බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා
විහාරස්ථානයක අලුතෙන් ඉදිකෙරෙන චෛත්‍යයකට ආධාර එකතු කිරීමට පැමිණි වෑන් රථයකට සිංහල භාෂාව උගන්වන ඉතා ජනප්‍රිය ගුරුවරයකුගේ කුඩා පුතකු දුන් රුපියල් පනහක මුදලක් ගැන ශබ්ද වාහිනී යන්ත්‍රයකින් කවි කියා මහා ඉහළින් වර්ණනා කරද්දී ලජ්ජාවට පත් ගුරුවරයා තවත් මුදලක් පරිත්‍යාග කිරීමේ පුවතක් දකුණු පළාතෙන් දැන ගන්නට තිබේ.
සිංහල භාෂාව උගන්වන මෙම තරුණ උපකාරක පන්ති ගුරුවරයා දකුණු පළාතේ ඉතා ජනප්‍රිය කෙනෙකි. එමෙන් ආගම දහමට පිනට ලැදි මොහු පන්තියේ ළමයින්ට ද ගුණ ධර්ම කියා දෙයි.
යම් දෙයකට ආධාර එකතු කිරීමට පැමිණෙන්නන් හිස් අතින් නොයවා තිබෙන සුළු මුදලකින් හෝ ආධාර දීම මොහුගේ සිරිතකි. පසුගිය දිනෙක විහාරස්ථානයක අලුතෙන් ඉදිකෙරෙන චෛත්‍යයක් සඳහා ආධාර එකතු කිරීමට ශබ්දවාහිනී යන්ත්‍රයක් ගැට ගසා ගත් වෑන් රථයක් පැමිණ මෙම ගුරුවරයාගේ නිවෙස ඉදිරිපිට නවතා ආධාර ලබා දෙන්නන්ට ආශීර්වාද කවි කියමින් සිටියේය.
මේ මොහොත වන විට ගුරුවරයා වෙනත් කාර්යයක නිරත වී සිටි හෙයින් ආධාරයක් දීමට අමතක විය. හැම කෙනකුටම ආධාර දෙන පියා මේ මොහොතේ ආධාරයක් දීමට ඉදිරිපත් නොවීම ගැන පොඩි පුතා කුතුහලයෙන් බලා සිටියේය. පියා ලොකු වැඩක නිරත වී සිටින බව දැක ගත් පොඩි පුතා ඔහු ළඟ තිබූ රුපියල් පනහක මුදලක් ආධාර එකතු කරන වෑන් රථයට දුන්නේය. මුදල දුන් අයගේ නම විමසන විට ජනප්‍රිය ගුරුවරයකු වන සිය පියාගේ නම ලියා ගන්නැයි කියා සිටියේය.
ඒ අනුව වෑන් රථයේ මුදල් දුන් අයට ආශීර්වාද කරමින් කවි කියන කවියා ද මෙම ගුරුවරයා ගැන හොඳින් දන්නා හඳුනන අයකු බැවින් පරිත්‍යාග කළ රුපියල් පනහ මුදල ගැන මහා ඉහළින් වර්ණනා කරමින් කවි කිහිපයක් කියන්නට විය.
තමාගේ නමට කවි කියමින් දුන් රුපියල් පනහක් ගැන වර්ණනා කරන විට ගුරුවරයා විමතියෙන් බලා සිටියේය. ආධාර මුදලක් දුන්නා දැයි බිරිඳගෙන් විමසූ විට ඇය නොදුන් බව කියා සිටියාය. පොඩි පුතාගෙන් මේ ගැන විමසන විට තාත්තා වැඩක් කරමින් සිටි නිසා තමා ළඟ තිබූ රුපියල් පනහක් දුන් බව පුතා කීය.
ලජ්ජාවට පත් ගුරුවරයා පුතාගේ ක්‍රියාව ගැන දොස් නොපවරා මේ මුදලත් ගිහින් දෙන්නැයි තවත් රුපියල් පන්සියයක මුදලක් ද පරිත්‍යාග කර ලජ්ජාව වසා ගැනීමට ක්‍රියා කළේය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පන්සලේ ආධාරෙට රු.50ක් දීලා පුතා තාත්තගේ සායමත් ඇරලා
vernon Friday, 25 August 2023 09:08 AM
මෙතන දරුවා හෝ පියා වරදක් කරලා නෑ. වැරැද්ද ඔය සම්මාදම් කල්ලියේ. ඇයි ඒක නැතිව පොඩි දරුවා වැරැදි කරුවෙකු වෙන විදිහට කියන්නේ?
ආචාර්ය තිස්ස සේනානායක Friday, 25 August 2023 08:55 PM
මම නම් දුන්නු රු. 50 ආපසු ඉල්ලා ගන්නවා...
අඛණ්ඩ පෘථිවි රාවණා ශිෂ්ටාචාරය Sunday, 27 August 2023 01:58 PM
ඒ පුතා මහත්මා ගති ඇත්තෙක්... පොඩි එකා දන්න සම්මාදම්, ආදායම් වියදම්, ආධාර මගුලක් නෑ. එයා දන්නේ නාඳුනන සෙට් එකක් ඇවිත් සල්ලි කියලා දෙයක් ඉල්ලනවා කියලා විතරයි. පොඩි උන්ගේ හිත් ලස්සනයි. පොඩි එකා සල්ලි එකතු කරන්නේ ඇයි කියලා ඇහුවේ නෑ. එයාට ලෝකේ වෙන දේ තේරෙන්නේ නෑ. ඒ නොතේරෙනකම. හැබැයි ඒ මොලේට තේරුණා දානය හොඳයි කියලා. ඉතින් හැකි විදියට, දන්න විදියට තිබ්බ ගාන දුන්නා. ඒ හිතේ තියෙන්නේ ඩොලර් අනන්තයටත් සම කළ නොහැකි මෛත්‍රියක්...!