IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පෙම්වතිය කියා අඳුරේ ආච්චිගේ මූණ ඉඹලා

වෙසක් දිනය නිමිත්තෙන් වන්දනාවේ ගිය නඩයකි. නඩයට ආච්චිලාද සීයලාද, අම්මලා තාත්තලාද පේ‍්‍රමවන්තයෝද සහභාගි වී සිටියහ.
හෝමාගම සිට වන්දනා නඩය අනුරාධපුරයට ගියේ බස් රථයකිනි. අනුරාධපුරයට කිට්ටුවනවාත් සමග කැලෑබද පෙදෙසකදී බස් රථය කාර්මික දෝෂයක් නිසා නැවතුණි.
දැන් සියල්ලෝම කට්ට කරුවලේය. අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට සිතූ එක් පෙම්වතෙක් බස් රථයේ ඉදිරි අසුනක සිට හෙමින් හෙමින් පිටුපස අසුනට ගියේ ආච්චි සමග පිටුපස අසුනේ වාඩිවී සිටි තම පෙම්වතියගෙන් හාද්දක් ගැනීමටය. වැඬේ වැරදුණි. පෙම්වතිය යැයි සිතා පෙම්වතා හාද්ද දුන්නේ ආච්චිටය. කලබල වූ ආච්චි මොකාද බොල මගේ මූණ පහුරු ගාන්නේ යැයි දත් නැති කටින් ඇහුවාලූ.



අදහස් (0)

පෙම්වතිය කියා අඳුරේ ආච්චිගේ මූණ ඉඹලා

සේනානායක Monday, 03 June 2013 12:45 AM

ආච්චි වුනත් මොකද හොඳට ලව් කරනවානම්..... (නි)

:       0       0

සේනානායක Monday, 03 June 2013 12:47 AM

මොකෑ බොල තටමන්නේ, හරියට ඉඹපන්කෝ...කියලා ආච්චි කිවුවලු (නි)

:       0       0

මධුෂාන් Monday, 03 June 2013 12:06 PM

හොඳ වැඩේ නරක වැඩ කරනවට.(ස)

:       0       0

හේරත් Saturday, 01 June 2013 11:13 PM

මල ජුලියයි. සීයටත් ආරංචි වෙලාද අයියේ? (නි)

:       0       0

මෙතුජ Saturday, 01 June 2013 11:26 PM

වෙසක් බලනකොටවත් රාගය පසුපස දිවිමෙන් වැළකිලා ඉන්න බැරි උන්මත්තකයන් සිටින රටකි මෙය.... (නි)

:       0       0

නාලක Friday, 31 May 2013 03:45 PM

එහෙනම් රැවුල කපලත් නැතිව ඇති එකනේ පහුරු ගානවා වගේ දැනිල තියෙන්නේ. (ස)

:       0       0

රකිත් Tuesday, 04 June 2013 06:28 AM

විද්දේ මුවාට නමුත් වැදුනේ පඳුරට, හාදුව දුන්නේ කෙල්ලට අයියෝ රිදුනේ ආච්චිට. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 01 June 2013 12:24 AM

ආච්චිට පන්සිල් පදයක් ගැන මතක් වුණාලු. ඒක බොහොම අමාරුවෙන් අමතක කළාලු (නි)

:       0       0

සරසි Saturday, 01 June 2013 02:55 PM

හෝමාගම යමපල්ලෝ කෙල්ලන්ගේ අතින් අදිනකොට කොල්ලෝ ආච්චිලා ඉඹිනවා, මොකක්ද හෝමගම අය‍ට වෙලා තියෙන්නේ, කැළණිය තව හොඳයි. (ස)

:       0       0

චන්දි Saturday, 01 June 2013 01:39 AM

ආච්චි නියම විදියට කෙල්ලව ආරක්ෂා කරලා තියෙනවා. නියමයි ආච්චියෙ ඔයා (නි)

:       0       0

දුලාජ් Wednesday, 12 June 2013 11:35 PM

පිස්සුද මන්දා.ඕනෑකමින් කළාද දන්නේ නැහැ.දෙයියෝ තමා දන්නෙ ඇත්ත (නි)

:       0       0

ශිරෝමි Saturday, 01 June 2013 03:15 PM

හි හි ...උපාලි නියමයි කතාව. (ස)

:       0       0

දිසානායක Friday, 31 May 2013 04:31 PM

අම්මේ අම්මේ පුසා බඩ උඩ කිවුවලු ... කමක් නැහැ පුතේ ඒ ආදරේට, අම්ම කිවුවලු (නි)

:       0       0

ධනංජය Sunday, 02 June 2013 07:51 AM

උපාලිගේ කතාව නම් මල් හතයි (නි)

:       0       0

නිපුන් Monday, 03 June 2013 06:09 PM

අපරාදේ ආච්චි වෙනුවට අම්මයි ඉන්න තිබුණේ (නි)

:       0       0

හංසි Friday, 31 May 2013 04:55 PM

අයියෝ කොල්ලෝ (දී)

:       0       0

කුඩගම දිසානායක Monday, 03 June 2013 06:37 PM

ඕක මොකද්ද අපේ රටේ සමහර පිරිමින් කරන දේවල් දිහ බැලුවහම (ත)

:       0       0

වරුණ Friday, 31 May 2013 12:02 PM

හොද වෙලාවට හාද්දක් ගන්න විතරක් හිතුනේ වෙන මොකක් හරි හිතුනනම් මල ජුලියයි නේද වෙන්නේ ඒ අයියට?(ස)

:       0       0

ර් ක් ජ ස ර Friday, 31 May 2013 12:06 PM

අච්චිටි බොරුවට බනින්න ඇති. මර පෙම්වතෙක්. (දී)

:       0       0

අචිර Saturday, 01 June 2013 06:24 AM

අපේ ගමට අවමන් කරන්න එපා. හෝමාගම කියන්නේ ලංකාවේ හොදම ගමක්. (නි)

:       0       0

දම් Tuesday, 04 June 2013 10:03 PM

හාදුව පහුරුගෑමක් වූ ආච්චිට ,එකල්හි පහුරු ගෑම කුමක් වූවා වැනිද? (නි)

:       0       0

අමල් Friday, 31 May 2013 12:22 PM

ආච්චිට පහුරු ගානවා වගේ නේ දැනිලා තියෙන්නේ. ආ.? (ස)

:       0       0

චාමර Friday, 31 May 2013 12:22 PM

ආච්චිටත් තරුණ කාලේ මතක්වෙන්න ඇති නේද ? (ස)

:       0       0

දමිත් අලහප්පෙරුම Friday, 31 May 2013 05:19 PM

වෙලාවට ආච්චි ඉඹලා තියෙන්නේ...කෙල්ල ඉම්බා නම් වැඩේ දෙල් වෙන්න තිබුනා..... :) (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 02 June 2013 06:26 PM

අනේ කලේ වනේ වාසේ කිව්වලු කොල්ලට ආච්චි කෙල්ල අදුරගන්න බැරි උනාද ??? හොද වෙලාවට මුහුණ ඉම්බේ. (ත)

:       0       0

සරත් ඩු Friday, 31 May 2013 05:33 PM

කෙල්ල වැඩි කල් ලව් කරන එකක් නැතිවෙයි. මොකද පහුරු ගාන හාදුවලට කව්ද කැමති? (නි)

:       0       0

නිතුන් Friday, 31 May 2013 12:43 PM

කිරි අම්මේ...... කැරපොත්තෙක් දුවනවා ඇති. (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 31 May 2013 05:40 PM

ලංකාවේ හැදෙන ළමයින්ට වඩා ඉතාලි ළමයි මොන තරම් සීලාචාරද? මෙහෙටම ඇවිත් බලන්න ඕනෑ ඒ අය මොන තරම් විනයගරුක අයද කියආ. බටහිර රටාවන්ගේ නරකම පැත්ත විතරයි අපේ ළමයි අරගන්නේ. (නි)

:       0       0

සංජීව Friday, 31 May 2013 05:51 PM

මූණ ඉඹල විතරද? පව් කොල්ලා.පොඩි එකානේ... (නි)

:       0       0

කවීෂ Saturday, 01 June 2013 09:23 AM

වෙසක් කාලෙට හද හොදටම ආලෝකමත්ව තියනවා. ඉතින් කැලේ නෙමේ කොහේ ගියත් හොදට පේනවා. අනික අද හැමෝම ලග ජංගම දුරකටන තියනවා . දුරකටන වලින් යව්වනයෝ මුණු පොතේ හැම වෙලාවේම ඉන්නේ .මට හිතාගන්න බැහැ දෙන්නව කොහොම මාරු වුනාද කියලා.(ස)

:       0       0

සංජීව Friday, 31 May 2013 05:57 PM

කපන්න රැව්ලක් තීන්න ඕනෑනේ.දැන් හැදෙන කොල්ලන්ට රැවුල වැවෙනවද? (නි)

:       0       0

අනිල් Friday, 07 June 2013 08:49 AM

නෝටි කොල්‍ලා... (නි)

:       0       0

නසාර් Saturday, 01 June 2013 06:23 PM

ආච්චිගෙන් හාදු දෙන හැටි ඉගෙන ගන්න තිබුනා ඉක්මන් උනා වැඩියි.(නදී).

:       0       0

දයා අළහකෝන් Saturday, 01 June 2013 09:43 AM

ආච්චිගේ මුහුණ ඉඹිනවා කෙල්ල දකිනවා ආච්චි දකින්න ඇති. ඒක වෙන්න ඇති කෑ ගැහුවේ (නි)

:       0       0

හේරත් Friday, 31 May 2013 01:20 PM

සොරි ආච්චි. අයි විල් සි යු හෙට. (නි)

:       0       0

හේරත් Saturday, 01 June 2013 10:03 AM

මේ කොලුවා මෝඩ පෙම්වතෙක් වගේ. චෝකලට් කටේ සුවඳයි බුලත් හපේ දුන්කොල කටේ සුවඳයි අඳුන ගන්න බැරි පෙම්වතෙක්. මට දුකයි අර කෙල්ල ගැන.බලාගෙන නගෝ රැව්ල තිබුනට පවුල අඳුන ගන්න බැරි බාලයෙක් මේකා. යවන්න හෝඩියේ පන්තියටම. (නි)

:       0       0

සරසි Saturday, 01 June 2013 10:12 AM

ගොරෝසු හමක් තියෙන ආච්චිටත් පහුරු ගානවා වගේ දැනුනා නම්, අහිංසක කෙල්ලට මොනවා වගේ දැනේවිද? මු (නි)

:       0       0

ධනුෂ්ක Friday, 31 May 2013 01:47 PM

වේලාසනින් කෙල්ලව ළඟට ගෙනත් තියාගන්න තිබුණානේ. (ස)

:       0       0

සෙනවි Tuesday, 04 June 2013 04:48 PM

දැන් කාලේ පිරිම් තරුණ බාල මහලු බලන්නේ නැහැ ගෑණු කවුරුත් එකයි ආච්චිට දෙයියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

සිල්වා Sunday, 02 June 2013 08:52 PM

සමහරවිට මෙයා ඉඹින්න යන්න ඇත්තේ ආච්චි වෙන්න ඇති,අර කොටකෙතන පැත්තේ වුණු දේවල් මතකයිනේ? (ත)

:       0       0

සූරියප්පෙරුම Tuesday, 04 June 2013 05:04 PM

මේ වගේ නොහොබිනා දේවල් කරන උන්ගේ අවයවයක් කපලා දාන නීතියක් ගේන්ට ඕනෑ (නි)

:       0       0

කුමාර Thursday, 06 June 2013 09:14 PM

මොහොමඩ් මල්ලී, සෞදි අය ගැන මෙහෙන් ඒ රටට යන ගෑනුන්ගෙන් අහලා දැනගන්න.වැඩේට අකමැති වුනාම ආපහු එන්න වෙන්නේ එක්කෝ ඉදිකටු ඇණගෙන නැත්නම් පෙට්ටියෙන් (නි)

:       0       0

සංජීව Friday, 31 May 2013 02:16 PM

ආච්චියේ පෝච්චියේ වතුර නටනවා .. ආච්චිගේ මූණ කන්න පූසි අඩනවා. (නි)

:       0       0

එල Monday, 03 June 2013 10:18 AM

ඉම්බෙ කම්මුල්ද ? දොතොල්ද? (නි)

:       0       0

කුමාරි Wednesday, 05 June 2013 04:11 AM

පෙම්වතා බොරුව කලේ. ආච්චි බව දන්නවා. ආච්චි ලස්සනයි. (නි)

:       0       0

සෙනරත් Friday, 31 May 2013 08:04 PM

මේ කෙනා ඉඹල ඇත්තේ කම්මුල. එයාට දෙන්න තිබුනේ කිස් එකක් ආච්චිගේ දත් නැති කටට. (නි)

:       0       0

දමිත් Wednesday, 05 June 2013 03:49 PM

අපේ රටේ පෙම්වතුන්ට වෙනම පාර්ක් හදන්න ඕනා. එතකොට ආච්චිලා ඕවයේ රිංගන්න එන්නේ නෑ. එතකොට බස් වල ඔය වගේ දේවල් වෙන්නේ නෑ.(නදී)

:       0       0

හේරත් Friday, 31 May 2013 08:59 PM

අහෝ සෙනරත්! දත් නැති කට මට පෙන්නාලා....අපේ ආච්චි හිනාවෙලා...අපේ ආච්චි හැඩකාරි...සෙනරත් අඩවාවී// සෙනරත් නළවාවී....// අපේ ආච්චි... (නි)

:       0       0

ආනන්ද Friday, 31 May 2013 02:40 PM

හොඳට රැවුල කපල හිටියනම් ආච්චි එහෙම කියන එකක් නැහැ.(ස)

:       0       0

දම්මිකා සෞදි Friday, 31 May 2013 09:01 PM

ආච්චි පහුරුගානවා කියලා තියෙන්නේ ලජ්ජාවට අනේ (නි)

:       0       0

හේරත් Tuesday, 04 June 2013 11:59 AM

"කවදද කොල්ලෝ අපි ආයේ අනුරපුරේ යන්නේ. සුදානම් කොරපන්කෝ තව ට්‍රිප් එකක්" (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 05 June 2013 03:52 PM

ලංකාවේ සාරිය නිතිය නැති නිසා මෙහෙම වෙන්නේ. සෞදි වගේ නීති තිබුනානම් මෙහෙම වෙන්නේ නෑ. ඉක්මනට මෙහෙට ගේන්න ඕන නීති.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 31 May 2013 09:14 PM

ආච්චි එහෙම අහද්දී කොල්ලා හිමින් සීරුවේ මාරු වුණාලු (නි)

:       0       0

නුවන් Saturday, 01 June 2013 12:00 PM

පිටිගල ලොක්කෝ පිස්සු කතා කරන්න එපා. (ස)

:       0       0

රංජනී Saturday, 01 June 2013 12:03 PM

ඔය කීවට ආච්චි සතුටින් ඉන්න ඇති.(ස)

:       0       0

ප්‍රසන්න rajakaruna Saturday, 01 June 2013 10:06 PM

ඔයාලට වෙන ප්‍රවෘත්ති නැද්ද (අ)

:       0       0

සරත් Sunday, 02 June 2013 10:57 PM

දෙන්නගෙම අවාසනාව කවදාද ආයේ එන්නේ. (නදී)

:       0       0

උපාලි Friday, 31 May 2013 02:52 PM

සුද්දෙකුයි, ජර්මන් කාරයෙකුයි කෝච්චියේ යනවා එක සීට් එකේ ළඟ ඉඳගෙන. ඉස්සරහ සීට් එකේ මේ ගොල්ලන්ගේ ආසනයට මුහුණලා ඉඳගෙන හිටියේ ආච්චි කෙනෙකුයි තරුණියකුයි. කෝච්චිය බිංගෙයක් මැදින් ගියා ලයිට් නැතුව කළුවරේ. චටාස් ගාලා තද කම්මුල් පාරක සද්දයක් ඇහුනා. ඊට පස්සේ සියල්ල නිශ්ශබ්දයි. ආච්චි හිතනවා 'මුන් දෙන්නගෙන් එකෙක් කෙල්ලව ඉඹින්න ගිහින් හොඳ කම්මුල් පාරක් කන්න ඇති' කියලා. තරුණිය හිතනවා 'මුන් දෙන්නගෙන් එකෙක් මාව කියලා ආච්චිව ඉඹින්න ගිහින් හොඳට කෑවා' කියලා. සුද්ද හිතනවා 'මේ ජර්මන් කාරයා කෙල්ලව ඉඹින්න ගිහින් කෙල්ල ඌට ගහපු පාර අහක හිටපු මටයි වැදුනේ' කියලා. ජර්මන් කාරය හිතනවා 'හිටපන්කෝ ආයෙත් බිංගෙයක් එනකල්. සුද්දෝ අපට කෝචෝක් දානවට දෙන්නම් උඹේ අනික් කම්මුලත් ඇදවෙලා යන්න' කියලා. (නි)

:       0       0

බුද්ධික Thursday, 06 June 2013 10:44 PM

ආච්චිගේ මුණ ඉබපු එක හොදයි. ආච්චි පවු (නි)

:       0       0

දම්මික පෙරේරා Friday, 31 May 2013 02:58 PM

මම හිටන්නේ අර හාද්ද දීපු කොල්ලගේ මුනේ කුරුලෑ ඇති. ඒකයි ආච්චිට පහුරු ගානවා වගේ දැනිලා තියෙන්නේ. සුමුදු සමකින් හාද්ද දුන්නා නම් ආච්චිත් ඔහේ ඉන්නවා. කවුද අකමැති හාදු වලට? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 03 June 2013 11:45 AM

මේවා ගොතන කතා කියල මට හිතෙනවා. (දී)

:       0       0

ෂශී Monday, 03 June 2013 11:42 AM

කලකට පස්සේනේ ආච්චිත් ජොලියෙන් ඉන්න ඇති නේද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 430 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 564 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1053 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 890 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2342 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 813 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site