පැනිබීම බෝතලයක් පානය කිරීමෙන් පසු සිය බිරිය වෙනත් පුරුෂයකු සමග පැනයාමේ සිද්ධියක් ඉකුත් දා කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බසයකින් වාර්තා වේ. තිස් එක් හැවිරිදි ඔහු නාවික හමුදා සෙබළෙකි. මීට වසර දෙකකට පමණ ඉහතදී නුගේගොඩ පදිංචි තරුණියක සමග විවාහ විය. මේ අතර ඇය දරුවකු ලැබීමට සිටියාය. ඒ සඳහා වෛද්‍යවරයකුට පෙන්වීමට දෙදෙනාම කොළඹ ගියහ. එම කටයුත්ත අවසානයේ මොනරාගල පදිංචි නිවෙස වෙත යාමට ඔවුන් කොළඹ කොටුවට පැමිණ බසයකට ගොඩ විය. ඊට පෙර අසල වෙළෙඳසලකින් පැනි බීම බෝතලයක් ද මිලදී ගත්තේය. ටික දුරක් ගමන් කරන විට බිරියගේ වෙනසක් නාවික සෙබළාට පෙනුණි. ඇය වෙනත් පුද්ගලයකුට යම් සංඥාවක් ලබාදෙන බව පෙණුනත් ඔහු ඒ ගැන වැඩි තැකීමක් නොකළේය. අතරමඟදී බසය තේ පානය කිරීම සඳහා නතර කෙරිණි. ඒ පරකඩුව ප‍්‍රදේශයේදිය. තමාට වැසිකිළියට යාමට අවශ්‍ය බව බිරිය පැවසීම නිසා ඔහු ඇය සමග ඒ සඳහා බසයෙන් බැස්සේය. ඉන්පසු නැවත පැමිණ අසුනේ තබා තිබූ කොළඹ කොටුවෙන් මිලදී ගත් පැනි බීම බෝතලය පානය කර ඇත. ඉන්පසු නාවික සෙබළාට නින්ද ගොස් තිබෙන බව පොලීසිය කියයි. පසුව පියවි සිහිය ලැබී බලන විට බිරිය හෝ පෙර කී පුද්ගලයා බසය තුළ නොසිට ඇත. ඇය ඔහු සමග පැන යන්නට ඇති බවට ඔහු පොලිසිය වෙත ප‍්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් නාවික සෙබළා වැලිගම පදිංචි සිය මාමා කෙනකු මාර්ගයෙන් මාතර මහ රෝහල වෙත ඇතුළත්ව මේ වන විට එහි ප‍්‍රතිකාර ලබමින් සිටී. මොනරාගල පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පැනිබීම බෝතලෙන් සෙබළ සැමියාට බිරියත් අහිමිවෙලා