වියලුව වාර්තාකරු
ගමින් ගමට ගොස් එකතුකරගන්නා සම්මාදම් මුදලින් මත්පැන් පානය කළ හොර උපාසක පිරිසක් ඔවුන් ගමන්ගත් ත්‍රීරෝද රථයේ ගැට ගසා තිබූ ශබ්දවාහිනී යන්ත්‍රයෙන් හසුකර ගැනීමට හැකි වූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔවුහු බොහෝ දුර බැහැර ප්‍රදේශයක පිහිටි ගම්මානයක අලුතින් ඉදි කරනු ලබන පන්සලක රන් වැටක් සඳහා ආධාර එකතු කිරීමට ත්‍රීවිල් රථයකින් පැමිණි පිරිසකි.
කාරණය වඩාත් පැහැදිලිව ගමින් ගමට දැනුම්දීම සඳහා ත්‍රීවීල් රථයට ශබ්දවාහිනී යන්ත්‍රයක්ද ගැට ගසා තිබිණි.
අහවල් ගම්මානයේ පන්සලක අලුතින් ඉදිකළ බෝධී ප්‍රාකාරය වටා ඉදි කෙරෙන රන් වැටට ආධාරයක් ලබා දෙන්නැයි ඔවුන් නිරන්තරයෙන් සිය ශබ්දවාහිනී යන්ත්‍රය උපයෝගී කරගනිමින් පවසන්නට වූ අතර තවත් දෙදෙනෙක් පින් පත්තර කඩමින් ගෙන් ගෙට ගමන් කරන්නට වූහ.
පිරිස වියළුවේ ගම්මානයක් හරහා යමින් සිටියදී ඔවුන්ගේ පෞද්ගලික කතාබහ ද ශබ්දවාහිනී යන්ත්‍රයෙන් ඇසෙන්නට විය.
ඒ කතා ඉතාම රසවත් වූ නිසා ගමේ තරුණ පිරිසද ඊට සාවධානව සවන් දෙන්නට වූවේ එය ඔවුන්ට ද අපූරු විනෝදයක් ගෙනදුන් නිසාය.
අද නම් රෑට බෝතලයක් දෙකක් ගහන්න තරම් ගානක් එකතු වෙලා තියෙනවා යැයි එකෙකු පවසද්දී අනෙකා කියා සිටියේ අතරමග හමුවන අරක්කු තැබෑරුමක් ගැනය. මේ අයුරින් සම්මාදම්කාර පිරිසගේ කතා එක දිගට ශබ්දවාහිණී යන්ත්‍රයෙන් ඇසෙන්නට වෙද්දී තරුණ පිරිස ද ඉන් අපූරු ආස්වාදයක් විඳින්නට වූහ.
කෙසේ වෙතත් තම ගමේ ගොවිතැන් කරන අහිංසක මිනිසුන්ගෙන් සම්මාදම් කළ මුදලට අත් වන්නා වූ ඉරණම පිළිබඳ ඉවෙන් මෙන් වටහා ගත් තරුණ පිරිස් හොර උපාසක පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය නවතා ආගිය තොරතුරු විමසන්නට වූ අතර ඔවුන්ට දැක ගන්නට ලැබුණේ ඒ වන විටත් ඔවුහු පදමට සප්පායම්ව සිටින අයුරකි.
වළ පයයි ගොඩ පයයි ලංව තියෙද්දී බුදු දහම විකෘති කරමින් එය විකුණාගෙන කෑම මහා පාප ක්‍රියාවක් බව අවබෝධ කර දුන් තරුණ පිරිස, ඔවුන්ට පහර නොදී අත්හැර දැම්මේ ඒ වන විටත් මෙම හොර උපාසක පිරිස ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින පිරිසක් වූ නිසාවෙනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පින් පත්තරේ හොරේ යකඩ කටෙන් රටටම එළිවෙලා