ඔහු නගරබද ජීවත්වෙන විසිපස් වියැති තරුණයෙකි. රැකියාව වාහන සර්විස් ආයතනයකය. ගම්බද තරුණියක වූ ඔහුගේ පෙම්වතියගේ උවමනා එපාකම් ඔහු නිතර සොයා බැලුවේය. වැටුප් ලද විට ඇයට ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ගෙනවිත් දීම ඔහුගේ සිරිතය.
කාලයක් ගතවිය. අඩු ආදායම් ලාභි පවුල්වලට රජයෙන් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පෙම්වතියට ද රැකියාවක් ලැබිණි. එය ගමේ රෝහලේ සාත්තු සේවිකාවක වශයෙනි. රැකියාව ලැබී මසක් ගත වූයේ නැත. ඇය වෙනස් වන්නට වූවාය.
දිනපතා රාත්‍රියේ දුරකතනයෙන් ආදර බස් දොඩන ඇය නිහඬ වූවාය. පෙම්වතා කතා කළ විට ඇය පැවසුවේ වැඩට යන හින්දා හරිම මහන්සියි. පස්සේ කතා කරන්නම්’’ යනුවෙනි. ඔහුට ඇයගේ වෙනස්වීම ප්රහේලිකාවකි. දිනක් ඇය පෙම්වතාගේ සේවා ස්ථානයට පැමිණියේ තවත් තරුණයකු සමඟ ඔහුගේ යතුරුපැදියෙනි. පෙම්වතා ළඟට පැමිණි ඇය,‘‘ඔයා වාහන හෝදනවා දකින කොට මට හරිම ලැජ්ජයි. මම ආවේ අපේ සම්බන්ධය නතර කළා කියන්න. ආයේ මට කෝල් කරන්න එපා. අර මෝටර් සයිකලේ ඉන්නේ මම බඳින්න ඉන්න කෙනා. එයත් වැඩ කරන්නේ මාත් එක්ක. ගෙදරිනුත් අපට කැමතියි’’යැයි පවසා පිටව ගියාය.
මෙය අසා සිටි පෙම්වතාගේ මිතුරෙක්, ‘‘එයා හිතලා ඇති එයාට හොඳ ජොබ් එකක් හම්බ වුණා කියලා. ඒකත් කම්කරු රක්ෂාවක්.’ යනුවෙන් පවසා මිතුරාගේ හිත සැනසුවේය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙම්වතියට රැකියාවක් ලැබුණාම පෙම්වතාගේ රැකියාව අප්පිරියාවෙලා