IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පෙම්සුව විඳින්න ආ අනියම් සැමියාට ගවමඩුවේම නින්ද ගිහින්

(ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර)
තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් අනූනවයෙන් දිවි බේරාගත් තරුණයකු පිළිබඳව දකුණේ ගමකින් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


එක්තරා ගමක සිටි තරුණ යුවළකි. තරුණයා ආරක්‍ෂක අංශයක මුරකරුවකු ලෙස සේවය කළ අතර තරුණිය තරමක හැඩකාර එකියක් වූවාය.


තරුණයා රැකියාවට අමතරව ගව පාලනය ද කළේය. ගෙදර වත්තේම ගව මඩුවක් සාදා එහි පිදුරු දමා ගවයන් දෙදෙනා රෑට බැඳ තිබූ අතර දහවල් කාලයට පුරන් කුඹුරක හෝ පිට්ටනියක බැඳ දැමුවේය.  මේ අතර අසල ගමේ තරමක් හැඩකාර තරුණයකු සමග මොහුගේ තරුණ බිරිඳ හාදකමක් ඇති කරගත්තේය.


ස්වාමියා රාත්‍රී වැඩමුරය කරන සතියේදී අනියම් පෙම්වතා නිවසට හොර රහසේ ඇතුළු වීම පුරුද්දක් ලෙස කරගෙන ගියේය.  මේ අන්දමින් දිනක් අනියම් සැමියාට ලද පණිවුඩය මත ඔහු මෙම නිවසට යාමට පැමිණියේය. එහෙත් දුර සිටම ඔහු දුටුවේ ස්වාමියා එදින ගෙදර සිටින අයුරිකි. මේ නිසා අනියම් සැමියා අසල ගසකට මුවා වී කල් ගෙවූයේ ඔහු වැඩමුරය සඳහා පිටත්ව යතැයි බලාපොරොත්තුවෙනි.


එහෙත් ඔහු එදින හදිසියේම නිවාඩුවක් ලබාගෙන තිබුණ අතර බිරිඳ ද ඒ බව දැනගත්තේ එදින හැන්දෑවේය. මේ නිසා මේ බැව් අනියම් සැමියාට දැන්වීමට ඇයට ඉඩක් තිබුණේ නැත. අනියම් සැමියා ගසට මුවා වී සිටියදී එක වරම වැස්සක් කඩා වැටුණ අතර ඔහු කළේ අසල ගව මඩුවට රිංගාගෙන වැස්සෙන් බේරීමය. මෙහි වූ පිදුරු ගොඩක් මත වාඩි වී සිටි අනියම් සැමියාට නින්ද ගියේය. 


පසු දින පාන්දරම අවදි වූ සැමියා ගව මඩුව දෙසට පියමැන්නේ ගවයන් දෙදෙනා තණ කෑමට රැගෙන යාමටය. එක වරම ගව මඩුවේ කවුදෝ සිටිනු දුටු ඔහු ‘මෙන්න හොරෙක්’ කියා කෑගැසුවේ ගමටම ඇසෙන්නටය.  බියපත්ව නින්දෙන් අවදි වූ තරුණයා හිස හැරුණු අත දිව ගොස් දිවි බේරා ගත්තේය.

 



අදහස් (0)

පෙම්සුව විඳින්න ආ අනියම් සැමියාට ගවමඩුවේම නින්ද ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 380 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 468 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 622 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 632 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 714 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 698 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 670 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site