අගනුවර කාර්යාලයක සුබසාධක වෙළෙඳසලේ තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට දී තිබු ස්ථානයෙන් නැවත කාර්යාලයට රැගෙන ඒමට ගිය එහි සේවකයෙක් තම පෙම්වතිය හමුවීමට තිබු හදිසිය නිසා තරාදිය වෙනුවට එය බහාලන පෙට්ටිය පමණක් කාර්යාලයට රැගෙන ආ පුවතක් අගනුවරින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
අගනුවර පිහිටි මේ කාර්යාලයේ සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ඇති වෙළෙද සැලෙහි විදුලි තරාදිය කාර්මික දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීමට දී තිබිණි. එය නිමකර ඇති බවට කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව තරාදිය රැගෙන එන ලෙස එම නිලධාරියා තම සේවකයකුට පවසා තිබුණේ කාර්යාලය නිමවන්නට පැය භාගයකට පමණ පෙරය.
සේවකයා එදින සවස 5.00ට කොටුව දුම්රිය ස්ථානයේදී තම පෙම්වතිය මුණගැසීමට දින වෙන් කර තිබුනේ සතියකටත් පෙර නිසා හදිසියේ සිදුවූ මේ අකර තැබ්බයෙන් ඔහුගේ හිස ගිනි ගත්තේය. ඔහු වහා කාර්යාලයේ වාහනයකින්ම අදාළ ස්ථානයට ගොස් තරාදිය ගෙනවිත් කාර්යාලයේ තබා ඉක්මනින් පෙම්වතිය හමුවට ගියේය.
එදිනම ඉහළ නිලධාරියාට නැවත දුරකථන ඇමතුමක් ලැබිණි. ඉන් කියැවුනේ ඔබගේ සේවකයා පැමිණ තරාදිය මෙහි තිබියදී එය බහාලන පෙට්ටිය පමණක් රැගෙන ගොස් ඇතිබවය.
ඉහළ නිලධාරියාට යකා නැග්ගේය. ඔහු වහාම තම සේවකයාට දුරකථන ඇමතුමක් ගත්තේ සේවකයා දුම්රිය ස්ථානයේ පෙම්වතිය සමග පෙම් සුව විඳිමින් සිටින විට දීය.
“මේ. හලෝ.. තමුසේ අර තරාදිය ගෙනාවද?” ඉහළ නිලධාරියා විමසීය.
ආ.. ඔව්. ඕව්. සර් අන්න ඒක එතැන තිබ්බා. සේවකයා කීය.
ආ.. එහෙමද එහෙනම් තමුසේ හෙට උදේම වැඩට ආපු ගමන් ආපහු ගිහින් බලනව එතන තව තරාදියක් ඇති ඒ තරාදිය කරතියාගෙන පයින්ම එනවා. ඒක ගෙන්න තමුසෙට වාහන දෙන්නෙත් නැහැ, තරාදිය දාගෙන එන්න පෙට්ටිය දෙන්නෙත් නැහැ යැයි ඉහළ නිලධාරියා තදින් කී විට සේවකයාට සිදුවී ඇති දේ කුමක්ද කියා සිතා ගත නොහැකිව පෙම්වතිය ඉදිරියේ ගොලු වුණාලු.
සුමති කුඩලිගම
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙම්වතියගේ සිහියෙන් ලොක්කාගේ උගුලක හිරවෙයි