අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පාලිත නිශ්ශංක මහතා රාජකාරි අවශ්‍යතාවක් සඳහා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු රථයෙන් අනුරාධපුර ඇල්ල හරහා කුරුණෑගල පාරේ ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයට පසුගියදා (28) සවස ගියේය. රථය පාර අයිනේ නවතා තිබිය දී අනුරාධපුර දෙස සිට පොලිස් නිලධාරීහු දෙදෙනෙක් තලාව දෙසට යතුරුපැදියකින් යමින් සිටියහ. ස්ථානාධිපති ඒ දෙස බලා සිටි අවස්ථාවේම තවත් යතුරුපැදියක් ඊට පිටුපසින් ආවේය. ඒ යතුරුපැදියේ ද දෙදෙනෙක් ගමන් කළහ. පිටුපස වාඩිවී සිටි තැනැත්තාට හෙල්මට් තිබුණේ නැත. යතුරුපැදිය පැදිකරුට හෙල්මටයක් තිබිණි. ඔහු එය ගලවා පසෙක තිබූ බහාලනයකට දැම්මේය. ඒ සමග යතුරුපැදියේ වේගය වැඩි කර ඉදිරියෙන් ගිය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදිය ද පසු කර යන්නට විය. පොලිස් ස්ථානාධිපති රථවාහන මාර්ග පරීක්ෂාවේ යොදවා සිටි පොලිස් යතුරුපැදියක නිලධාරීනට ගුවන් විදුලි සංඥා පණිවිඩයක් දී මෙම යතුරුපැදිය නවත්වා ගත්තේය. යතුරුපැදිය පොලිසිය බාරයට ගත් ස්ථානාධිපතිවරයා එය පැදවූ තැනැත්තාගේ රියදුරු බලපත්‍රය හා අනෙකුත් ලියකියවිලි පිරික්සුවේය. ඒවා නිසි ලෙස තිබුණත් යතුරුපැදිකරු බීමත්ව සිටි බව ස්ථානාධිපතිවරයාට සැකයක් ඇති විය. මේ නිසා ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් රථයට නංවා ගත්තේය. පොලිස් නිලධාරියා සමග වාද කරමින් රථයට ගොඩවී සිටි යතුරුපැදිකරු එක් වරම රථයේ අනෙක් පැත්තේ දොර ඇර එළියට පැන අසල වෙල් යාය හරහා දුවන්නට විය. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සැණෙකින් ඔහු පසුපස ලූහුබැඳ ගියහ. යතුරුපැදිකරු නිලධාරීන්ගෙන් බේරී යාමට උත්සාහ ගත්තේය. ඒ අතරතුර දී ඔහු ඇඳ සිටි සරම ගැලවී බිම වැටිණි. යට ඇඳුමක් නොමැතිවම උපන් ඇඳුමෙන් ඔහු දිවුවේය. ඒත් ඔහුගේ වේගයට වඩා පොලිසියේ දෙන්නාගේ වේගය වැඩි වූයෙන් ඔහු අල්ලා ගත හැකි විය. අවට සිටි බොහෝ පිරිසක් මෙම සිද්ධිය චිත්‍රපට දර්ශනයක් සේ දැක බලා ගත්හ. සැකකරුට පොලිස් ඇප නියම කර මුදා හැරි අතර අද (30) දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
අලෙවි කිරීමට තිබූ බෝංචි කරලක් කාපු නිසා තරුණයන් දෙදෙනකුට රුපියල් විස්සක් වෙළෙන්දාට දීමට සිදු වූ පුවතක් හාලිඇළ නගරයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
තමාගේ විවාහක සැමියා අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ බවට ඔප්පු කරන්නට ගිය අවට වැසියන්ට එම සැමියාගේ බිරිය දුන් උත්තරයෙන් රැස්ව සිටි පිරිසේ දත කට පූට්ටු
වැලැන්ටයින් දා මල් කලඹක් දී අනියම් පෙම්වතිය හමුවී පෙම් සුව විදින්නට ගිය විදුහල්පතිවරයකුට ගම්වාසීන් එක්ව පහර දුන් බවට තොරතුරක් වයඹ පළාතෙන් වාර්තා වෙය
පියාගේ පාදයක අසනීපයකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලුම සහ නිවසේ අාහාරයට පිසින ලද පළා මැල්ලුම මාරුවී අනුභව කිරීමෙන් අපුරු අකරතැබ්බකට මුහුණ පෑමට ලක්වු
අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි.
මී හරක් පට්ටියකට හිමිකම් කියූ කිරි ගොවියකුට ‘‘අමුඩය” අමතක වීම නිසා තම එකම පුතු අලුත විවාහ කර ගත් ලේලිය අමනාප වී නිවසින් පිටව ගිය අපූරු පුවතක් වැව් බැඳ
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පොලිසියට බියවුණ යතුරුපැදිකරු උපන් ඇඳුමෙන්ම පලාගිහින්
සජී Monday, 30 July 2012 10:07 AM
මටනම් ලැජ්ජාවේ බෑ අප්පා ....(ස)
සමන් Thursday, 02 August 2012 11:24 AM
මේවගේ දේවල් තමයි අපේ පොලිසියට කරන්න පුළුවං.. අපරාධකරුවන් පොලිසියට ගල්වලිනුත් ගහනවා.. අනේ කාලේ වනේ වාසේ...!!(නු)
යොහාන් Monday, 30 July 2012 10:31 AM
සමහර අය ඇදුම් ඇදගෙනත් නිරුවත් වැඩ කරද්දී මේකේ ඇති ප්‍රශ්නයක් නැහැ. (නි)
වරුණ Tuesday, 31 July 2012 02:11 PM
තුසිතටයි, කැතීටයි ඕනෑ නම් මගේ ඡායාරූපයක් එවන්නම්. (නි)
ජනක Monday, 30 July 2012 11:31 AM
අනුරාධපුරේ ඉන්න කාන්තාවන් භය වෙලා බලන් හිටියලු. (නි)
අකිල Tuesday, 31 July 2012 02:22 PM
මට නම් ලැජ්ජාවේ බෑ අප්පා ....
තුසිතා Monday, 30 July 2012 11:53 AM
මේ සිද්දියේ ඡායාරූප නැද්ද ? (දී)
කැතී Monday, 30 July 2012 05:21 PM
චිත්‍රපටියක් වගේ තියෙන්න ඇති නේද? ඡායාරූප නැද්ද අපිට බලන්න. (නි)
කමල් Tuesday, 31 July 2012 08:35 AM
ඔය නිශ්ශන්කටත් පිස්සු (දී)
ලක්ෂ්මන් Tuesday, 31 July 2012 08:56 AM
සරා ගොයියා හරි මිනිහා...(ස)
තුසිතා Tuesday, 31 July 2012 08:57 AM
සංජු , ඔයා දැන් ඔහොම කිව්වට , ෆොටෝ පෙන්නුවොත් ?(වි)
වසන්ත Monday, 30 July 2012 12:26 PM
අන්න ඒක නම් නියම පුවතක් (දී)
සන්ජීව Monday, 30 July 2012 12:45 PM
සරා ගොයියා ආයෙත් ඉපදිලාද දන්නේ නෑ....(ස)
ටෝනි Saturday, 22 September 2012 08:05 AM
"අනුරාධපුරයේ කාන්තාවන්ට හොද දර්ශනයක් බලාගන්න පුලුවන් වෙන්න ඇති." වරුණ, බදාගෙන කන්න ඕනෑ නැහැ. බෙදාගෙන කන්නත් එක්ක ඔන්න ඔහේ ඡායාරූප ටික අසැබි වෙබ් අඩවියක එකක දාන්න. මූණත් එක්ක දාන්න මතක ඇතුව හොදේ.! (නි)
සංජු Monday, 30 July 2012 08:17 PM
චී........ අනේ ඔයාලට ලැජ්ජා නැද්ද? (නි)
රුවන් Monday, 30 July 2012 01:53 PM
ආ.......... මේ තියෙන්නේ නිදිමත නැති ප්‍රවෘත්තියක්. (නි)
රිස්වාන් Monday, 30 July 2012 09:37 PM
මේක නම් ඇත්තක් වගෙයි නේද? (නි)
ලලිත් Monday, 30 July 2012 02:45 PM
මට නම් මේ මනුස්සයා එක්ක පුදුම තරහක් එන්නේ. ඇයි එයාට පොලිසියට වැඩිය වේගයෙන් දුවන්න බැරි වුණේ? (නි)
අමිල කටුනායක Monday, 30 July 2012 02:49 PM
ඔක්කොම වෙන්නේ දුප්පතුන්ට...(ස)
සුසන්ත Friday, 17 August 2012 02:28 PM
ඇදුම් නැතුව දුවන්නත් දැන් අවසරපත් ගන්න ඕනැද? (නි)
සහන් දසනායක Tuesday, 31 July 2012 08:42 PM
ඔහොම තමයි පොලිසියෙ කෙරුවාවල්.. (නු)
සමීර Wednesday, 01 August 2012 03:05 PM
අවුගාණේ අමුඩය වත් තිබුණා නම් මේ අකිලලාට, සජීලට ලැජ්ජා හිතෙන්නේ නෑනේ. (නි)