේ බුලත් විටක්වත් අරගෙන ආවා ද?”
බිරිය ද ඔහු කී දේ පිළිගන්නා ආකාරයෙන් හිස බිමට පහත් කරගෙන, “මහත්තයෝ, මම හිතුවේ අර බෑග් එක අපට ගෙනාපු එකක් කියලයි. ඒක නිසයි මම අර රස කැවිලි ටිකත් එක්ක කිරි තේ එකක්ම හදලා ගෙනාවේ.” යයි කියා මුළුතැන්ගේ දෙසට ගියාය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පන්දමට තැන දෙන්න ගිහින් බිරිය වැඩ වරද්දාගෙන