IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ අමුතු නැටුමකුත් නටලා

(උණවටුන ඩී.ජී. සුගතපාල)

රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි.  අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස අවුරුදු දාහතරකි. වසර කිහිපයකට පෙර අම්මා විදේශ රැකියාවකට ගොස් ඇති නිසා ඔවුන් ජීවත් වූයේ තාත්තා සමගය. මේ අක්කා නගෝ එම පළාතේ කලායතනයක සිසුවියෝ ද වූහ. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළේ මොනර නැටුමය. 

පළාතේ පෙරහරවලට ඔවුන්ගේ මොනර නැටුම අපූරු අලංකාරයක් එක් කළේය. පසුගිය දිනවල පැවති ඇසළ උත්සව පෙරහැරවලදී ද මේ මොනර පැටික්කියන්ගේ නැටුම දැක ගත හැකි විය. එසේ එක් ඇසළ උත්සවයක පෙරහරක නැටුමට පැමිණි අවස්ථාවේ අක්කා බොරු කකුල් නැට්ටුවකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගත්තාය. ඔහු ගාල්ල නගරාසන්නයේ ගමක පදිංචිකරුවෙකි.

පෙරහර අවසන් වීමෙන් පසු ගාල්ල බස් නැවතුම් පොළේදී ඔවුන් හමු වූ අතර ? බෝ වූ නිසා ඔහු අක්ක නාගෝ දෙදෙනා ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ගියේය. තාත්තා නිවසේ සිටියේය. දුව රැක බලා ගැනීමට තමාට හැකියාවක් නොමැති නිසා දුව රැගෙන යන ලෙස මේ අපූරු තාත්තා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එදින රාත‍්‍රී ඔහු ඇයගේ නිවසේ ගත කළේය. එහිදී වෙනදා පෙරහැරේ නටන බොරු නැටුම් වෙනුවට දෙදෙනා සැබෑවටම වෙනත් නැටුමක් නැටුවේය.

පසුදින තාත්තාගේ ආශිර්වාදය මැද ඔහු ඇය කැඳවා ගෙන යාමට සූදානම් විය. එහෙත් නංගි පැවසුවේ තමාට අක්කා නැතිව සිටීමට බැරි නිසා තමා ද එක්ක යන ලෙසය. ඒ අනුව අක්ක නගෝ දෙදෙනා ඔහු සමග පැමිණියහ. මේ අතර නංගිගේ පෙම්වතා ද එම නිවසට ආවේය.

එහෙත් වැඩි දිනක් ඔවුනට එසේ සිටීමට බැරි විය. කිසිවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද පණිවුඩයක් අනුව එම කොට්ඨාසයේ පොලිසිය පැමිණ බාලවයස්කාර පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට ගත්තේය. අක්කා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කර ඇත්තේ ඇය දුෂණය වී ඇති බවය. ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය පෙම්වත්හු දෙදෙනා සැප්තැම්බර් 9 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.

ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැවසුවේ වැඩිදුර පරීක්ෂණ ස්ත‍්‍රී දුෂණය සිදුව ඇති තංගල්ල කොට්ඨාසයේ අදාළ පොලිස් ස්ථානය වෙත බාර දීමට කටයුතු කරන බවය.

 



අදහස් (7)

පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ අමුතු නැටුමකුත් නටලා

ලුම්බිණි Tuesday, 29 August 2017 06:04 AM

මේ දෙන්නම පොඩි ළමයි. හරිම ශෝචනීයයි.

:       0       36

තුෂා Tuesday, 29 August 2017 09:26 AM

අම්මාගේ ආදරය, රැකවරණය නැතිව හැදෙන වැඩෙන ගැහැණු දරුවන්ගේ සෝචනීය තත්වය..."අම්මා නැතිකල... අප්පා කවරකල "

:       0       60

thamindu dulvan Tuesday, 29 August 2017 02:03 PM

ඔබේ මගේ දරුවන් ගැන හිතමු. මේ අහිංසක දරුවන්ට මඩ නොගහ ඉඳිමු.

:       0       88

pitigala Thursday, 31 August 2017 06:07 AM

තාත්තා අත්අඩංගුවට ගත යුතුයි. ප්‍රධාන වැරදිකරු ඔහුයි,

:       1       52

sachith Friday, 01 September 2017 06:18 AM

මේක විශාල සමාජීය ප්‍රශ්නයක්. මේ සිද්දියට මුහුණ දීපු ළමයිව ඉස්සරහට නිවැරදි මාවත පෙන්නන එක ඉතාම වැදගත්. නැත්නම් මේ ළමයින්ගේ ජීවිත නන්නත්තාර වෙලා ඉවර වෙන්නේ.

:       0       2

sanjeeva Friday, 01 September 2017 07:02 AM

මෙවැනි බුද්ධි මට්ටමක් තිබෙන රටක තත්වය මොකද්ද කියල අපි ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ එක කතාවක් පමණයි ..

:       0       102

gama Monday, 04 September 2017 04:52 AM

ඉතින් තුන් දෙනාම මොනර නටුමනේ නටලා තියෙන්නේ. ඇයි මේ කට්ටිය කුලප්පු වෙලා

:       30       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 52 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 768 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 776 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1138 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9458 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site