ඌරුබොක්ක - ඩී. ඒ. පතිරණ
යාළුවකුගේ දානේ ගෙදරකට යාමට සල්ලි නැතිව ඉඩමක හොරට පුවක් කැඩූ වයස අවුරුදු 19, 20, 21 වයස්වල පසුවන තරුණයක් තිදෙනකු අත්අඩංගුවට ගත් බවට ඌරුබොක්ක පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙංගමුව දාබෝගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 21 ක තරුණයන් දෙදෙනකු සහ පස්ගොඩ මීරන්පොළ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයකු ඇතුළු තිදෙනකු බවට පොලිසිය පවසයි.
තරුණයන් තිදෙනා යතුරු පැදි දෙකකින් මෝලොග්ගමුව ප්‍රදේශයේ යහළුවකුගේ නිවසේ දානමය පින්කමකට සහභාගිවීම සඳහා පිටත්ව ඇත. පින්කම් ගෙදරට මොනවා හෝ රැගෙන යාමට අවශ්‍ය වුවත් ඒ සඳහා තිදෙනා ළගම මුදල් තිබී නැතිව සිටියදී මුදල් සොයා ගැනීම සඳහා තරුණයන් තිදෙනාම එක්ව අසල ඉඩමකට පැන පුවක් කඩා ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.
එක් තරුණයකු ගසකට නැග පුවක් කඩාගෙන බසින අතරතුර ඉඩමේ අයිතිකරු පැමිණිමත් සමගම ඒ අවස්ථාව වනවිට කඩා තිබූ පුවක් ගෙඩි තුන්දහසක පමණ ප්‍රමාණයද දමා ඔවුන් පලා ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
මේ අතරතුර ඉඩම් හිමිකරුට පලා ගිය එක් අයෙකුගේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් බිම වැටී තිබි හමු වී ඇති අතර එම කොළයත් රැගෙන ඉඩමේ හිමිකරු පොලිසියට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය පුවක් හොරුන් සොයා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළේය.
ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍රය හිමි පස්ගොඩ මීරම්පොළ ප්‍රදේශයේ පදිංචි තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පුවක් කැඩීමට පැමිණ පලා ගිය අනිත් තරුණයන් දෙදෙනා පිළිබඳවද තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. උරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.පී.ඩබ්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පතිරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
අත්අඩංගුවට ගැනුණු තිදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුවක් හොරාම ඔත්තුවක් දී පැන ගිහින්
Pradeep Kumara Monday, 04 September 2023 02:53 PM
මොවුන්ට දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න ඕනෑ. බැංකුවක්වත් කඩලා සල්ලි ගන්නේ නැතුව මේ වගේ 2.50හේ හොරකම් කරලා අපේ මේ ධර්මද්වීපය ලෝකයා ඉදිරියේ හෑල්ලු කරනවාට...