අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයේදී නිරීක්‍ෂකයන්ගේ ඇස් වසා පෙම්වතාගේ පාපැදියේ සහායෙන් ජය කණුවට ළංවෙන්න උත්සාහ කළ තරගකාරියක තරගයෙක් ඉවත්කළ සිද්ධියක් ගම්බද ප‍්‍රදේශයක පවැති අවුරුදු උත්සවයකදී අසන්නට ලැබුණි.
විවිධ අංශවලින් සමන්විත අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ කාන්තා තරගයට තරගකාරියන් රැසක් එක්වී ඇත. ගමේ ලඳු කැලෑවක් හරහා වැටී තිබුණ දුෂ්කර මාවතක් මේ සඳහා තෝරාගෙන තිබිණි.
තරගය ආරම්භ වීමට කලින් තැන තැන නිරීක්‍ෂකයන්ද යොදවා තිබුණු නමුත් අවුරුදු උත්සවය ආසන්න තැනකට පත්කළ නිරීක්‍ෂකයා මදකට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත. මේ බව දැනගත් තරගකාරියගේ සහායට ගිය පෙම්වතා තරගකාරිය පාපැදියේ නංවාගෙන එම දුර කොටස නිමාකර තිබේ. කාටත් රහසේ කළ උදවුව නිසා ජයග‍්‍රාහිකවන් දසදෙනා අතරට ඒමටද ඇයට අවස්ථාව උදාවී ඇත.
මේ අතරේ සිද්ධිය දුටු නරඹන්නකු සෙසු තරගකරුවන්ට මේ බව පැවසීම නිසා සංවිධායකින් මැදිහත්වී තරගයේ නීතිරීති උල්ලංඝනය කිරීමේ වරදට ඇය තරගයෙන් ඉවත් කැරිනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම්වතාගේ පාපැදියේ නැගී තරුණියක් ගම හරහා දුවලා
දයා Thursday, 18 April 2013 01:13 PM
මට පෙනෙන විදියට මේ දෙන්නටත් දවසක ගම හරහා දුවන්න වෙයි (නි)
සෆ්රි Wednesday, 17 April 2013 03:00 PM
පෙම්වතාගේ බයිසිකලේ නැතිව වෙන බයිසිකලේක නැග්ගනන් වැරදියි. මෙතන වැරැද්දක් නැහැ. (අ)
කුමාර Thursday, 18 April 2013 12:00 AM
පෙම්වතියගේ දෙමව්පියෝ දැක්කා නම් ගම හරහාම දුවගෙන යාවි. (නි)
හේමන්ත Wednesday, 17 April 2013 03:38 PM
එයාලගේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්. (නි)
අජිත් Saturday, 20 April 2013 10:05 AM
අපේ ගමේ ( සේරුපිට) අවුරුදු උත්සවයේදී අපේ ලොකු මල්ලිත් ඔය වගේ පාපැදියක නැගල ඇවිත් මැරතන් එකේ පළමු ස්ථානය අරන් තෑගිත් ගත්තා. පස්සේ තාත්තාගෙන් හොඳ කනේ පාරකුත් හම්බ උනා.(නදී)
හේවාවිකාරණ Saturday, 20 April 2013 09:15 PM
පෙම්වතාට තිබුනේ පෙම්වතිව බසිකලේ දාගෙන යන්න නෙමෙයි. බල්ලෙක් උසි ගන්වලා අරින එකයි. එහෙම කලා නම් පල වෙනි තැනට එන්න තිබුනා.(නදී)
සෑම් Wednesday, 17 April 2013 05:22 PM
කවුරුවත් එයාට තරගයේ නීති පැහැදිලි කරන්න නැතුව ඇති. ඒකයි (නි)
නෙතුමි Thursday, 18 April 2013 08:27 AM
වැඩේනම් වැරදියි තමා, නමුත් ඒකත් හොඳ වැඩේ තමයි නේද? (නි)
සජී Friday, 19 April 2013 10:08 PM
ගමහරහ දුවලා නෙමෙයි, බයිසිකල් පැදලා. ඒකත් ඩබල් දාලා. (නි)
යොහාන් Wednesday, 17 April 2013 10:51 AM
ඇයව තරගයෙන් ඉවත් කලාට පෙම්වතාගෙන් ඉවත් කලේ නැහැනේ.(නදී)
චතු Wednesday, 17 April 2013 11:12 AM
බොරුවට ආයුෂ නැහැනේ.(නදී)
මොහිදීන් Wednesday, 17 April 2013 11:17 AM
පවුනේ. ලොකු කට්ටිය ෂෝර්ට් කට් ක්‍රම භාවිතා කරද්දී මේ ළමයටත් චාන්ස් එකක් දෙන්න තිබ්බනේ (නි)
නසුන් Wednesday, 17 April 2013 11:17 AM
ආදරේ වැඩි උනාම එහෙම වෙනවා. ජීවන සටනට දුවන කොටත් ඔයාල දෙන්නම මෙහෙම එකිනෙකට උදව් කරගනීවි කියල මම හිතනවා. සුබ පැතුම්.(නදී)
චතූ Wednesday, 17 April 2013 11:31 AM
ඕක තමයි කියන්නේ බොරුවට ආයුෂ නැහැ කියලා.(නදී)
අරුණ Wednesday, 17 April 2013 12:35 PM
හරිම ආශ්වාදශීලි, නැවුම් ,හාශ්‍යමය සිත් ගන්නා සුළු අවස්ථාවක්.(නදී)
බංගි Sunday, 21 April 2013 06:08 PM
අපරාදේ හොඳ කැළෑ පාරකුත් තිබිලානේ හදිසි වුණේ පළවෙනියා වෙන්න. හැංගිලා ඉදලා අන්තිමයටනේ එන්න තිබුනේ (නි)
හේරත් Wednesday, 17 April 2013 07:40 PM
මම දිනුම් අනේ. අපි දෙන්න කාගේත් ඇස්වහලා අවුරුදු දා ගමේ ජෝඩු දාලා බයිසිකල් පැද්දා. (නි)
රංජනී Saturday, 20 April 2013 04:21 PM
ආදරය කරන්න මගක් හොයාගන වැරදි නැහැ.(නදී)