අධික ලෙස මත්පැන් පානයට ගිජුවීම හේතුවෙන් ඇති වූ පපුවේ දැවිල්ල උත්සන්න වීමෙන් රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මාමණ්ඩියගේ රෝගයට උචිතම ප්‍රතිකාරය මත්පැන් උගුරක් බීමට දීම බව පවසමින් බලහත්කාරයෙන් ඔහුගේ ටිකට් කප්පවාගෙන නිවසට රැගෙන ගිය බෑනා කෙනකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
පසුගිය දිනෙක රාත්‍රී කාලයේ පුද්ගලයකු අධික පපුවේ දැවිල්ලක් ඇතැයි පවසමින් පළාතේ පිහිටි රජයේ රෝහලකට පැමිණියේ ඒ සඳහා ප්‍රතිකාර ගැනීමටය.
ඔහුට පරීක්ෂණ ගණනාවක්ම සිදුකළ රෝහල් කාර්ය මණ්ඩලය අවශ්‍ය බෙහෙත් හේත් ලබා දුන්නේ ඉතා සුළු වේලාවකින් රෝගියාට යම් අස්වැසිල්ලක් ලබා දෙමිනි.
ඒ වන විටත් හොඳ හැටි මධු විතෙන් සප්පායම්ව සිටි රෝගියාගේ බෑනණ්ඩියද ඔහු සමගම රෝහලේ නතර වූයේ රෝගියාට අවශ්‍ය ඇප උපස්ථාන ලබා දීමටය.
ප්‍රතිකාර ලබා දී හෝරා දෙක තුනක් ගෙවෙද්දී රෝගියා යම් තරමක සුවයක් ලැබූවත් එය මධු විතෙන් සප්පායම්ව සිටි බෑනණ්ඩියට විහිළුවක් වෙමින් තිබිණි.
සුවය ලබමින් සිටි සිය මාමණ්ඩිය දෙස බලමින් විවිධ විහිළු කතා කියන්නට වූ බෑනණ්ඩිය අවසානයේ රෝහල් කාර්ය මණ්ඩලයට කියා සිටියේ ‘‘ඕකට ඉස්පිරිතාලෙ බෙහෙත් හරියන් නෑ එළියට ගිහිල්ලා දෙකක් දා ගත්ත නම් රජෙක් වගේ ඉන්න පුළුවන්’’ යනුවෙනි.
මාමණ්ඩිය මැදියම් රැයේම රෝහලෙන් පිටතට රැගෙන යා යුතු බව පවසමින් හෙතෙම රෝහල් කාර්ය මණ්ඩලයට ද එක දිගට කරදර කරන්නට වූයේ’’ ඔවුන්ගේ රාජකාරිවලටද බාධා වන ලෙස හැසිරෙමිනි.
මත්පැන් පෙරේතයකු වූ මාමණ්ඩිය ද සිය බෑණාගේ කතාව එකහෙලා අනුමත කළේ කිසිදු පැකිළිමකින් තොරවමය.
කොතෙක් කරුණු පැහැදිලි කළද අවසානයේ කාර්ය මණ්ඩලයේ උපදෙස් මායිම් නොකළ මාමාත් බෑනාත් වෛද්‍ය අවවාදවලට විරුද්ධව රෝහලෙන් පිටව යන බව පවසමින් රෝහල් කාර්ය මණ්ඩලයට සමු දුන්නේ යාබද තිප්පොෙළන් දෙක තුනක් දාගෙන මහ රෑම නිවසට යන බව පවසමිනි.
වියලුව වාර්තාකරු
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පපුවෙ දැවිල්ලට තිප්පොළෙන් දෙකක් දාගන්න බෑණා බේතක් කියලා