(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගයට එක්වූ තරගකරුවකුට අතරමගදී පොලි මුදලාලි හමුවීමෙන් පසු තරගය පසෙකලා වෙනත් මගක් ඔස්සේ නිවසට ගිය පුවතක් පසුගියදා වාර්තා විය.
නිතර පොලී මුදලාලිගෙන් ණයට ගන්නා පුද්ගලයෙකි. කලක සිට ණය ගෙවීම පැහැර හැර පොලී මුදලාලි මගහරින්නට ඔහු කටයුතු කළේ අතේ සතේ නැති නිසාය.
මේ අතර ගමේ අවුරුදු උත්සවයක් පැවැත්විණි. ගමහරහා දුවන තරගයට ඔහු ද එක් වූයේ එයින් මුල් තැන වත් ලබාගෙන තෑග්ගට හිමි කම් කියන අදහස ඇතිවය.
තරගයේ අඩක් පමණ අවසන්ය. කතා නායකයා පළමුවැන්නා ලෙස ඉදිරියට ඇදී යයි. හදිසියේ එක් වරම ඉදිරියෙන් පොලී මුදලාලි පා ගමනින් එනු ඔහු දුටුවේය. තරඟය අමතක විය අසලම තිබූ හරස් පාරට හැරුණු ඔහු වෙනත් මගක් ඔස්සේ නිවෙස බලා ගියේ ය.
තරග සංවිධායකයන් වික්ෂිප්ත වූයේ ජයග්‍රහකයා ජය පෙනෙන මානයේ සිටිය දී වෙනත් මගක යාමත් සමගය.
පොලී මුදලාලිට හසු වේ යැයි බියෙන් ඔහු වෙනත් මගක් තෝරාගත් බව පසුව සංවිධායකයන්ට දැනගන්නට ලැබිණි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලී මුදලාලි දැකලා මැරතන් ශූරයා කැලේ පැනලා