බලංගොඩ – වයි.ඵ්.ඵස්. වීරවංශ
මෙය බලංගොඩ ප්‍රදේශයේ සිදුවු අපුරු සිදුවීමකි.
හෙතෙම ගොවි මහතෙකි. කුඹුරු ගොවිතැන මෙන්ම ගොඩ ගොවි තැනද කර ගෙන ගියේය. දිනක් සිය බිරිඳට පැවැසුවේ කුඹුරට පොහොර දැමිය යුතු බවයි. එහෙත් තමන් අත ඊට අවශ්‍ය මුදල් නොමැති බව ඔහු සඳහන් කළේය.
මගේ ළඟ රුපියල් 500ක් ඇති. ඒක දෙන්නම් කුඹුරට පොහොර ටික දාන්න ටවුමට ගිහින් පොහොර අරගෙන එන්න මම දවල් වෙනකොට තේ ටිකක් අරගෙන එන්නම් සිය බිරිඳ ළෙන්ගතුව කීවාය.
ඔහු පොහොර රැගෙන ඒමට හිස් පොහොර උරයක් රැගෙන නිවසින් පිටවිය. නගරයට යා යුත්තේ වතු කම්කරුවන් ජීවත් වන නිවාස පේළියක් හරහාය. එම නිවාස ඉදිරිපිට කොල්ලෝ කුරුට්ටෝ එක් වී බූරුවා ගසමින් සිටියහ. පොඩි ඔට්ටුවක් දාල බලන්න ඕනි ඔහු තනිවම සිතුවේය.
ඒ අනුව රුපියල් 100 ක ඔට්ටුවක් ඇල්ලුවේය. ඒ ඔට්ටුව ඔහුගේ වාසියට හැරිණි. දැන් අතේ රුපියල් 600.00 කි. මේ සැරේ 500 ක් අල්ලන්න ඕනි. ඒ ඔට්ටුව ඔහුගේ අවාසියට හේතු විය. දැන් අතේ ඇත්තේ රුපියල් 100 කි. ඕන එකක් මේකත් අල්ලනවා ඒ අනුව එම රුපියල් 100 ද ඇල්ලුවේය. එයද ඔහුගේ අවාසියට හේතු විය.
පොහොර රැගෙන ඒමට ගෙන ආ මුදල් සියල්ලම බූරුවා ගසා පරාද විය.
දැන් ගෙදර උන්දෑ කුඹුරට තේ අරගෙන ඇවිල්ලත් ඇති ඔහුගේ ඉහමොළ රත්විය.
කමක් නැහැ කුඹුරට ගිහින් බලමු. අම්මෝ මගේ වාසනාව ගෙදර උන්දෑ තවම ඇවිල්ල නැහැ.
ඊට ටික වෙලාවකට පසු සිය බිරිඳ තේ රැගෙන කුඹුරට පැමිණියාය.
ඔහු වහාම හිස් පොහොර උරය වතුර ඇළේ එබුවේය. පොහොර දාල ඉවරද? බිරිඳ ඇසුවාය. ඔව් මේ කවරෙ හෝදනවා යූරියා නිසා කුඹුරට දාපු ගමන් දිය වෙනවා ඔහු කීවේය.
එහෙනම් තේ බොමු. ඒ අනුව සිය බිරිඳ රැගෙන ආ රොටි සහ කහට තේ පොල් කටුවකට දමා ඔහු බිමට පටන් ගත්තේය.
බලන්න ඔයා හරියට මහන්සි වෙනවා කියමින් සිය බිරිඳ තම ස්වාමියාගේ හිස අතගෑවේය.
ඔහු කිසිවක් නොකියා රොටියම ගිල දැමුවේය.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පොහොර සල්ලි සූදුපොළට පුදලා
Pradeep Kumara Thursday, 24 October 2024 10:31 AM
මේක 80 දශකයේ සිදු වූ සිදුවීමක් වෙන්න ඇති. නැත්නම් රු. 500ට කුඹුරකට ගහන්න යූරියා පොහොර ගන්නෙ කොහොමද?
Nilantha Friday, 25 October 2024 10:40 AM
රු.500 ට පෝර කිලෝ එකක් ගන්න පුළුවන්... කුඹුරට නෙමේ වෙන මොහොකට හරි දාන්න පෝර ගේන්න ගිහින් තියෙන්නේ...!
Lalla Friday, 01 November 2024 07:39 AM
පොහොර සහනාධාරයට වෙන දේ මේකම තමා. අරක්කු සහ ගෘහ පරිභෝජනයට ගැනීම...