IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පොලිසියට බයේ ඇළට පැන්න කුඞ්ඩා මාට්ටු

දියේ ගිලී මියගියත් පොලිස් අත්අඩංගුවට නම් පත්විය නොහැකියැයි පැවසූ තරුණයෙක් පිළිබඳ පුවතක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ.
පොලිස් පිරිසක් මේ ගම්මානයට ගියේ මත්කුඩු උරන තරුණ පිරිසක් ඉන්නා බවට ලත් තොරතුරක් අනුවය.

සැකකරුවන් දෙතුන්දෙනකු අල්ලා ගත්තත් මේ කණ්ඩායමේ නායකයා අල්ලා ගැනීමට බැරිවිය. පිරිසේ නායක නිලධාරියා සැකකරුවන් සමග නිලධාරීන් පිටත් කර හැරියේ ඔවුන් ළඟ තබාගෙන සිටීම අපහසු නිසාය.

කණ්ඩායම බාර නිලධාරියා සගයකු සමග යද්දී තවත් සැකකරුවෙකු අල්ලා ගැනීමට හැකිවූ අතර පිරිසේ නායකයා වෙල් යායේ ඇනිකට් එක අසල කුඩු උරමින් ඉන්නා බව දැනගත් නිලධාරියා එහි ගියේය.

පොලිස් නිලධාරින් දෙන්නා දුටු ප‍්‍රධාන සැකකරු දිය ඇළට පැන්නේ පොලීසියෙන් ගැලවෙන්නටය. සිතුවාටත් වඩා ජල පහර සැර නිසා ඔහුට එහි රැුඳී සිටීම අපහසු විය. ඒ බව දුටු පොලිස් නිලධාරියා ජීවිතය බේරාගැනීමට නම් ගොඩට එන්නැයි ඔහුට කීවේය.

අනේ සර්, දියේ ගහගෙන ගිහින් මළත් ගොඩ නම් එන්න බැහැ. සර්ලා මට නඩු දානවනේ.

අනතුරුව පොලිස් නිලධාරියා ක‍්‍රියාත්මක විය. දියට පැන්නේය. සැකකරු අල්ලා ගොඩට ගෙන ආයේ ඔහුගේ දිවි බේරන අදහසිනි. ඔහු සිටි තැන තිබූ තහනම් මත්ද්‍රව්‍ය ආදියද බාරයට ගත්තේය. පොලිසියට ගෙනවිත් නඩුවක් පවරා අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

පොලිසියට බයේ ඇළට පැන්න කුඞ්ඩා මාට්ටු

අජිත් Sunday, 05 January 2014 06:36 PM

ගුණරත්නගේ කියමනට මාත් එකඟයි. (ත)

:       0       0

සමීර සාලින්ද Thursday, 02 January 2014 05:32 PM

කුඩු ව්‍යාපාරිකයන් ද අත්අඩංගුවට ගන්න. (ත)

:       0       0

සෑම් Thursday, 02 January 2014 06:20 PM

කුඩු උරන අය අල්ලනවා. කුඩු ගෙන්වන අය අල්ලන්නේ නෑ. (ත)

:       0       0

අසාද් Thursday, 02 January 2014 06:55 PM

කුඩු ගෙන්වන අයගෙන් වාසි තියෙන නිසාද දන්නේ නෑ අල්ලන්නේ නැත්තේ. (ත)

:       0       0

ගුණරත්න Thursday, 02 January 2014 07:39 PM

කුඩු ගෙන්වීමෙන් ඇතැම් දේශපාලනඥයන්ගේ මඩිය සරුවේ. කුඩු බොන වුන් අල්ලා දඩ ගැසීමෙන් රජයේ ආදායම සරුවේ. (ත)

:       0       0

සමන්ති Saturday, 04 January 2014 05:21 AM

කුඩු ගෙන්වන කෙනා පගාව දී ගොඩ යයි ලියුම් දෙන එකා නිදහසේ ගෙදර යයි . පොලිටික්කා කුඩු මුදලින් ඡන්දය දිනයි .කුඩු බොන එකා හිරගෙදරින් එලොවට යයි.(නදී)

:       0       0

ජානක Sunday, 05 January 2014 08:52 AM

පොලිසියට අහුවෙනවාට වඩා ගගේ පනිනවා හොදයි කියලා හිතෙන්න ඇති (දී)

:       0       0

කුමාරි Thursday, 02 January 2014 10:39 AM

උරණ යයි බෙදන යයි විතරක් නෙමේ මේ රටට ඔය ජරාව ගෙන්වන අපරාද කාරයෝ නවත්තන්න.(නදී)

:       0       0

සෙන්තිලන්තන් Friday, 03 January 2014 05:20 AM

කුඩු උරණ ඔය පොඩි අසරනයන්ව අල්ලන්නේ නැතුව,අල්ලන්නි ඕන ලංකාවට කුඩු තොග වශයෙන් පිටින් ගෙන්වන අයව. (අ)

:       0       0

කාලිංග Sunday, 05 January 2014 01:15 PM

අනේ අපේ රටට වෙච්ච දෙයක් (දී)

:       0       0

කසුන් කෞශල්‍යා Sunday, 05 January 2014 01:15 PM

මේ මිනිහට ගහල ඇඟේ ඈට කඩන්න තිබුනේ (දී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 04 January 2014 03:54 PM

ඔය වගේ අර කන්ටෙනේර් එක ගෙනාව අයවත් අල්ලන්නකෝ රාළහාමි.(නදී)

:       0       0

බමුණු Thursday, 02 January 2014 01:35 PM

අපි මොනවා කී වත් කුඩු ගහන එකා තමයි එකේ රස දන්නේ. එහෙම නේද ආයුබෝවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 312 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site