IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පොල් ගෙඩියක් ගන්න දෙහි ගෙඩියක් කඩේට හිලව් කරලා

හසලක සුනිල් ඒකනායක
පොල් ගෙඩියකට වඩා දෙහි ගෙඩියක මිල ඉහළ ගොස් ඇති නිසා දෙහි ගෙඩියක් දී පොල්ගෙඩියක් ගැනීමට ගැමියකුට සිදුවූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
 තිස්හය වැනි වියේ පසුවෙන ඔහු තිදරු පියෙකි. එදිනෙදා කුලියෙන් ජීවිකාව ගෙන යන මොහුට පෙර මෙන් කුලී වැඩ ද ප්‍රදේශයේ නොමැති හෙයින් දෛනික ජීවන ගමන ගෙන යෑමේදී සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය දෑ සපයා දීමේදී ද ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත.
 දිනක් ඔහුට කුලී වැඩක් නොලැබුණු හෙයින්  නිවෙසට වී කාලය ගත කිරීමට සිදුවිය. ඒ නිසා දිවා කාලයේ වත්තේ පිටියේ වැඩක යෙදී නිවෙසට එනවිට රැගෙන ආ ගොටුකොළ මිටිය රාත්‍රී ආහාරයට ගන්නට සකසන්නේ නම් කඩේට ගොස් දෙහි ගෙඩියක් ගෙන එන ලෙස බිරිඳ පැවසූ නිසා සන්තකයේ තිබූ එකම එක රුපියල් සියය සාක්කුවේ දමාගෙන ගමේ කඩේට ගියේය.


එළවළු කඩේට ගොස් දෙහි ගෙඩියක මිල අසන විට මොහුට දෙලොව රත්විය. කෙසේ හෝ දෙහි ගෙඩියක් නිවෙසට රැගෙන යා යුතු නිසා රුපියල් 80 ක් දී දෙහිගෙඩිය මිලට ගෙන නිවස බලා ගමන් කරන විට බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් කියැවුණේ එන විට පොල් ගෙඩියක්ද රැගෙන එන ලෙසයි. දැන් මොකද කරන්නේ. පොල් ගන්න කොහෙද සල්ලි අතේ තියෙන්නේ. අතේ තියෙන්නෙම රුපියල් 20 යි. මේකෙන් කොහොමද පොල් ගෙඩියක් තියා බෑයක්වත් ගන්න බැහැනේ. තමාටම කියා ගත් ඔහු නිවෙස බලා එන අතරේ තිබූ වෙනත් සිල්ලර කඩයකට ගොඩවුණේ පොල් ගෙඩියක් ණයට හෝ රැගෙන යෑමටයි.
 ‘අනේ මුදලාලි හරි වැඩේනේ. ගෙදර පොල් නැතිලු පොල් ගෙඩියක් ගේන්න කියා අපේ ගෙදර උන්දෑ කියනවා. රුපියල් සීයක් අරගෙන ගියා  දෙහි ගන්න. දෙහි ගෙඩියක මිල රුපියල් 80 ක් වුණා. දෙහි ගෙඩිය ගත්තම ඉතිරි වුණේ රුපියල් 20 යි. අනේ මුදලාලි හෙට සල්ලි දෙනකම් මට පොල් ගෙඩියක් දෙන්නකෝ’ ‘හා හා මම ණයට බඩු දෙන්නෑ කියලා උඹ දන්නේ නැද්ද? ණයට නම් ඉල්ලන්න එපා.’ යැයි ඔහු පැවසුවෙන් හා කමක් නෑ මුදලාලි. පොල් ගෙඩියක් කීයද?’ යැයි විමසා තිබේ. පොඩි ගෙඩියක් රුපියල් 65 යි. ලොකු එකක් රුපියල 80 යි. එහෙනම් මේ දෙහිගෙඩිය අරගෙන රුපියල් 65 හේ පොල් ගෙඩියක් දෙන්න යැයි කියා දෙහි ගෙඩිය මුදලාලිට දී පොල් ගෙඩියක් ​රැගෙන නිවෙසට ගිය ඔහු ‘කොහොමද වැඩේ. මට කඩේට දෙහි ගෙඩියක් දීලා පොල් ගෙඩියක් ගන්න වුණානේ. කොහොමද ගමේ දෙහි ගෙඩියේ මිල ඉහළ යෑම. පොල් ගෙඩියටත් වඩා ඉහළ ගිහින්නේ.’ යැයි සිද්ධිය බිරිඳට කීවේ ඔච්චම් සිනහවක්ද මුවේ රඳවා ගනිමිනි.



අදහස් (0)

පොල් ගෙඩියක් ගන්න දෙහි ගෙඩියක් කඩේට හිලව් කරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 709 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 735 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1109 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9433 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site