සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
ඔහු එම කාර්යාලයේ ඉහළ තනතුරක් දරන මැදි වියේ පුද්ගලයෙකි. එම කාර්යාලයේ විවාහක තරුණියක සේවය කළ අතර ඇය රූමත් දඟකාර ගති ඇත්තියකි. ඇය නිතර විහිළුවෙන් විනෝදයෙන් කාලය ගත කරන අතර ඇය පිළිබඳව කාර්යාලයේ අනෙකුත් සේවිකාවන් ඇය නොමැති තැන කතා කරන්නේ ‘‘බැඳලත් ඇයට විසේ අඩු වී නොමැති බවය.”
මේ පිළිබඳව ඔහුගේ බිරිඳ වෙතත් ආරංචි වී ඇත්තේ කාර්යාලයේම ඇයගේ හිතවත් සේවිකාවන්ගෙනි. එම තරුණියද තමන් දරන තනතුර පවා නොසිතා විහිළු තහලු කරන අතර ඔහු ඒවා ගණනකට නොගෙන ඇත්තේ එම විහිලු වලින් තමන්ට හෝ තම තනතුරට හානියක් නොවන බැවිනි.
එම නිසාම ඇය හා තමන් අතර සම්බන්ධයක් ඇති බව කාර්යාලයේ සේවිකාවන් තැන තැන කතා කර ඇති අතර ඔහුගේ බිරිඳ වෙතද එම පණිවිඩය ගොස් ඇත . ඇය මේ සම්බන්ධයෙන් විමසුම් කළ අවස්ථාවල ඔහු පවසා ඇත්තේ “ඒ ළමයා කාත් එක්කත් විහිළුවෙන් තමයි” යැයි පවසමිනි. කෙසේ වෙතත් සිය බිරිඳ ගැන දන්නා ඔහු ඇය තමන් කියූ දෙය විශ්වාස නොකරන බව දන්නා නමුත් වැඩිදුර ඒ පිළිබඳව වෙහෙසී නැත්තේ තමන් වැරදි නොකරන බැවිනි.
කෙසේ වෙතත් පසුගිය දිනක කාර්යාලයේ වැඩ නිමවා පැමිණ නාන කාමරය තුළ සිටියදී සිය බිරිය යක්ෂාරූඩයෙන් කෑගසන අයුරු ඇසී ඔහු පැමිණ ඇත්තේ ගිය කාරිය පවා බාගෙට සිදු කරමිනි. සිය ජංගම දුරකථනය අතේ ඇතිව සිටි ඈ මුලින් එයින් පහර දී පසුව අතට හසුවන සියලුම උපකරණ වලින් පහර දීමට පටන් ගෙන ඇත්තේ ඇයගෙන් හේතු කාරණා ගැන දැන ගන්නට හෝ අවස්ථාව නොදෙමිනි.
පහර දීම අවසානයේ ඇය සිය එකම දියණියත් සමග නිවසින් පිටව ගොස් ඇත. වේදනාව පැත්තකින් තැබූ ඔහු සිය ජංගම දුරකතනය පරීක්ෂා කර ඇත්තේ මෙහි අග මුල සොයා ගැනීමටය. සිය ජංගම දුරකතනයේ කලින් සඳහන් තරුණිය එවා ඇති වට්සැෆ් පණිවිඩය දැක ඔහුට කාරණය අවබෝධ වී තිබේ.
එහි සටහන් වී ඇත්තේ ‘‘සර් මම ප්‍රෙග්නට්” යැයිද ? දෙවනුව සඳහන් කර ඇත්තේ ‘‘සර් දැන් බිසිද ? මැසේජ් බලන්නේ නැති නිසා ඇහුවේ” යනුවෙනි. ඉන් එහා එකදු මැසෙජ් එකක් වත් ඇය එවා නොමැති අතර ඇයට බැන වැදී සිද්ධිය කීමට ඇයගේ දුරකතනය වෙත ඇමතුම් ලබා ගත්තද එයද ක්‍රියා විරහිත කර ඇති බව දැනගත් ඔහු සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර සඳහා ෆාමසියකට ගොස් ඇත්තේ නාන කාමරය තුළ ඇද වැටුණු බව පවසමිනි. තුවාල වලට බෙහෙත් දමා නැවත පැමිණෙන අවස්ථාවේ නැවත ඇයට දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ” සර් මම ප්‍රෙග්නට් , හෙට පොඩි පරීක්ෂණ වගයකට මහත්මයා එක්ක යන්න තියෙනවා, මට නිවාඩුවක් ගන්න පුළුවන් ද? ඒකයි මැසේජ් එකක් දැම්මේ, ඉතුරු මැසෙජ් එක එවන කොට ෆෝන් එක ඕෆ් වුණා” යැයි ඇය පවසා ඇත. ඔයාට විතරක් නෙමෙයි මටත් සතියක් විතර නිවාඩු ගන්න වෙලා තියෙන්නේ , ඇයි ඔයා , ඔය මැසේජ් එක පාර එවුවේ නැත්තේ. ඒකට කමක් නැහැ හෙට ඇවිත් මගේ නෝනා හම්බ වෙලා ඔය ටික කියනවා” යැයි පවසා ඇත්තේ කෙදිරියත් සමගය.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
අපූරු රෑ වැඩ මුරයක් කළ උපස්ථායිකාවක පිළිබඳ කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.
මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානය
පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව
රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ප්‍රෙග්නට් එස්.එම්.එස් එකෙන් බිරිද යකින්නියක් වෙලා