හසලක සුනිල් ඒකනායක
ගමේ තැපැල් කාර්යාලයෙන් රුපියල් පනහක මුද්දරයක් මිලදී ගන්නට පැමිණි ගැමියකුට රුපියල් 450/- ක පමණ මුදලක් වැය කර එම මුද්දරය මිලදී ගැනීමට සිදුවූ පුවතක් හසලක නගරයට ආසන්න ගමකින් වාර්තා වෙයි.
ගුරුළුපොත ගම පිහිටියේ හසලක නගරයේ සිට කිලෝ මීටර් 04ක පමණ නුදුරිනි. මෙම ගමේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මෙයට වසර 30කට පමණ ඉහතදී ගුරුළුපොත හන්දියේ උපතැපැල් කාර්යාලයක් ආරම්භ කරනු ලැබිය. ඉහළ ආදායමක් තැපැල් කාර්යාලයට නොලැබුණත් ප්‍රදේශවාසීන්ට කාර්යාලයෙන් ඉහළ සේවාවක් සිදුවෙයි.
ගමේ අයකුට රුපියල් 50/-ක මුද්දරයක් හදිසියේ අවශ්‍ය වූයේ අධිකරණයට දිවුරුම් සහතිකයක් ඉදිරිපත් කිරීමට එම සහතිකයට මුද්දරයක් ඇලවීමට සිදු වූ හේතුවෙනි. මොහු පදිංචිව සිටිනුයේ ගුරුළුපොත හන්දියේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුර පාගමනින් යා යුතු මාර්ගයක් ඇති දුෂ්කර ගම්මානයකය. ගමේ සිට පාගමනින් ගුරුළුපොත හන්දියට පැමිණ තැපැල් කාර්යාලයට ගියත් එය වසා දමා තිබුණි. කාර්යාල වැසීමට ආසන්නතම හේතුව බව අසල වෙළඳසල් හිමියකු ඔහුට පැවසුවේ මෙහි සේවය කළ නිලධාරිනිය හසලක ප්‍රධාන තැපැල් කාර්යාලයට අනුයුක්ත කර තිබෙන නිසාවෙන් බවයි.
මුද්දරයක් ගැනීමට පමණක් අවශ්‍ය මුදල රැගෙන පැමිණි නිසා හසලක ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් මුද්දරයක් ගෙන ඒමට යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් අතේ නැත. මුද්දරයක අවශ්‍යතාවය තදින්ම පවතී. අදාළ දිවුරුම් සහතිකය අදම අධිකරණයට ඉදිරිපත් නොකළහොත් එම කාර්යයට ගැටලුවක් ඇති විය හැකි බවද ඔහුට කල්පනා විය.
අසල වෙළඳසලේ මිතුරාට තමන් පත්ව සිටින අපහසුතාව හා අවශ්‍යතාව පවසා රුපියල් 500/-ක මුදලක් ණයට ගෙන හසලක බලා මගී බස් රථයකින් නගරයට ගොස් මුද්දරය රැගෙන පෙරළා ගමට පැමිණි ඔහු ගැමියන්ට පැවසුවේ රුපියල් 50/- මුද්දරයක් ගන්නට ගිය තමන්ට හසලක තැපැල් කාර්යාලයට ගිය ගමනට බස් රථයට රුපියල් 100/ක් (යෑමට ඒමට ) වැය වූ බවත් නගරයට ගිය විට ඇති වූ කුසගින්නට තේ පානයට රුපියල් 300/ක් වශයෙන් රුපියල් 450/-ක පමණ මුදලක් වැය වූ බවත්ය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පනහේ මුද්දරය ගන්න 450 ක් පුදන්න වෙලා