IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පහන පත්තු කරන්න පොල්තෙල් නොදුන්නාට නැන්දම්මා ​-ලේලි පොරයක

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
නිවෙස ඉදිරිපිට මිදුලේ තනා ඇති බුදු මැදුරේ පහන පත්තු කිරීමට ලේලිය පොල් තෙල් ගෙනත් නොදුන්නා යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවක බුදු මැදුර ඉදිරිපිට යකා නටා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 73 හැවිරිදි වයෝවෘද්ධ සිවුදරු මවක් තෙවැනි පිරිමි දරුවාගේ නිවසේ පදිංචිව සිටින්නීය. මෙම සිවු දරු මවගේ වැඩිමල් පිරිමි දරුවා පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටියි. දෙවැනි ගැහැනු දරුවා ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙක් සමග විවාහ වී ගම්පොළ පදිංචිව සිටින්නීය. තෙවැනි පිරිමි දරුවා ඔහුගේ බිරිය දරුවන් දෙදෙනා සමග වයෝවෘද්ධ කාන්තාව කෑගල්ලේ මහගෙදර නිවසේ පදිංචිව සිටියි. බාල ගැහැනු දරුවා වරකාපොළ, අඹේපුස්ස ප්‍රදේශයේ පුද්ගලයකු සමග විවාහ වී එකී නිවසේ පදිංචිව සිටින්නීය.


මෙම දෙදරු පියා මීට වසර 4කට පමණ ඉහතදී සෞදි රාජ්‍යයේ රැකියාවකට ගියේය.


ඔහු විදේශ ගතවන අවස්ථාවේ දී බිරිඳට කියා සිටියේ සිය වයෝවෘද්ධ මවගේ අවශ්‍යතා සපුරාලමින් දරු දෙදෙනා ද රැක බලා හදාගෙන ජීවත් වන ලෙසය.


වයෝවෘද්ධ කාන්තාව ලේලිය හා දරුවන් දෙදෙනා සමග ජීවත් වෙමින් සිටින අවස්ථාවේ දී සෞදි රාජ්‍යයේ සේවය කරන පුතා දිනකට හෝ දෙකකට වරක් ස්කයිප් මාර්ගයෙන් නිවසේ පදිංචි සියලු‍ දෙනා සමග කතා බහ කොට විශේෂයෙන්ම මවගේ ද සුව දුක් ද විමසීය. එහිදී විදුලි කාර්මික ශිල්පී දෙදරු පියා මුදල් එවූ සෑම අවස්ථාවකදීම බිරිඳට නිතරම කියා සිටින්නේ සිය මවගේ අවශ්‍යතා සොයා බලා නොපිරිහෙලා ඉටු කර දෙන ලෙසය.


 නිවස ඉදි කරන අවදියේ දී මවගේ බලවත් ඉල්ලීමට නිවෙස ඉදිරිපිට අලංකාර බුදු මැදුරක් තනා දී තිබුණි. මෙම බුදු මැදුරට සෑම දිනකම සවස 6ට වයෝවෘද්ධ කාන්තාව මල්පහන් පූජා කරන්නීය.


ඉකුත් දිනක සවස වයෝවෘද්ධ කාන්තාව ලේලියට කියා ඇත්තේ ‘‘අදට පහන පත්තු කරන්න පොල් තෙල් තියෙනවා හෙට පහන පත්තු කරන්න පොල් තෙල් නෑ. පොල් තෙල් ටිකක් හෙට ගෙනත් දෙන ලෙසයි. පසු දා උදේ ද කීප අවස්ථාවකදීම පොල් තෙල් ටිකක් ගෙනත් දෙන්න යැයි ලේලියගෙන් ඉල්ලීම් කර ඇති බවත් වාර්තා වෙයි. කෙසේ වෙතත් සවස හය පහු වෙනකම්ම නිවසේ තිබුණු වැඩ නිසා පොල් තෙල් ටිකක් ගෙනත් දෙන්නට ලේලියට නොහැකි විය.


 මෙම මහලු මව මල් වට්ටියක් කඩාගෙන බුදු මැදුරට මල් පූජා කරන්න ගිය අවස්ථාවේ දී පොල් තෙල් ගෙනත් නොදුන්නා යැයි දොස් පවරා මල් වට්ටිය පූජා කර ලේලියට බැණ වදිමින් බුදු මැදුර ඉදිරිපිට අසල්වැසියන්ටත් ඇසෙන්නට යකා නටා ඇතැයි වාර්තා වේ.

 



අදහස් (2)

පහන පත්තු කරන්න පොල්තෙල් නොදුන්නාට නැන්දම්මා ​-ලේලි පොරයක

himal Wednesday, 01 September 2021 10:52 AM

මේක පත්තරේ දාන්න තරම් දෙයක්ද?

:       0       18

chana Wednesday, 01 September 2021 03:05 PM

මෛත්‍රී භාවනාව වඩන්න ඇති....

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 300 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 547 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 583 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 688 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 680 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1105 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site