තම නිරුවත වසා ගැනීමට මානාපඳුරක් බදාගෙන පූස් පැටවෙකු සෙවූ අයෙකුට තම උපන් ඇඳුමෙන් පැන දුවන්නට සිදුවූ අපූරු කතාවක් කහටගස්දිගිලීය සහ ගලෙන් බිඳුනුවැව අතර පිහිටි පිටිසරබද සුන්දර ගමකින් අසන්නට ලැබුණි.
මැදි වයසේ පසුවුණු ඔහු, මස් මාංශ නොමැතිව ආහාර ගත්තේ නම් එය ඉතා කලාතුරකින් සිදුවුණු දෙයකි. ඒ තරමටම ඔහු මස් මාංශ කෙරෙහි දැඩි තණ්හාවක් දැක්වූ තැනැත්තෙකි. තැන නොතැන නොබලා මස් මාංශ ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් දෙපාරක් නොසිතා කිරීමට පෙලඹෙන හදිසි කාරයෙකි.
ඔහු සහ ඔහුගේ බිරිඳ ගොවිතැන් කරමින් ජීවත් වෙන අතර ඔවුන්ගේ හේන පිහිටා තිබුණේ කුඩා වැවක් ඉස්මත්තේය. මෙම කුඩා වැවට යෑම් ඊම් සිදු කරන්නේ වැඩිපුරම මෙම අඹු සැමි යුවළ පමණක් වීම ද විශේෂත්වයකි. කැලෑව මැදින් වැටී ඇති අඩි පාරක් ඔස්සේ මෙම වැව පසුකරගෙන ඔවුහු තම හේනට යති.
දිනක් බිරිඳ හේනේ වැඩ කරමින් සිටිය දී සැමියා හේනෙන් පිටත්ව ගියේ ඇයට හේනේ ටික වේලාවක් වැඩ කර නිවසට එන ලෙස දන්වමිනි.
‘‘ගෙදර යන ගමන් මාළුකුරියෙක් දෙන්නෙක් අල්ලාගෙන ගියා නං හොඳයි”. යයි සිතමින් වැව අද්දරට ගොස් වටපිට බලා ඇඳ සිටි සරම ගලවා එතැන තබා උපන් ඇඳුමෙන් වතුරට බැස්සේය.
සිතූ පරිදි වතුරේ තිබූ ගස්වල මුල් අස්සේ සිටි මාළු කීප දෙනෙකු අල්ලා ගත් ඔහුට හදිසියේ ශරීර කෘත්‍යයක් කර ගැනීමට අවශ්‍ය වී කැලයට රිංගුවේය.
මේ අල්ල පනල්ලේ බිරිඳ දරමිටියක් හිස තබා කැලේ මැදින් හේනේ සිට ගෙදරට එමින් සිටියාය. සැමියාගේ සරම මග වැටී ඇති අයුරු දුටු ඇය සරම ද රැගෙන නිවසට ගියාය.
කැලේට රිංගා ශරීර කෘත්‍යය සිදු කිරීමෙන් පසුව එළියට පැමිණි සැමියාට සරම නැති බව වැටහුණි. දැන් ඉතින් කුමක් කරන්නද සිතා හෙමින් හෙමින් ඈත මෑත විපරම් කර බල බලා කවුරුන් හෝ ඉදිරියට හමුවේවිදෝ සැකෙන් සහ බියෙන් උපන් ඇඳුමෙන් ඉදිරියට ගමන් කළේය.
මේ අතර තරුණ වයසේ පසුවුණු එම ගමේම තරුණියෝ දෙදෙනෙක් කුමක් හෝ කටයුත්තක් සඳහා වැව දෙසට එමින් සිටියෝය.
නිරුවතින් ඉදිරියට ඇදෙන මාළු වැලක් අතේ එල්ලාගෙන සිටි මේ මාළුකාරයා ඉදිරියෙන් එන තරුණියන් දෙදෙනා දැක තම නිරුවත වසන් කර ගැනීමේ අරමුණින් පාර අයිනේ උසට වැවී තිබුණු මානා පඳුරක් මැදට පැන බිම වාඩි වී කිසිවක් සොයන ආකාරයේ රංගනයක යෙදුණේය.
‘‘ළඟට ආ තරුණියන් දෙදෙනා” මාමා, මොනව ද හොයන්නේ ?” යැයි විමසීය.
‘‘බලන්න දුවේ, හරි වැඩේනෙ මට වුණේ, අපේ ගෙදර හුරතලේට ඇති කරන පූස් පැටියා, මේ පඳුරට පැන්නා නොවැ .මේකා දැන් හැංගිලා. ඒකයි මං මේ හොයන්නෙ.”යැයි පැවසීය.
තරුණියන් දෙදෙනා ද ඔවුන් ආ කාරිය මොහොතකට අමතක කර පඳුර වටේ කරකැවෙමින් පූස් පැටියා අල්ලා ගැනීමට උදව් කළෝය.
‘‘එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගං” කීවා සේ පූස් පැටියා සෙවූ අපගේ උපන් ඇඳුම්කාරයා තම අතේ තිබූ මාළු වැලද විසිකොට මානා පඳුරෙන් එළියට පැන, ‘‘පණ එපා” කියා දුවන විලාසයෙන් පිම්මට දෙකට තරුණියන්ගේ ඇස් හතරෙන් බේරී සැඟවී ගියේය.
තරුණියෝ දෙදෙනා කාරණය වටහාගෙන , සිනහව එළියට පෙනීම වැළැක්වීම සඳහා අතින් මුව වසාගෙන ඔවුන් ආ කාරිය කරගෙන යළි ගමට ගොස් මෙම ප්‍රවෘත්තිය විශ්වාසවන්ත කීප දෙනෙකුට විකාශය කළෝය.
දැන් ඔහු හමුවන විට ගමේ කොල්ලෝ කුරුට්ටන් කොහේ හෝ සැඟවී සිට හඬ නගා ‘‘ඥාව් ඥාව්” යනුවෙන් පූසෙකුගේ හඬ අනුකරණය කරන විට අප උපන් ඇඳුම් කාරයා එම කොල්ලෝ කුරුට්ටන්ගේ ‘‘වැදූ මෝ” සරුප වචනයෙන් සිහිපත් කරනවාලු.
කැබිතිගොල්ලෑව
හේමන්ත රණසූරිය
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පූස් උපාය වැරදී උපන් ඇඳුමෙන් දුවලා