(කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර)
නිරෝධායන නීතිරීතිවලට පටහැනි අයුරින් රහසිගතව උපකාරක පන්තියක් පවත්වන බවට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලද තොරතුරක් මත කුලියාපිටිය හපුගම්මන ප්‍රදේශයේ නිවසකට ඉකුත් දිනෙක ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායමට දැකගත හැකිවූයේ අස්කර දමා තිබූ ඩෙස්පුටු කිහිපයකි.
මේ දිනවල තමන්ට ලැබෙන්නේ සත්‍ය තොරතුරු බවත් ඒ අනුව දුරබැහැර ගෙවා පැමිණි බවත් කොතෙකුත් පහදා දී සත්‍ය වශයෙන් උපකාරක පන්තියක් කළාදැයි දැන ගැනීමට උත්සාහ කළත් නිවෙස් හිමි කාන්තාව එය ප්‍රතික්ෂේප කළාය.
පසුව නිවසේ වෙනත් අය සිටීද යන්න විමසූ විට තම මල්ලී ඇති බව පැවසීමෙන් අනතුරුව වෛද්‍ය කාර්යය මණ්ඩලය ඔහු බැහැරට කැඳවන ලෙසට දැන්වීය.
එහිදී නිවෙස ඇතුලේ සිටින්නේ තම මල්ලී යැයි පැවසු එම කාන්තාව සර් යැයි අමතා කථා කිරීම හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුව ඇති දේ තේරුම් යන්නට වැඩි කාලයක් ගත නොවීය.
එහිදී අක්කා මල්ලීට සර් යනුවෙන් ඇමතීම මින් පෙර කවරදාකවත් නොඇසු බව පැවසූ වෛද්‍යවරු මේ දිනවල පවත්නා තත්ත්වය පිළිබඳව නැවතත් එම කාන්තාවට හා උපකාරක පන්ති කළායැයි කියන ගුරුවරයාට තරයේ අවවාද කළ අතර පවත්නා වසංගත උවදුර සමනය කර ගැනීමට සහය වන ලෙසට ඉල්ලීමක්ද කළහ.
එමෙන්ම එහි පැමිණි කුලියාපිටිය පොලිසියේ නිලධාරීන් ද මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට පාඩම් කළ හැකි අයුරු පහදා දුන්නේ එම නිවසේ එදින ගණිතය පාඩමට සහභාගි වූවායැයි කියන දරුවාද සමගින් කතාබස් කිරීමෙන් අනතුරුවය.
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසියට කොළේ වහන්න අක්කා මල්ලිට ‘සර්’ කියලා
Pradeep Saturday, 06 June 2020 05:07 AM
තරඟකාරී අධ්‍යාපන ක්‍රමය නිසා දෙමාපියන් කෙසේ හෝ තම දරුවා අනිකුන් අභිබවා යාමට තමයි සුදානම් කරන්නේ. සමස්ත අධ්‍යාපන ක්රමයේම වෙනසක් ඕන කියන්නේ ඒ නිසයි. උගතුන් බිහිවෙනවා නමුත් ප්‍රයෝගික දැනුමක් සහිත, සංවේදී මිනිසුන් බිහිවෙන්නේ නෑ.